පියවි ඈසින් ඔබ්බට...
දුගඳක් රැගෙන රැයේ දී කාමරයට එන ගැහැනිය
මිනිසා මරණයට පත්වන විට සම්මුති වශයෙන් “ආත්මය” යැයි පිළිගෙන තිබුණු ධර්මතාවය සිරුරෙන් නික්ම යයි, අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ සවිස්තරව පැහැදිලි කරන පරිදි මිනිසා තුළ ආත්මය යැයි ස්ථිරව පවතින දෙයක් නොමැති බවත් මෙසේ ශරීරයෙන් නික්ම යන්නේ උපදානස්කන්ධ සංයුතිය බවත්, එය සරලව හඳුන්වනවා නම් එයට “පුද්ගල අනන්‍යතාවය” යැයි නම් කළ හැකි බවත් වදාරති.
මේ පුද්ගල අනන්‍යතාවය තුළ තමන් විසින් මේ ලොව ජීවත්වීමේ දී දැඩිව සිතින් අල්ලා ගෙන සිටිනු ලැබූ මම ය මාගේ යැයි ඇති කැරගත් සංයුතියක් ඒ පුද්ගල භාවය සමඟ නික්ම යයි.
කාම ලෝකයක් වන මේ මනුෂ්‍ය ලෝකයේ අධර්ම රාගී වූ මිනිසා විෂම ලෝකය හා මිත්‍යා දෘෂ්ටිය හේතු කොට ගෙන මෙසේ දැඩිව සිතින් අල්ලා ගෙන සිටින තණ්හාව, ද්වේෂය හා මෝහය මිශ්‍ර වූ පාපී සංකල්පයන් නිසා පුද්ගලයා ඊළඟට උපදින්නේ දුගතියකමය.
ඒ දුගතිගාමී සත්ත්වයා තමන්ගේ පාපී සිතුවිලි සංයුතිය නිසා එසේ දැඩිව සිතින් අල්ලා ගත් ඉඩකඩම් දේපළ නිවාස හා පුද්ගලයන් අසුරු කොට ගෙන ප්‍රේතාදි භවයන්හි උපත ලබයි. මේත් එවැනි කතාවකි.
පියදාස මුදලාලි ඉතා වෙහෙස මහන්සිව වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය. බිරිය, පුතෙකු සහ දියණියකගෙන් යුතු කුඩා පවුල සැපවත්ව පෝෂණය කළේය. තමන්ගෙන් පසු මේ ව්‍යාපාරය හා දේපළ ආරක්ෂා කිරීමට සිටින පුතණුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඔහු යහමඟ යැවීමට අවශ්‍ය සෑම උත්සාහයක් ම ගත්තෝ ය.
එකාකාරී කාර්ය බහුල විවේකයෙන් තොර ජීවිතයක් ගෙවූ පියදාස මුදලාලිට එය හේතුකොට ගෙන දියවැඩියා රෝගය වැළඳුණි. දියවැඩියා රෝගියෙකුට අවශ්‍ය මානසික නිස්කලංක භාවය මේ ව්‍යාපාර කටයුතු නිසා කොහෙත්ම ඔහුට ලබාගත නොහැකි විය.
ව්‍යාපාරයෙන් තොර ජීවිතයක් නොතිබුණු බැවින් දියවැඩියාවත් සමඟ අත්වැල් බැඳගෙන එන හෘදයාබාධයක් ද ඔහු කරා පැමිණියේ හිටි හැටියේ පරලොව යන්නට සිදුවිය.
පියදාස මුදලාලිගේ මරණයෙන් පසු වෙළඳසල ඔහුගේ එක ම පුතණුවන් වූ නිමල්ට පවත්වා ගෙන යෑමට සිදු විය. වෙළඳ සලේ සිට කිලෝමීටර බාගයක් තරම් වූ දුරින් පිහිටි නිවසේ සිටි මෑණියන් හෝ නැගණිය විසින් ඔහුට අවශ්‍ය ආහාර ටික හෝ වතුර ටික සපයන්නට යෙදුණි. රාත්‍රියට වෙළඳසල වසා නිවසට ගොස් ආහාර ගෙන ආපසු පැමිණ වෙළඳ සලෙහි ම නිදා ගත්තේය.
ගමේ ඥාති මිත්‍රාදීන්ගේ යුතුකම් අවශ්‍යතා සපුරාලීම ද ඔහුටම පැවරුණි. නිමල්ගේ සමීප මිතුරෙකු ද ඔහුගේ ඇසුරෙහි සිටි අතර කාටත් හොරා ඉඳහිට මත්පැන් ටිකක් පානය කරන අවස්ථා ද පැවති නමුත් මෑණියන්ට හා නැගණියට ආරංචි වේ යැයි බියෙන් නිමල් බොහෝ දුරට ප්‍රවේශම් විය.
මේ ගම නිමල්ගේ මවගේ උපන් ගම වූ අතර පියා පිටගමකින් පැමිණ විවාහ වී මේ ගමේම පදිංචි වූවෙකි. පියාගේ ගම් ප්‍රදේශයේ ඔහුට දුරින් ඥාතියෙකු වූ ගුණසේකර මාමා ද නිමල්ගේ දියුණුවට අත හිත දුන් අයෙකි.
මේ වැඩිහිටියාගේ හිතවත්කම නිමල්ට මෙන් ම මවට හා නැගණියට ද ශක්තියක් විය. ගුණසේකරට සහ ඔහුට වඩා තරුණ වූ බිරියට දරුවන් නොසිටි බැවින් ඔවුහු නිමල්ගේ පවුලේ අය සමඟ සමීපව ඇසුරු කළහ

Last edited: