පියුමි හංසමාලිට අකමැතිද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපි ඕනම මනුස්සයෙක්ට කැමති ඇයි හෝ අකමැති ඇයි කියල ඇහැව්වොත් අපිට දෙන්න හේතු තියෙනව (ඒ හේතු ඇත්තම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තම හේතු තියෙන්නෙ අවිඥ්ඥානයේ හැංගිලා කාටවත් පේන්නෙ නැති තැන් වල).

    අපි බලමු මේ ආකාරයෙන් සමාන්‍යය සාම්ප්‍රදායික ජනමනසට පියුමි හංසමාලි නම් තනි ගැහැණිය මෙච්චර නොදිරවන්නේ ඇයි කියල.

    1. දෙන ලද යම් සාම්ප්‍රදායික රාමුවකට අනුගත වුන ජීවින රටාවක් ගත කරන එක ලේසි නැහැ. ඒකට තමා විසින් තමාට යම් යම් සීමා පනවගන්න ඕන. යම් මිලක් ගෙවන්න ඕන. පියුමි හංසමාලිගේ හැසිරීම තියෙන්නේ ලාංකික සම්ප්‍රදායෙන් සලකුණු කරල දුන්නු සීමා වලින් එළියෙ.

    2. මේ පිට පැනීම, කට්ට කාගෙන සීමා ඇතුලෙ ජීවන රටා ගත කරන ජීවිත වලට ඇති කරන්නේ යම් නොරිස්සුම් බවක්. ඕක අපේ රටේ විතරක් නෙමෙයි, ඕනම සාපේක්ෂව සංවෘත ජීවන රටා රෙකමදාරු කරන සමාජ වලට අදාල දෙයක්. (ඇෆ්ගනිස්තානය, අරාබිය වගේ රටවල සාම්ප්‍රදායෙන් පිට ඉන්න කාන්තාව ගැන දක්වන ආකල්පය සිහියට ගන්න)

    3. ඇත්තම කතාව, මේ සීමා ඇතුලේ හරියටම ඉන්නම ඕනෑය කියල සමාජය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. බලාපොරොත්තු වෙන්නෙ අඩුම ගානේ එහෙම ඉන්නව කියල බොරුවට හරි රඟපාමින් ප්‍රදර්ශනය කරන එකයි. සීමා පිට පැනීම් හොර රහසේ කිරීම මේ තරම් තිගැස්මක් ඇති කරන්න නියමිත නැහැ. මොකද ඒ ‘හැංගි හොරා’ කිරීම තුළම, පොදුවේ පිළිගත් සම්ප්‍රදායට ගරුත්වයක් ප්‍රකාශ වෙන නිසා (උදා – ප්‍රින්සිපල්ට පිනා කිව්වට අවුලක් නැහැ. පිනා කියන බව ප්‍රින්සිපල් ඇතුළු මුළු ඉස්කෝලෙම දන්නව. හැබැයි පාසැල් අධිකාරියට දැනෙන්න ඇහෙන්න බැහැ). ඒ වගේ සම්ප්‍රදාය ගුරු කරගත් සමාජය තුළ බණ අහන ගමන් අරක්කු බොන ක්‍රමය, පඩි දවසට ස්පා රිංගන ක්‍රමය, බඩු ගසන ක්‍රමය, කොටු පනින ක්‍රමය, වැල බලන ක්‍රමය කියල හොර පාරෙන් මේ දේවල් කරන විදි ගැන සම්මුතීන් තියෙනව. ඒ හොර ක්‍රම පවා සම්ප්‍රදායට අයත්. පියුමි තමාගේ ජීවන රටාව පොදු සමාජයෙන් සඟවනව වෙනුවට ඒක පොදු සමාජය ඉස්සරහ දිග අරිනව. ඉතින් ඒක මහා සම්ප්‍රදාය කරපින්නාගෙන ඉන්න අය තිගැස්මට ලක් කරනවා.

