පියවරු සහ දරුවන්

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පියවරු සහ දරුවන්

    දේශපාලනය සම්බන්දව කොකුදමාගනීම මෙම නූල තුල තහනම් බව කරුණාවෙන් සලකන්න......:angry: හුදෙක් තමන්ගේ අදහස ඉදිරිපත් කිරීම මිස කුණුහරුප වැනි අනවශ්‍ය වචන බාවිතයෙන් වලකින්න....:frown:




    a_003.jpg

    රෝහිත රාජපක්ෂය එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි. :frown:


    wimal9.jpg

    විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත. :frown:

    z_p27-Love2.jpg

    එස් බී දිසානායක - සරසවියේ පන්ති වර්ජන , විරෝධතා වලට නායකත්වය දුන් සරසවි ශිෂ්‍ය නායකයෙකි. අද උසස් අධ්‍යාපන ඇමතිය. ළමුන් ඉගෙනුම ලැබුවේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලය. :frown:
    somawansa-amarasinghe.jpg

    සෝමවංස අමරසිංහ - ජවිපෙ වර්තමාන නායකයාය. 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ. :frown:


    gunas-wife-and-kids-kate-geraghty.jpg
    PG4112SMH.jpg

    කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත. :frown:

    images

    අනේ මේ අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ.සරසවි වසා ඇත, රජයෙන් විසඳුමක් දෙන්නේද නැත, උසස් අධ්‍යාපන ඇමති බොරු ගොතයි , වසර පහේ උපාදිය ගැනීමට වසර හයක් යයි. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත. :dull:

    ලක්ෂ්මන් යාපා අබයවර්ධනගේ ළමුන් 3 දෙනෙකු පියා විසින් අපේ මහජන මුදලින් යුතු ලෙස උපයාගත් සල්ලි වලින් ඉගෙනුම ලබා, ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටී...
    ඩැනී හිත්තැටියගේ (දකුණු පළාත් සභා මන්ත්‍රී) පුතා සිය පියා විසින් අපේ මහජන මුදලින් යුතු ලෙස උපයාගත් සල්ලි වලින් ඉගෙනුම ලබා, ඔස්ට්‍රලියාවේ පදිංචි වී සිටී... :frown:
    සරත් පොන්සේකා ගේ දියණියන් ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී... :frown:
    ගොටාබය රාජපක්ස ගේ දරුවන් ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී... :frown:
    බැසිල්ගේ දුව ග්‍රීන් කාර්ඩ් ලබා ඇමරිකාවේ පදිංචි වී සිටී... :frown:

    මේ මෝඩ පියවරුන්ගේ , ගොබ්බ, මැටි හරක් දරුවන්, රටේ අහිංසක ජනතාව, දුක් වින්ද හම්බ කරන 20000-30000 වන මාස පඩියෙන්, මිලදී ගන්න පන් ගෙඩිය, හාල් කිලෝව වෙනුවෙන් අහස උසට ගෙවන TAX වලින් නඩත්තු වෙති....:oo:
    හොඳ වෙලාවට රනිල්ට ළමයි නැත :P , හිටියනම්, එයත් මෙසේමය...

    මෙයින් නොනැවතුණු මේ පරයන් , අපේ අහිංසක ළමුන්ගේ අධ්‍යාපනය විනාස කර, එය පුද්ගලික අංශයට විකුණා , ලැබෙන කොමිස් මුදල් ද තමන්ගේ ස්විස් බැංකු වල දම ගැනීමට මාන බලති .....:oo:

    ඉදිරි පරම්පරාවට තරුණ නායකයින් හද රට බාරදීම වෙනුවට, මෙම දඹ නාකින් රට කන අතර ඔවුන්ගේ දරුවන් අපේ රීරි මාන්සයද උරා බොති...

    අපි මුන්ගේ පච දේශප්‍රේමය රැවටී, උන්ටම කඹුරමින්, මිහිපිට ඇපයක් නිර්මාණය වෙන්නට ඉඩ හැර සිටිමු...

    අපේ දරුවන් නන්නත්තාර වී ඇත....:no:

    සොහොයුරනි සිතන්නට කාලයයි......
    :yes:




    උපුටා ගැනීමකි :frown:
     
    Last edited:
    • Like
    Reactions: nnccbb

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    ඇයි මුන්න්ට මෙහෙම හරියන්නේ????? කොහෙන් ගියත් අපිටමයි කෙල වෙන්නේ.....

    :angry::angry::angry::angry::angry::angry::angry: