පිබිදෙන තරුවකගේ ඝාතනය
සංජන ප්‍රනාන්දු විසින්
මිහින් ලංකා ගුවන් සේවයේ කාර්ය සාධනය පිළිබඳ අතීත දත්ත විශ්ලේෂණයකින් පෙනී යන්නේ එය නිරෝගී වර්ධනයක් ලැබූ ඉතා සාර්ථක වර්ධනීය ගමන් මාර්ගයක් සහිත වූ තරුණ සමාගමක් බවයි.
2007 දී ආරම්භ කළ මිහින් ලංකා ආයතනයෙහි ගුවන් මගීන් ප්‍රමාණයෙහි සංයුක්ත වාර්ෂික වර්ධන වේගය 14% ක් විය. සංයුක්ත වාර්ෂික වර්ධන වේගය මඟින් නිශ්චිත කාලයක් පුරා සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය පෙන්නුම් කරයි. 2008 වසරේදී දී 200,000 ක් පමණ වූ මගීන් සංඛ්‍යාව, 2016 වනවිට 600,000 පමණ දක්වා සෑම වසරකම සාමාන්‍යය 14% ක තිරසාර වේගයකින් වර්ධනය විය.
2012 සිට 2016 දක්වා වසර 5 තුල ආදායම 23% ක සංයුක්ත වාර්ෂික වේගයකින් ඉහළ ගොස් ඇති අතර 2016 වසරේ ආදායම රුපියල් බිලියන 12 ක් විය. සංසන්දනාත්මකව බලන කල එම කාලසීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන්සේවය වාර්තා කළේ 2% ක වර්ධනයකි.
ඉන්ධන මිල ඉවත් කළ මෙහෙයුම් පිරිවැය (කළමණාකරණයේ කාර්යක්ෂමතා දර්ශකයකි ) ආදායමේ ප්‍රතිශතයක් ලෙස 80% ට වඩා අඩු අගයක පැවති අතර එය තවදුරටත් අඩු වෙමින් පැවතුනි. එයින් පෙනී යන්නේ මිහින් ලංකා ගුවන් සේවය හොඳ මෙහෙයුම් විනයකින් පවත්වාගත් බවයි.
දළ ඉපැයුම් (EBITDA) සහ ශුද්ධ ලාභය වර්ධනය කැපී පෙනෙන ප්‍රගම්‍ය ලක්ෂණ පෙන්නුම් කළ අතර, මිහින් ලංකා හට 2019 දී ලාභ ලබන තත්වයට ලඟාවීමේ හැකියාවක් තිබුනි.
ධනාත්මක ලක්ෂණ
මගීන්ගේ වර්ධනය - 14%
ආදායම වර්ධනය - 23% (ශ්‍රී ලංකන් ගුවන්සේවයේ වර්ධනය 2%)
ඉන්ධන පිරිවැය ඉවත් කළ මෙහෙයුම් පිරිවැය - 80%
දළ ඉපැයුම් අනුපාතය - ඍණ 9% සහ 2019 දී ලාභ ලබීමේ හැකියාව
මිහින් ලංකා වෘත්තාන්තය - පිබිදෙන තරුවකගේ ඝාතනය - සංජන ප්‍රනාන්දු විසින්
මිහින් ලංකා ගුවන් සේවයේ කාර්ය සාධනය පිළිබඳ අතීත දත්ත විශ්ලේෂණයකින් පෙනී යන්නේ එය නිරෝගී වර්ධනයක් ලැබූ ඉතා සාර්ථක වර්ධනීය ගමන් මාර්ගයක් සහිත වූ තරුණ සමාගමක් බවයි
එසේනම් ඔවුන් එය "මරා දැමුවේ" ඇයි ? එය ඊර්ෂ්‍යාවද? නැතහොත් තවත් දුෂ්ඨ අරමුණකින්ද?