පිපුණු ගිනි මල

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පිපුණු ගිනි මල

    මේ ගීතයේ පද වැල් වලට පාදක වන කතා නායකයා විශ්‍යවිද්‍යාලයක කථිකාචාර්ය වරයෙක්,, මේ කථිකාචාර්යවරයා දවසක් එයාගේ කාර්යාලීය කාමරයේ කාමරේ දොරත් ඇරගෙන තවත් මිතුරෙකු සමග ඉන්න අතරේ කාමරය ඉස්සරහ කොරිඩෝවේ ඇවිදගෙන යනවා සුන්දර යුවතියක් කථිකාචාර්යවරයත් ඔහුගේ යාලුවත් මේ යුවතියව දකින්නේ මේ කාමරේ දොරෙන් පෙනෙන සිමාවේ විතරයි.. ඔඋන්ගේ කාමරය පසු කරගෙන යන මේ සුන්දර කාන්තාව නැවතත් ආපස්සට පියවර තියල ඔඋන්ගේ කාමරය දිහා බලලා ඔඋන් දෙදෙනාට සිනසි නැවත යන්න යනවා..:love::love::love:

    මේ කථිකාචාර්යවරයා ලගම තිබුණු කොළයත් පෑනත අරගෙන ලියනවා පද හතරක්


    ගිනි මලක් පිපුනාය දොරකඩ..
    වරක් නොව තව වතාවක්..
    සඳක් සේ දිලිසුනා පුරපස..
    පිපුනි දොරකඩ රන් මලක්..


    ඔහු මෙම සුන්දර කාන්තාව ගිනි මලකටත් ඇයගේ සුන්දර සිනහව පුර හන්දකටත් උපමා කිරීමට තරම් මේ සිදුවීම
    ඔවුන්ගේ හිත් වලට දැනෙනවා..:love::love:

    ඊළගට මොහු කියනවා.,
    ඔවුන් කාමරයේ සීමාවට කොටුකරලා... එම යුවතියගේ මුහුණේ සිනහවක් තිබුන බොහොම පොඩි වෙලාවකට.. එත් ඒ සිනහවට පුළුවන් උනා කොටුකරලා තිබුන සිමාවන් කඩ බිද දාලා ඔඋන් දෙදෙනාව අනන්තය දක්වා රැගෙන යාමට...:love::love:

    මදහසක් දිලිසීය මුව අග..
    නිමේශයකට කඩ ඉමක් ඇඳ..
    නමුදු ඒ හස කඩා කඩඉම..
    ගෙන ගියා අප අනන්තය වෙත...



    අපේ හිත නොසන්සුන් කරපු අපේ හිත කලබපු ඒ නිල් ඇස් දිහා
    බලලා අපි සැනසෙන අතරේ ඒ යුවතිය පියවරක් තියල යන්න ගියා...:love::love:

    දුටිමි අප ඇගේ ඇසි පියන් යට...
    දෙසිත කැලැබූ නිල උපුල් යුග...
    දැවී දැවී සැනසුන අප සිත්...
    තැබී ඇ තව පියවරක් දුර....


    මේ ගීතයේ කතානායකයා, කථිකාචාර්ය ධම්ම දිසානායක මේ එතුමාගේ සැබෑ ජිවිතයේ සිද්ද වෙච්ච කතාවක් එදා ඔහුගේ පැන් තුඩින් ලිය උණු

    ගිනි මලක් පිපුනාය දොරකඩ..
    වරක් නොව තව වතාවක්..
    සඳක් සේ දිලිසුනා පුරපස..
    පිපුනි දොරකඩ රන් මලක්..

    මේ පද හතර තමයි පස්සේ ගීතයක් බවට පරිවර්තනය වෙලා කිත්සිරි ජයසේකර කියන ගායකයාගේ හඩින් අපි රස විදින්නේ..




    Gini_Malak_Pipunaya_Dorakada_Kithsiri.jpg






    MP3

    http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=953


    GUITAR CHORDS

    http://www.chords-lanka.com/song_view.php?song_id=1041



    :nerd::nerd::nerd::nerd:සුබ දවසක් වේවා අපි ගියා එහෙනම්..:nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: rcccc