    4. සම්ප්‍රදායික පිරිමියා හැම විටම කැමති තමන්ගේ පිරිමි කටහඬ ඉදිරියේ නැවතෙන, ගැස්සෙන, ඇඹරෙන, බයිට් වෙන ඒගොල්ලො ‘අහිංසක’ කියන වචනයෙන් හඳුන්වන පිරිමි ඇසේ ‘පිළිගැනීම’ (approval) අයදින කාන්තාවට. ඔහු, තමන්ගේ හඬ, අණ සහ අපහාස තඹයකට මායිම් නොකරන ගැහැණියට බයයි. එවන් චරිත ඉදිරියේ ඔහුගේ පිරිමි බව තර්ජනයටත් අභියෝගයටත් ලක් වෙනවා. ඔහුගේ වචන වලින්, ඕපාදූප, චරිත ඝාතනය වැනි ක්‍රම මඟින් පාලනය නොවන ගැහැණිය ඉදිරියේ ඔහුගේ පෞරෂය අනාරක්ෂිත තැනකට පත් වෙනව. ඔය වෛර‍ය, කේන්තිය ඒ අනාරක්ෂිත බවට බයෙන් ඔහු තුළින්ම නැගෙන විරෝධයක්. තමන්ගේ පිරිමිබවේ අණසක රැකගන්න තැතිගැන්මෙන් කරන විලාපයක්.

    5. සාම්ප්‍රදායික කාන්තාව සැලකුවොත්, ඇය පිරිමි චින්තනයකින් හැදුනු සාම්ප්‍රදායික පිරිමියා තෘප්තිමත් කරමින් ඔහුගෙන් පිළිගැනීම දිනා ගන්නා ආකාරයක ජීවිතයක් ගත කිරීමට තමන්ට නියම කරන ලද සම්ප්‍රදායකට අනුගතව ජීවත් වෙන්නේ පෙර කිව්ව විදියට පහසුවෙන් නෙමෙයි, ඒ සීමා ඇතුලේ ඉන්නේ යම් මිලක් ගෙවමින්. ඒ මිල තමයි තමන්ට ඕනෑ ආකාරයට ජීවත් වීමේ නිදහස. (මෙහි නිදහස යනු පියුමි හංසමාලිගේ ජීවන රටාව පමණක් නොවන බව සලකන්න. නිදහස අඩ නිරුවතට පමණක් සීමා වූ යමක් නොවේ). ඉතින් ඇය විශාල මිලක් ගෙවමින් සමාජයෙන් උපයා ගන්නා ගෞරවය, එසේ සංවෘත වුන ජීවන රටාවකට අනුගත නොවූ කාන්තාවකට නිකම්ම ලැබෙනවට කැමැත්තක් නැහැ. සාම්ප්‍රදායික සමාජයන් වල, කාන්තාවව වැඩියෙන්ම දැඩි විනිශ්චයන්ට ලක් කරන්නේ කාන්තාවන්ම වීමට මූලික හේතුව මෙයයි. ඔවුන් අතර තිබෙන්නේ පිරිමි චින්තනයෙන් හෙබි සමාජයක පිළිගැනීම අයදීමේ තරඟයක්. ඒ තරඟය තියෙන්නේම තමන්ගේ සහෝදර කාන්තාවන් එක්කමයි. ඉතින් ඔවුන්ගේ සාම්ප්‍රදායික මනස උත්සාහ කරන්නේ තමන්ගේ ‘නරක’ පාපිස්සක් යටට තල්ලු කරල දාලා තමන් වැනිම කාන්තාවන්ගේ ‘නරක’ උලුප්පමින් තමාගේ ‘හොඳ’ කම පුරුෂ ලිංගික සමාජයක් ඉදිරියේ බබළවා ගන්නයි. ඒ බැබළීමට පියුමි හංසමාලිලා වගේ ‘නරක’ ගැහැණුන් සෑහෙන උපකාර කරගන්නවා ඔවුන් විසින්.

