පිබිදෙන තරුවකගේ ඝාතනය

පිබිදෙන තරුවකගේ ඝාතනය

මිහින් ලංකා වෘත්තාන්තය - පිබිදෙන තරුවකගේ ඝාතනය - සංජන ප්‍රනාන්දු විසින්

මිහින් ලංකා ගුවන් සේවයේ කාර්ය සාධනය පිළිබඳ අතීත දත්ත විශ්ලේෂණයකින් පෙනී යන්නේ එය නිරෝගී වර්ධනයක් ලැබූ ඉතා සාර්ථක වර්ධනීය ගමන් මාර්ගයක් සහිත වූ තරුණ සමාගමක් බවයි

එසේනම් ඔවුන් එය "මරා දැමුවේ" ඇයි ? එය ඊර්ෂ්‍යාවද? නැතහොත් තවත් දුෂ්ඨ අරමුණකින්ද?

සංජන ප්‍රනාන්දු විසින්

මිහින් ලංකා ගුවන් සේවයේ කාර්ය සාධනය පිළිබඳ අතීත දත්ත විශ්ලේෂණයකින් පෙනී යන්නේ එය නිරෝගී වර්ධනයක් ලැබූ ඉතා සාර්ථක වර්ධනීය ගමන් මාර්ගයක් සහිත වූ තරුණ සමාගමක් බවයි.

2007 දී ආරම්භ කළ මිහින් ලංකා ආයතනයෙහි ගුවන් මගීන් ප්‍රමාණයෙහි සංයුක්ත වාර්ෂික වර්ධන වේගය 14% ක් විය. සංයුක්ත වාර්ෂික වර්ධන වේගය මඟින් නිශ්චිත කාලයක් පුරා සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය පෙන්නුම් කරයි. 2008 වසරේදී දී 200,000 ක් පමණ වූ මගීන් සංඛ්‍යාව, 2016 වනවිට 600,000 පමණ දක්වා සෑම වසරකම සාමාන්‍යය 14% ක තිරසාර වේගයකින් වර්ධනය විය.

2012 සිට 2016 දක්වා වසර 5 තුල ආදායම 23% ක සංයුක්ත වාර්ෂික වේගයකින් ඉහළ ගොස් ඇති අතර 2016 වසරේ ආදායම රුපියල් බිලියන 12 ක් විය. සංසන්දනාත්මකව බලන කල එම කාලසීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන්සේවය වාර්තා කළේ 2% ක වර්ධනයකි.

ඉන්ධන මිල ඉවත් කළ මෙහෙයුම් පිරිවැය (කළමණාකරණයේ කාර්යක්ෂමතා දර්ශකයකි ) ආදායමේ ප්‍රතිශතයක් ලෙස 80% ට වඩා අඩු අගයක පැවති අතර එය තවදුරටත් අඩු වෙමින් පැවතුනි. එයින් පෙනී යන්නේ මිහින් ලංකා ගුවන් සේවය හොඳ මෙහෙයුම් විනයකින් පවත්වාගත් බවයි.

දළ ඉපැයුම් (EBITDA) සහ ශුද්ධ ලාභය වර්ධනය කැපී පෙනෙන ප්‍රගම්‍ය ලක්ෂණ පෙන්නුම් කළ අතර, මිහින් ලංකා හට 2019 දී ලාභ ලබන තත්වයට ලඟාවීමේ හැකියාවක් තිබුනි.


0


ධනාත්මක ලක්ෂණ

මගීන්ගේ වර්ධනය - 14%
ආදායම වර්ධනය - 23% (ශ්‍රී ලංකන් ගුවන්සේවයේ වර්ධනය 2%)
ඉන්ධන පිරිවැය ඉවත් කළ මෙහෙයුම් පිරිවැය - 80%
දළ ඉපැයුම් අනුපාතය - ඍණ 9% සහ 2019 දී ලාභ ලබීමේ හැකියාව


0
 
  • Like
Reactions: exodus293
එසේනම් ඔවුන් එය "මරා දැමුවේ" ඇයි ? එය ඊර්ෂ්‍යාවද? නැතහොත් තවත් දුෂ්ඨ අරමුණකින්ද?

