පියා

peena

Member
Oct 9, 2007
257
122
0
පියා

පියා - පුතේ අර මොකද්ද ???
පුතා - ම්ම්ම් ඒ කුරුල්ලෙක් නේ.
(ටික වෙලාවකට පසු )
පියා - පුතේ අර මොකද්ද ???
පුතා - දැන් එක සැරයක් කිව්වේ කුරුල්ලෙක් කියලා....
(තව මොහොතකට පසු)
පියා - පුතේ අර මොකද්ද ???
පුතා - මං දැන් එක සැරයක් කිව්වේ ඒ කුරුල්ලෙක් කියලා තාත්තේ මොනවද වෙලා තියෙන්නේ ඇයි මට මෙච්චර වද දෙන්නේ ඔයාට දැන් මං දෙසරයක්ම කිව්වා නේද ඒ කුරුල්ලෙක් කියලා ඔය මෙච්චර කල් මොනවද කලේ කුරුල්ලා කියන කෙනාව දන්නේ නැද්ද????මොන කරදරයක්ද මේ මං හිතුවා අපේ ගෙදර නාකි මනුස්සයෙක් හිටියම ඔහොම වෙයි කියලා... පැත්තකට වෙලා ඉන්න දැන්වත් මට මේ පත්තරේ බලන්න දීලා...
(පියා කිසිවක් නොකියා හෙමින් හෙමින් නිවාස ඇතුලට යයි. මද වෙලාවකින් පසු ඔහුගේ දිනපොතෙන් පුතා හට පිටුවක් පෙරලා එය හඩනගා කියවන්නට කියයි.)
""""""1985 නොවැම්බර් 4 වෙනිදා
මගේ පුංචි පුතුට අවුරුදු 3 පිරුණා පමණි ඔහු එක්ක හවස නිවාස අසල ඇති උද්‍යානෙට ගිය මා අසල ඇති බැංකුවක් උඩ මගේ හුරතල් පුතා එක්ක හිදගත්තෙමි.
ඇත කුරුල්ල්ක් පෙන්නලා එයා මගෙන් ඇහුව තාත්තේ අර මොකෙක්ද කියලා. මං කිව්වා ඒ කුරුල්ලෙක් කියලා එක පාරක් දෙපාරක් නම් කමක් නැ මගෙන් ඔහු 34 වතාවක් ඇහුව ඒ මොකෙක්ද කියලා ඒ හුරතලෙන් අහන විදිහට මගේ හිත කිව්වා තව පාරක් අහන්න දරුවෝ කියලා.මං ඒ අහපු 34 පාරම ගොඩක් ආදරෙන් කිව්වා පුතේ ඒ කුරුල්ලෙක් කියලා.මං හිතනවා ඒ අහපු එක නිසා මං ගොඩක් සතුටු උනා කියලා ඒ මගේ හුරතල් පුතාට මං ගොඩක් ආදරේ කරන නිසා ...... """""""