පියානෝගෙ කෙරුවාව...
අදටත් හෙළි නොවූ විසිහතර වසරක් පිරුණු ලලිත් ඝාතනය
නොහොත් ප්‍රේමදාසගේ ප්‍රොජාතන්තරවාදය
-
ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් විලියම් ඇතුලත්මුදලි විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ තමන්ටත් තම පක්ෂයටත් එරෙහිව ඇති මරණ තර්ජන ගැන දැනුවත් කිරීමටය. ඊළඟ ප්‍රවෘත්ති සාකච්ඡාව! අප්‍රේල් 27 වැනිදා පැවැත්වෙන බව ලලිත් තම දිනපොත දහ පහළොස් වතාවක් පෙරළා වේලාවක් වෙන් කළේ මහත් අපහසුවෙනි.
“මොකද කරන්නේ. වෙන දවසකුත් නැහැ. දිගටම වැඩ. එහෙම නම් 27 දා 9.30 හොඳයි නේද?” ලලිත් අසන්නට විය.
“සර් අපිට උදේ තේ දෙනවා නේද?”
ඔව්. ඔව්. අපි තේ දෙනවා. තමුන්නාන්සේලාට අදත් තේ දෙනවා. තව මුකුත් අහන්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මුකුත් නැත්නම් අපි දැන් තේ බොන්නට යමු. එහෙම නම් හරි නේද? අපි නැවත හමුවන්නේ 27 දා 9.30 ටයි.
ගත වූයේ දින දෙකකි. ලලිත්ගේ ෆලවර් ටෙරස් ගෙදරට සවස 4.00 ට නිර්නාමික දුරකථන ඇමැතුමක් ලැබුණි. ඇමතුම ගත්තේ ගෙදර මෙහෙකාරිය වූ ලෙච්චමීය.
“ඒයි ලෙච්චමී, ශ්‍රීමතී නෝනට කියන්න හොඳට සබන් ගාලා නාගන්න කියලා. හවසට ඇතුළත්මුදලි මහත්තයගේ අවමඟුලට සහභාගි වෙන්න තියෙනවානේ.”
රැස්වීම් කීපයක් අවිවේකීව අමතා ලලිත් එදින ආවේ මැදියම් රැයේය. දුරකථන ඇමතුම ගැන ලලිත්ගේ ප්‍රිය බිරිඳ ශ්‍රීමනී ලලිත්ට
දැන්වූයේ චකිතයෙන් යුතුවය.
“පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ මම සුසානයේ දොරටුවට ගිහින් ආපු කෙනෙක්. මරණයට මම බය නැහැ. මම ආරක්ෂක ඇමැති කාලේ යාපනයට යන්න හෙලිකොප්ටරයට නගින හැම වෙලේම කිව්වේ “මම යන්නේ මරණයටයි” කියලා. ලලිත් කීවේ තමන්ට ඇති මරණ තර්ජන ගැන තුට්ටුවකට නොතකාය.
පසුදින එළඹුණේ දේශපාලන ඉතිහාසය වෙනස් කළ ඒ ඓතිහාසික දිනයයි. පොළවට එළිය වැටෙන්නටත් පෙර ලලිත් තම දියණිය වූ “සරලා”ට සමුදුන්නේ හලාවත මුන්නේස්වරම් දේවාලයට යන්නටයි. එහිදී උදෑසනින්ම සංවිධානය කර තිබූ
පූජාවකට සහභාගි වීම ලලිත්ගේ අරමුණ විය. එය සංවිධානය කොට තිබුණේ ලලිත්ගේ දෙමළ මිතුරෙකු විසිනි.
ලලිත්ගේ දිනපොතේ පැයෙන් පැය කතා පැවැත්විය යුතු ස්ථාන එකින් එක කැපෙන්නට වූයේ හවස් යාමය වනවිටය. අන්තිමට ඉතුරුවුණේ අලුත්කඬේ මිරානියා වීදියේ රැස්වීම සහ අවසන් රැස්වීම වූ කිරුළපන රැලියත් පමණි.
ලලිත් ඇතුලත්මුදලි මහතා අලුත්කඬේ මංසන්දියේ මිරානියා හන්දියට එන්නේ රාත්‍රී 7.30 ට පමණය. ලලිත් එනතුරු දසදහසකට අධික පිරිසක් පොදිකකා බලා සිටියහ. ලලිත් එම රැස්වීම විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ඇමතුවේය.
“ලලිත් ඇතුළත්මුදලි මැතිතුමනි, ඔබ ඇති තැන නැත බිය සැක“ බැනර්” අල්ලාගත් පාක්ෂිකයන්ට තම හස්ත
මුද්‍රාවෙන් උපහාරය දැක්වූ ලලිත් තම රථයට ගොඩවූයේ කිසිදු විශේෂත්වයක් නැතිවය.
වේලාව රාත්‍රී 8.45 බවට ඔරලෝසුවේ සටහන් වෙන්නට විය. ස්ථානය කොළඹ කිරුළපන පොදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් පැවැති ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකි. සියල්ලන් බලා සිටියේ තම සදාදරණීය නායක “ලලිත්” එනතුරුය. වේදිකාව අමතමින් සිටි පළාත් සභා අපේක්ෂක උපුල් ධම්මික මහතා තම කතාව හමාර කළේ තම නායක ලලිත් ඇතුළත්මුදලි මහතා එන බව දුටු නිසාය.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කතා වාරය එළැඹිනි. ලලිත්ගේ කතාව ආරම්භයත් සමග පළාතම දෙවනත් කරමින් ඇහෙන්නට වූයේ රතිඤ්ඤා හඬකි. රතිඤ්ඤා පිපිරවීම නවත්වන්නැයි සංවිධායකයින් යකඩ කටින් ඉල්ලා සිටින්නට විය.