2007 වසරේදී මිහින් ලංකා ගුවන් සේවය ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස ආරම්භ කරන ලද අතර එයට හොඳින් සැලසුම් කරන ලද මූලෝපායික තර්කානුකූල සැලැසුමක් විය. එතැන් සිට වෙනත් රටවල ප්‍රධාන ගුවන් සේවා ගණනාවක් ඔවුන්ගේම සොයුරු අඩුමිල (බජට්) ගුවන් සේවා ආරම්භ කර ඇත්තේ ඒ වනවිට පිබිදෙමින් තිබූ වෙනත් අඩුමිල ගුවන් සමාගම් (LCC- Low Cost Carriers) මගින් එල්ල වූ තර්ජනයට එරෙහිව ආරක්ෂා වීමටය.


චීන මහා ප්‍රාකාරය මෙන්, මහජනතාවට එය ආරම්භයේ දී අතාර්කික හා මූල්‍යමය බරක් ලෙස පෙනෙන්නට හැකිය. නමුත් අවසානයේ එය ආක්‍රමණිකයන්ගෙන් මව් සමාගම ආරක්ෂා කරනු ඇත. ඊළඟ පාලකයා පැමිණි විට මහා ප්‍රාකාරය මුලින්ම ඉදි කළේ මන්ද යන්න තේරුම් නොගෙන එය ඉවත් කළේ නම් එය ඛේදවාචකයක් ලෙස අවසන් විය හැකිව තිබුනි.

0


ක්‍රි.පු. 5 වන ශතවර්ෂයේ ජීවත් වූ පුරාණ චීන යුධ මූලෝපායඥයෙක් වූ සන් ටු විසින් ලියන ලද “යුධ කලාව“ (The Art of War) නම් කෘතිය රචනා කළ බව කියැවේ. වර්තමානයේ ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලවල ව්‍යාපාර පරිපාලන ශ්‍රාස්ත්‍රපති උපාධි පාඨමාලා (MBA) සඳහා ආශ්‍රිත පොතක් ලෙස පාවිච්චි වෙන එම පොත ප්‍රධාන වශයෙන් යුද්ධ මූලෝපාය ගැන කතා කරයි. නමුත් එම පොතේ සඳහන් තාක්ෂණය දේශපාලනය, ක්‍රීඩා, සහ ව්‍යාපාර ඇතුළුව අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර වල යෙදිය හැකිය.

නිර්දය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ සාර්ථකත්වයට බලපෑ මූලික හේතුවක් වූයේ ඔවුන්ගේ කැළෑ සටන් හෙවත් "ගරිල්ලා" සටන් උපාය මාර්ගයයි. ආසියාවේ සහ යුරෝපයේ ජනප්‍රිය අඩුමිල (බජට්) ගුවන් සේවා ඊට සමාන උපාය මාර්ගයක් අනුගමනය කරති. කොටි ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා සටන් උපාය මාර්ගය පරාජය කිරීමට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් අනුගමනය කළ උපායන් නිරීක්ෂණයෙන් බජට් ගුවන් සේවා පරාජය කිරීමටත් මඟක් සොයාගත හැකිය.


0


මහසොහොන් බලකාය නමින් සතුරා තැතිගැන්මකට ලක් කළ දිගුදුර මෙහෙයුම් බලකාය, සාමාන්‍ය යුධ හමුදාවක් පාවිච්චි නොකරන ගරිල්ලා සටන් උපක්‍රම පාවිච්චි කළ යුද හමුදා විශේෂ කමාන්ඩෝ භට ඛණ්ඩයකි. සතුරාගේ මර්මස්ථාන වලට රහසින් ඇතුල් වී පහර දෙමින් සතුරා දුර්වල කළ දිගුදුර මෙහෙයුම් බලකාය බෙහෙවින් සාර්ථක හා කාර්යක්ෂම වූ අතර, ඔවුහු කොටි ත්‍රස්තයන්ට එරෙහි සටන සාර්ථකව නිම කිරීම සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කළෝය. කොටි ත්‍රස්තවාදීන් පරාජයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මිහින් ලංකා සමාගමේ ආරම්භයට දායක වූ බව පැවසේ.

