[FONT="]සමහරුන් පින හා කුසල් යන්න එකක් ලෙසත් සමහරුන් මේ දෙක දෙකක් ලෙසත් දක්වයි. ඇත්තටම මේ පින හා කුසල් යන්න එකක්ද? නැත්නම් වෙනස් ධර්ම දෙකක්ද? [/FONT]
[FONT="]"යමෙක් පිනක් කරගන්නේ නම් නැවත නැවතත් ඒ පින කරගත යුතුය. පින කරගන්නේ නැති විටදී කුසලස්කන්ධය සිතිය යුතුයි. ඒ මක් නිසාද යත් කුසලධර්මයන් නැවත නැවත රැස් කර ගැනීම් සැප රැස් කර ගැනීමක් වන බැවිනි." [/FONT]
[FONT="]
සමහරු පින යනු සිත පිනවීම ලෙස දක්වයි. නැත්නම් දිව්‍ය මනුෂ්‍ය ලෞකික සැප ලැබීම සඳහා කරන දේ ලෙස දක්වයි. සිත පිනවන ගතිය ලෝභ සහිත වූ සිත්වලද පවතී. නමුත් එය බුද්ධ දේශනාවට අනුව නම් පින යනු කය නොව සිත පිරිසිදු කිරීමයි. පිනේ බලයෙන් ඒ පින නිතර සිහි කරන විටදී ලැබෙන පින් විපාක පිරිසිදු කර දේ. එය හරියට පහනක් දැල්වෙන විට ඉන් එළිය පැතිරෙන්නා මෙනි.[/FONT]
[FONT="]
කුසල් කියන්නේත් මේකමද? සමහරු කුසල් කියන්නේ නිර්වාණගාමී යහපත් දේ පමණක් යයි කියයි. නමුත් බුද්ධ දේශනාවට අනුව මෙය නිවැරදි නොවේ. ඒ අනුව කුසල් යන්නේ අර්ථය වන්නේ වෙනකක් නොව කෙලෙසුන් නැති කරන්නා වූ ධර්ම ස්වභාවය කුසලය යි. එය හරියට පහනකින් එළිය විහිදෙන විට අඳුර නැති කරන්නාක් මෙනි. [/FONT]
[FONT="]
මේ අනුව පින හා කුසල් යනු පැහැදිලිවම ධර්ම දෙකක් බව පැහැදිලිය.
උදාහරණයකින් කියන්නේ නම් පහන දැල්වූ විට ඉන් එළියක් පැතිරේ. ඒ පැතිරෙන එළිය නිසා අඳුර නැති වෙයි. මේ අනුව පහනේ එළිය නිසා කරුණු 2ක් සිදු වෙන බව පැහැදිලිය.[/FONT]
[FONT="]
සිත පිරිසිදු වන සිතිවිලි වලට පින් කියා කියන අතර ඒ හිත් වල නීවරණ ධර්ම යටපත් කිරීමට හැකිවන්නා වූ සිත් වලට කුසල යයි කියයි. [/FONT]
[FONT="]
කෙසේ වෙතත් මේ ධර්ම දෙකම එනම් පින හා කුසල යන දෙකම අපට නිවන් දැකීම සඳහා රැස් කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ බව සිත්හි තබා ධාර්මිකව ධර්මයේ හැසිරෙන්න. සම්මා දෘෂ්ටිය ඇති කර ගන්න. [/FONT]



