පිය_සෙනෙහස

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    63583186_picture743.jpg


    ඉන්දියාවේ රාජාස්ථානයේ බහාරත්පූර්හි වෙසෙන බබ්ලූ ජතාව් රික්ෂෝ කරුවෙකි. ඔහු තම වෘත්තියේ නියැලෙමින් දිනකට ඩොලර් හයක පමණ ආදායමක් ලබයි. මෙයට මාසයකට පෙර ඔහුගේ බිරිඳ ශාන්ති කුළුඳුල් දරු ප‍්‍රසූතියේදී මිය ගියාය. බබ්ලූ තම බිළිඳා සමග මෙලොව තනිවිය. එහෙත් ඔහු ඔහුගේ මසක් වයසැති දියණියට අසීමිතව ආදරය හා රැකවරණය ලබාදෙයි. කිසිදු විටෙක බබ්ලූ මව අහිමි තම දියණිය තනිකර දමා කොතනකවත් නොයයි. පසුගියදා බබ්ලූ තම සුපුරුදු වෘත්තියට නැවතත් අත තැබුවේ ජීවත් වීමට අන් මගක් නොමැති නිසාය. බබ්ලූ තම එක අතකින් රික්ෂෝව පදින අතර තුර කරේ එල්ලාගෙන සිටින තම කුඩා දියණිය අනෙක් අතින් ආරක්ෂා කරයි. ඔහු මෙලෙස තම වෘතියේ නියැලෙන අතර තුර (බීබීසී) බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය කැමරාවට මෙම අරුම පුදුම පියසෙනෙහස හසුවිය. බබ්ලූ නැමැති ආදර්ශමත් උතුම් පියා ගැන ලෝකයේම අවධානය යොමු වෙයි. ඒ අතර සිටින ධනපතියෝ මෙම පියාටත් දියණියටත් උදව් කිරීමට සූදානමින් සිටිති.




    :(




    source:lankadeepa
     
    • Like
    Reactions: c boy