පසුගිය වසරේ අග භාගයේදී මිහින් ලංකා ගුවන් සේවය අකර්මණ කිරීමේ පුවත ප්‍රසිද්ධ වී වැඩි කලක් යන්නට මත්තෙන් ආක්‍රමණශීලී බජට් ගුවන් සේවා ගණනාවක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් වෙළඳපොලට ඇතුළු වෙනු දකින්නට ලැබුනි. ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි රටක ප්‍රධාන ධජ ප්‍රවාහක ගුවන් සේවාවන්ට තරඟකාරී බජට් ගුවන් සේවා වෙළඳපොල ඩැහැගන්නා ත්‍රස්ත ආයතන ලෙස පෙනියා හැකිය. ඊට හේතු වන්නේ බජට් ගුවන් සේවා විසින් උපයෝගී කරගන්නා ගරිල්ලා සටන් ක්‍රම වැනිවූ ඉතා අඩු මිලට ගුවන් ප්‍රවේශපත්‍ර විකිණීම මඟින් වෙළඳපොල ඩැහැගැනීම ආදී ක්‍රියා නිසා ප්‍රධාන ගුවන් සේවාවන්ට ලැබිය යුතු ආදායම සැලකිය යුතු ලෙසින් අහිමිවීමයි.


0
 
මෑතකදී ප්‍රබල ජ්‍යේෂ්ඨ ඇමතිවරු දෙදෙනෙක් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් ප්‍රධාන පෙළේ මැලේසියානු බජට් ගුවන් සේවාවකට මෙරට කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවසර ඉල්ලා තිබුනි. එය ට්‍රෝජන් අශ්වයෙකුට ඇතුළුවීමට දොරටුව විවෘත කිරීමක් වැනි ක්‍රියාවකි. යෝජිත නව සමාගමෙහි 51% ක කොටස් ලබා දීමේ යෝජනාව "ඇමක්" වන අතර එම සමාගම මඟින් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට වටිනාකමක් එකතු කිරීමට දී ඇති පොරොන්දුව "විහිළුවක්" වේ.

එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලදහොත්, ශ්‍රීලංකන් ගුවන් සේවය ඉක්මණින් මරණයට පත් වීම වැලැක්විය නොහැකි අතර ඒ හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට සැලකිය යුතු මූල්‍ය ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇත. යෝජිත ලාබ බෙදාගැනීමේ මිථ්‍යාව මඟින් ඇමතිවරුන් අන්ධ නොවිය යුතුය. ඒ වෙනුවට, එම යෝජනාවෙන් මෙරට ධජ ප්‍රවාහකයා වන ශ්‍රීලංකන් ආයතනයේ මූල්‍ය ස්ථාවරයට සැලකිය යුතු හානියක් සිදුවෙන අයුරු අධ්‍යනය කළ යුතුය.

අවාසනාවකට, මිහින් ලංකා ගුවන් සේවය ඉවත් කිරීමත් සමඟ ධජ ප්‍රවාහක ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආරක්ෂක වළල්ලට සිදුවූ හානිය පිළියම් කළ නොහැකි අතර ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදු වනු ඇත. සමහරු එය තවත් "මිලේනියම් සිටි" සිද්ධියක් ලෙස හඳුන්වති.


