පියා සහ පුතා

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    fb_img_1448004639633.jpg


    පුතෙකු තම මහලු පියා රාත්‍රී ආහාර වේලක් සඳහා ආපනශාලාවකට රැගෙන ගියේය..

    පියා මහලූ වීම නිසාම තම ක්‍රියාවන් පවා පෙර මෙන් හැසිරවීමට අපහසුතාවයක් ඇති බව පෙනින..
    ආහාර ගනිමින් සිටින විට ඉඳහිට ආහාර ඔහුගේ කමිසයටත් , කලිසමටත් වැටින..
    සෙනග පිරී සිටි ආපනශාලාවේ හිඳි අනෙක් අය මේ දෙස විමසිල්ලෙන් බලමින් මුමුණන්නට වී මුත් පුතා කිසිදු තැකීමකින් තොරව සන්සුන්ව ආහර ගන්නට විය..

    දෙදෙනාම ආහාර ගැනීම අවසන් කලේය..
    කිසිදු චකිතයකින් තොරව නැගිට පියා වාරුකරගත් පුතා , ඔහුව පිරිසිදු කිරීමේ කාමරය වෙත රැගෙන ගොස් මුහුණ පිසදා ඇදුමේ තැවරුනු දෑත් හැකි තරම් පිරිසිදු කලේය ..
    තම සාක්කුවෙන් පනාව ගෙන සුදුවන් හිසකෙස් පිලිවෙලකට පීරා , කන්නාඩියත් පැලඳවා පියා දෙස ආදර බැල්මක් හෙලීය..

    නැවතත් දෙදෙනා කාමරයේ සිට කෑම ශාලාවට අවතීර්ණ වන විට මෙතෙක් කසු කුසු ශබ්ද , පිගන් ශබ්ද වලින් පිරී තිබු ශාලාවේ තිබුනේ ගැඹුරු නිහඬතාවයකි..

    අයකැමි වෙත ගොස් මුදල් ගෙවා පිටවීම සඳහා දෙදෙනා ගමන් කරන විට තවත් මහලුවියේ අයෙකු නැගිට උස් හඬ්න්

    ” ඔයා මොකක් හරි දාලා යනවා වගේ .. නේද ? “

    මුදල් පසුම්බිය අතගාමින් ” නැහැ .. ඔක්කොම ගත්තා ” පුතා පැවසීය ..

    ” නැහැ ..! ඔයා දෙයක් මෙතන තියලා යනවා… ඔයා තියලා යන්නේ හැම දරුවෙකුටම පාඩමක්… හැම දෙමාපියනටම බලාපොරොත්තුවක් “……

    ශාලාවේ නිහැඬියාව දිගටම…


    @ප්‍රියන්ත ජයවර්ධන

    උපුටා ගැනිමකි - https://priyanthawords.wordpress.com/2015/11/20/පියා-සහ-පුතු/
     
    • Like
    Reactions: other guy