පියා ඝාතනය කල යුද සෙබලා....

nikankamu

Banned
Apr 25, 2015
35
7
0
පියා ඝාතනය කල යුද සෙබලා....

තම පියාට මුගුරකින් පහරදී ඝාතනය කළ පුත‍්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යුද හමුදා සේවයෙන් ඉවත්වූ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා. සිද්ධියෙන් මිය ගියේ වයස අවුරුදු 75 ක හිටපු පොලිස් සැරයන්වරයෙක්. අධික ලෙස බීමතින් නිවසට පැමිණි සැකකරු සහ මිය ගිය පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයා හලාවත මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් වාර්තා සඳහන් කරනවා. ඝාතනය සිදු කළ පුද්ගලයා නිරන්තරයෙන් බීමත්ව පැමිණ මව්පියන්ට හිරිහැර කර ඇති බවට හෙළිව තිබෙනවා. මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

http://www.itnnews.lk/sinhala/පියාට-පහර-දී-ඝාතනය-කළ-පුතා/

 

Similar threads