0
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    katunayake apu flights mattalata harawala, katunayake yanna hitapu minissunwa mattalata harawapu ekata wardanaya kiyanne kawda
     
    මෙතන මත්තලක් නෙමෙයි හලෝ...මුලින්ම පෝස්ට් එක කියවලා එන්න. මෙතන කියන්නේ මිහින් එයා එක ගැන....මේ මනුස්සයා දේශපාලකයෙක් නෙමෙයි, ඉන්වෙස්ට්මන්ට් බෑන්කර් කෙනෙක් පොලිටික්ස් වලට කිසි සම්බන්ධයක් නැති. මැන් දත්ත හොයලා ලියන්නේ. කියවලා බලනවා මුලින්ම, දත්ත හොයලා බලනවා...මෙයා සෑහෙන හොඳට පැහැදිලි කරලා තියේ.
     
    mekath sadarani karana karanawane :rofl::baffled:


    dan inna artika ostarlagen stats igena genada me kiyanne :lol::lol::lol:

    මොකක්ද සාධාරණීයකරණය කරලා තියෙන්නේ? මුලින්ම බලමු ඔයා කියවල ද කියලා...අර අනික් එක්කෙනා හිතලා තියෙන්නේ මේ මත්තල ගැන කියනවා කියලා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද සාධාරණීයකරණය කරලා තියෙන්නේ? මුලින්ම බලමු ඔයා කියවල ද කියලා...අර අනික් එක්කෙනා හිතලා තියෙන්නේ මේ මත්තල ගැන කියනවා කියලා.
    මිහින් එයාර් 2019 වෙද්දි ලාභ ලබන්න හිටියලු.. ඒ කොහොමද කියන්න. බජට් එකෙන් වෙන් කරපු මුදලට වඩා අදායම් උපයලා වියදම් අඩු කරන්න ඕනනේ,, බරසාර වචන නම් දන්නේ නෑ... සිටීබී වගේ සර්විස් එකක් නම් කරන්නේ ලාභ ඕනේ නෑ කියමුක්. කියමු බලන්න වෙන් කරපු ගණන් සහ ලබපු ;ලාභය එහෙම :rolleyes:
     
    • Like
    Reactions: virajkavn

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ‘‘අහස අපට’’ තේමාව යටතේ ආරම්භ කරන ලද මිහින් ලංකා ආයතනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර තිබූ අතර, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් ද රුපියල් මිලියන 300ක ණය මුදලක් ලබාගෙන තිබිණි.


    පළමු වසරේදීම රුපියල් මිලියන 195ක පාඩුවක් ලැබූ මිහින් ලංකා ආයතනයට නඩත්තුව සඳහා රජයෙන් මිලියන 500ක මුදලක් ලබාදී තිබිණි. ඒ වසරේද පාඩුව රුපියල් මිලියන 3161ක් විය. 2009 වසරේ මිහින් ලංකා පාඩුව රුපියල් මිලියන 1300කි.


    පාඩු පිට පාඩු ලබමින් සිටි මිහින් ලංකා ආයතනයට 2010දී නැවතත් රජයෙන් රුපියල් මිලියන 2574ක් ලබාදී තිබිණි.


    විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2012දී මුළු පාඩුව රුපියල් බිලියන 8.5ක් බව වාර්තා වේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හෙහ් හෙහ්.. ඔය ශුද්ධ ලාභය කියන ග්‍රාෆ් එකේ ඔක්කොම සෘණ (රින ) නේහ්? ඒ කියන්නේ පාඩුව!:lol: විතින් බ්‍රැකට් තියෙන්නේ ඒකනේ. ශුද්ධ පාඩුව මිලියන් වලින් දීලා තියෙන්නේ. අගෙයි නේහ්? ඒ කියන්නේ මහජන මුදල් පොම්ප කරලා තමයි වැඩේ ඇදලා කියෙන්නේ. මේක ලියපු එකා කොහේද දන්නේ නැහැ ෆයිනෑන්ශල් ඇනලිස්ට් කෙනෙක් විදියට වැඩ කලේ.. හෙහ් හෙහ්..:rofl::rofl::rofl:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Haha ai bung mae boruwa..uba hodata balapan mae figures..2012 wenakan operation cost 1ka nae..,2012 revenue 5098 operation cost including fuel 6854..ae kiyanne sarala sinhalen kiwoth adayama 5098 million wiyadama 6854:rofl: paduwa 1768 million :lol: oya figures wala net profit -39 ..2013 paduwa 3293 million ,2014 paduwa 2566 million, 2015 paduwa 1406 million ,2016 awara karadi paduwa 1196 million mae oya figures wada hangala thiyena.aththa

    P.S ai mae boruwa ?