ලලිත්ගේ කතාවත් සමඟම ඇතිවූයේ විශාල වැස්සකි. වැස්සෙන් බේරීමට පාක්ෂිකයන් එකා දෙන්නා වේදිකාව යටට පැමිණෙන්නට විය. ලලිත්ගේ කතාව ඇරඹිනි. විනාඩි 10 ක් පමණ යන විට තොප්පියක් දමාගත් අවුරුදු 30 ක පමණ පුද්ගලයකුද වැස්සෙන් බේරීමට වේදිකාව අසලට සේන්දු විය. තොප්පියක් හිසේ දමාගත් ඔහුගේ කොණ්ඩය
කොටටම කපා තිබුණි. ඔහු ලා කොළපාට ෂර්ට් එකක් සහ නිල්පාට ඩෙනිම් කලිසමක් ඇඳ සිටියේය. රැස්වීමට ලවුඞ්ස්කීපර් ඇදීමේ කොන්තරාත්තුව බාරගෙන තිබුණේ විදුලි කාර්මිකයකු වූ රජගල්ගොඩ විමල් කවින්ද්‍රය. මහේස්ත්‍රාත් පරික්ෂණයේදී ඔහුදී ඇත්තේ මෙවැනි සාක්ෂියකි.
“වැස්සට ආවරණය වීමට මිනිස්සු වේදිකාව යටට ආවා. එක් පුද්ගලයෙකු පැමිණ මා සිටි පුටුවේ ඇන්දේ වාඩිවුණා. මිනිහා ඇම්ප්ලිෆයර් එක දිහා බලල සෙට් එක තෙමෙනවා නේද” කියල සිංහලෙන් ඇහුවා. වැස්ස පෑව්වම මිනිහා වේදිකාව දකුණු පැත්තට ගියා. එතකොට ලලිත් මහත්තය කතාව පටන් අරන් විනාඩි 10 ක් විතර ඇති. එකපාරටම සාක්කුවෙන් පිස්තෝලයක් අරන් වෙඩි තියන්න ගත්තා. පැනල යන මිනිහ ලලිත් මහත්තයාගේ ආරක්ෂකයින්ටත් වෙඩි තිබ්බා. ආරක්ෂකයෝ මිනිහට වෙඩි තිබ්බම ඇදන් වැටුණා. ඒත් මිනිහා හඹා යනකොට විදුලි වේගයෙන් පැන ගියා.”
වෙඩි වැදුන ලලිත් ඇතුළත්මුදලි මහතා අන්තිම වචන කීපය කතා කළේ තම ආරක්ෂක නිලධාරි ශාලිල මුණසිංහ මහතා සමගය. මීට විසි හතර වසරකට පෙර ලංකාදීපයට ඔහු මේ ගැන විස්තර කර ඇත්තේ මෙසේය.
“ඉස්පිරිතාලෙට ගෙනියද්දි මහත්තය බොහොම වේදනාවෙන් කෙඳිරි ගෑවා. එක වරක් ඇස් ඇරල බලල “ටේක් මී සූන්” කියා කිව්වා. ඒ මහත්තය කතා කළ අන්තිම වචන ටිකයි. ඉන්පස්සේ කතා කරන්න තරම් ශක්තියක් මහත්තයට තිබුණේ නැහැ. ඒත් මේ වගේ දෙයක් අපේ මහත්තයට වෙයි කියා දෙයියනේ අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ.”
මහත්තයට වෙඩි වැදුණු ගමන් අපි එකතුවෙලා ඉක්මනින් මහත්තයා කාර් එකට දාගත්තා. මුතුබණ්ඩා මහත්තයයි, සුබසිංහ මහත්තයයි උස්සාගෙන කාර් එකේ පිටිපස්සෙන් වාඩි වුණා. මහත්තයාගේ ඔළුව තිබුණේ මගෙ ඔඩොක්කුවේ. කාර් එක වේගයෙන් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ධාවනය වුණා. රීඞ් මාවත හරියේදී කාර් එකේ එක පැත්තක් පේමන්ට් එකට පැන්නා. එතකොට මහත්තයගෙ ලේ මගෙ අත පුරා බේරෙන්න ගත්තා. එච්චර ලේ යන බව මං දනගත්තෙ එතකොටයි කියූ ඔහු
වේදනාවෙන් දෙනෙත බිමට බර කළේය.
“මහත්තයට අමාරු විත්තිය අපට තේරුණා. ඒත් දෙයියනේ මේ වගේ දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.” යි ඔහු දිගු සුසුමක් හෙළමින් පැවසීය.
කාර් එක විනාඩි අටෙන් ඉස්පිරිතාලෙට ගියා. ඒ යන අතරමගදී මහත්තයා “ටේක් මී සූන්” කියා කිව්වා. ඒ අන්තිම වචන ටිකයි. ඊට පස්සේ කතා කරන්න ශක්තියක් මහත්තයාට තිබුණේ නෑ. බොහොම වේදනාවෙන් කෙඳිරි ගෑවා. අපේ ඇස්වල කඳුළු පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියෙන් පස්සෙ මහත්තයා කිව්වේ “දැන් මගේ ජීවිතය අයිති මට නොවේ. මහජනතාවට කියාය. ඒ වෙලාවේ මහජනතාව පවත්වපු බෝධි පූජා ඇතුළු නොයෙකුත් ආගමික වතාවත් තමන් සුව වීමට බලපෑ බවට මහත්තයා තුළ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා එතැන ඉඳන් ජීවිතය තමන්ට අයිති දෙයක් නොවේ කියායි එතුමා හිතුවේ.