    6. සැබෑ ජීවිත වල යථාර්තය කොහොම වුනත් සාමාන්‍යය ජන විඥ්ඥාණයේ තියෙන්නේ විනෝද වීම, පාටි දැමීම, විසිතුරු ඇඳුම් ඇඳගෙන නැටීම වගේ දේවල් ‘වැලකිය යුතු දේවල්’ විදියට. නමට හරි දිරිමත් කෙරෙන්නේ අල්පේච්ඡ ජීවන රටාවයි. (ඔවුන් බැංකු වලට ණය වී කරෝල කකා හෝ තට්ටු දෙකේ ගෙවල් ගසා මිල අධික වාහනයක් ගෙන ලක්ෂ ගණන් වියදම් කොට විවාහ වෙන්න සිහින දැකීම සැබෑ යථාර්තය වීම වෙනම කතාවක්). ඉතින් පියුමිලා, චන්දිමාල් ලා ගේ විසිතුරු ඇඳුම් පාටි, සාම්ප්‍රදායික මනසට නුහුරු සාද විනෝද වීම් ඒ මනස තුළ ඇති කරන්නේ කෙනිත්තිල්ලක ස්වභාවයක්. මෙච්චර මිනිස්සු දුක් විඳින කොට, මෙච්චර අමාරුවෙන් කට්ට කාගෙන රෝල ගහගෙන අපි ජීවත් වෙනකොට, මුන් මෙහෙම බාල් නටන්නැතුව දුප්පත් දරුවෙක්ට පොතක් පැන්සලක් වඩයක් පෙපර්මින්ට් එකක් බ්ලා බ්ලා බ්ලා… ඒ ඇරියස් එක වෙනම ලෝකෙටම වඩා ලොකු එකක්. චැනල් අයිතිකාර බිස්නස්කාර කෝටිපතියාගේ වචනෙට අනුව හෙළුවෙන් නටන චමුදිත සහ පහුගිය මහින්ද පාලන සමයේ (යහපාලනයට කලින්) රටටම විහිලුවක් වෙමින් ආණ්ඩුවේ රෙදි හේදීමේ සට්ටැඹිකම් කරපු අජිත් රෝහණ වැන්නන්ට එල්ල නොවෙන විරෝධයක් ඇරියස් එකක් පියුමිලා චන්දිමාල්ලා වෙත එල්ල වෙන්නේ ඒ නිසයි.

    7. අවසාන වශයෙන්, මේ පියුමි හංසමාලී නොරුස්නාව, ශරීරය ප්‍රදර්ශනය වෙන විදියට අඳින, උස් හඬින් කතා කරන ඇගේ හැසිරීම් වලට පමණක් එල්ල වෙන නොරුස්නාවට පමණක් සීමා වූවක් නෙමෙයි. අරක්කු බොන, සිගරට් බොන (පිරිමින්ට නම් හොඳ ගෑණුන්ට නම් නරක හැසිරීම්), ලිවින් ටුගෙදර් ඉන්න, තනි පිරිමියෙක්ට සීමා නොවන ප්‍රසිද්ධ ආදර සබඳතා වල (විෂම ලිංගික හෝ සමලිංගික) නියැලෙන… මේ ආකාරයේ සම්මත සාම්ප්‍රදායික රාමුවෙන් එළියේ සටහන් වන පිරිමි හඬට අපහාසයට නොනැමෙන සියලුම කාන්තාවන්ට මේ විරෝධය මේ ආකාරයෙන්ම හෝ වෙනත් ආකාර වලින් එල්ල වෙන්න නියමිතයි.



    සාම්ප්‍රදායික මනස තුළ මුල් බැසගෙන තිබෙන, යම් යම් අවස්ථා වලදී මතු පිටට නැග එන මේ නොරිස්සුමට හේතු විදියට මට පෙනෙන්නේ සිතෙන්නේ ඉහත කරුණුයි. මෙහිදී මම වැරදි විය හැකියි. මා වැරදි නම් නිවැරදි වෙන්න ඉතා කැමතියි. එනිසා මෙම සටහනෙන් සාකච්ඡා වුන ප්‍රශ්නය මා ඔබෙන්ම පෙරළා අසන්නම්.

    ඔබට පියුමි හංසමාලී නොරුස්සන්නේ ඇයි?

    ඒ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න පෙර මේ කරුණ සිහිතබාගන්න.

    ඔබගේ සිතේ වෙනත් කෙනෙකුට එරෙහිව නැගෙන නොරුස්සන හැඟීමක් තුළ, ඔබ විසින් ඔබටම වසන් කරගන්න උත්සාහ කරන ඔබ ගැන ලොකු කතාවක් සැඟව තියෙන්න පුළුවන්.
    (උපුටා ගැනීම ජේමිස් බණ්ඩාගේ blog එකෙන්)
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    1624190991976.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඔය රට විකුණන් කන දේශපාලුවෝ ඉන්නේ අපේ කැමැත්තෙන්ද??? එහෙම එකේ මේ ගෑණිට අකමැති වෙන්නේ මොකටද?? අඩුම තරමේ ඒ ගෑණි විකුණන් කන්නේ ඒ ගැණිගේ ඇග. එහෙම බලනකොට ඔය පාරවල් වහගෙන ගාඩ්පිට යන උන්ට වඩා මේ මනුස්සයා රෙස්පෙක්ට්.