    0
    [/QUOTE]
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    හෙහ් හෙහ්.. ඔය ශුද්ධ ලාභය කියන ග්‍රාෆ් එකේ ඔක්කොම සෘණ (රින ) නේහ්? ඒ කියන්නේ පාඩුව!:lol: විතින් බ්‍රැකට් තියෙන්නේ ඒකනේ. ශුද්ධ පාඩුව මිලියන් වලින් දීලා තියෙන්නේ. අගෙයි නේහ්? ඒ කියන්නේ මහජන මුදල් පොම්ප කරලා තමයි වැඩේ ඇදලා කියෙන්නේ. මේක ලියපු එකා කොහේද දන්නේ නැහැ ෆයිනෑන්ශල් ඇනලිස්ට් කෙනෙක් විදියට වැඩ කලේ.. හෙහ් හෙහ්..:rofl::rofl::rofl:

    Mara try dila.thiyenawa total operation cost cover karanna fuel cost hangala gahala eath mole kaladak thiyena.ekek therenawa oya figures walin Mihin lanka kochara padu labuwada kiyala
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හෙහ් හෙහ්.. ඔය ශුද්ධ ලාභය කියන ග්‍රාෆ් එකේ ඔක්කොම සෘණ (රින ) නේහ්? ඒ කියන්නේ පාඩුව!:lol: විතින් බ්‍රැකට් තියෙන්නේ ඒකනේ. ශුද්ධ පාඩුව මිලියන් වලින් දීලා තියෙන්නේ. අගෙයි නේහ්? ඒ කියන්නේ මහජන මුදල් පොම්ප කරලා තමයි වැඩේ ඇදලා කියෙන්නේ. මේක ලියපු එකා කොහේද දන්නේ නැහැ ෆයිනෑන්ශල් ඇනලිස්ට් කෙනෙක් විදියට වැඩ කලේ.. හෙහ් හෙහ්..:rofl::rofl::rofl:


    සිරාවටම බං, අ , ආ යන්න දන්නැති බයියෝ සාහිත්‍ය විචාර ලියනවා වගේ .... ම රා ගේ කටු කාපු එකෙක් ලියපු එකක්ද කොහෙද !!!


    අනික බං මිහින් ලංකා 90% විතර පවිච්චිකලේ ශ්‍රීලංකන් එකේ යටිතල පහසුකම්, බිල ගියේ ශ්‍රීලංකන් එකට . එතකොට මේ ගණනය කිරීම් වලට ඒවා අහුවෙන්නේ නැද්ද ??
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    සිරාවටම බං, අ , ආ යන්න දන්නැති බයියෝ සාහිත්‍ය විචාර ලියනවා වගේ .... ම රා ගේ කටු කාපු එකෙක් ලියපු එකක්ද කොහෙද !!!


    අනික බං මිහින් ලංකා 90% විතර පවිච්චිකලේ ශ්‍රීලංකන් එකේ යටිතල පහසුකම්, බිල ගියේ ශ්‍රීලංකන් එකට . එතකොට මේ ගණනය කිරීම් වලට ඒවා අහුවෙන්නේ නැද්ද ??

    True start up cost eka thanikara Sri Lankan karapita
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ශ්‍රී ලංකාවේ පාලකයෝ පත්වෙන්නේ කොමිස් ගැනීමට මිස රට දියුණු කිරීමට නොවේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Mara try dila.thiyenawa total operation cost cover karanna fuel cost hangala gahala eath mole kaladak thiyena.ekek therenawa oya figures walin Mihin lanka kochara padu labuwada kiyala


    + oke lokka hitiye mahindage massina ol wath nathi pakayek. uta 1hr inna baruwa flight wenama harawala genawa evage extra cost, delay reputation lost thiyeddith laba labala. :lol:


    Anyway Avant garde nam patta laba labapu ekak. gottata ma biliyana ganak yanna athi
     

    Similar threads