පිය_සෙනෙහස

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(:(:(මහ මඟ හැර දමා ගිය පිය සෙනෙහස

    sxUAMli.jpg


    සිය පුත්‍රයා විසින් මහමඟට ඇද දමා ගොස් ඇති අසරණ වයෝවෘද පියෙකු පිළිබඳව සංවේදී පුවතක් අම්බලන්ගොඩ නුගේතුඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.

    මේ වයස අවුරුදු 75ක් පමණ පියසිරි නම් වූ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්.

    දැඩි ලෙස රෝගාතුරවී සිටින මෙම වයෝවෘද පියා ඊයේ(28) පස්වරු 3ටපමණ අම්බලන්ගොඩ, නුගේතුඩුවපාර ප්‍රදේශයට මෙලෙස ගෙනැවිත් දමා තිබුණි.

    අප කළ සොයා බැලීමකදී අනාවරණ වුනේ මෙම වයෝවෘද පුද්ගලයා මාසයක පමණ කාලයක් පොල්වත්ත දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත තම දරුවන් සිටින නිවස වෙත රැගෙන ගොස් තිබූ බවයි.

    ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරු 3 ට පමණ නැවතත් ත්‍රීරෝද රථයක දමාගෙන මෙම පුද්ගලයාගේ තම පුත්‍රයා විසින් අම්බලන්ගොඩ, නුගේතුඩුවපාර ප්‍රදේශයට ගෙනැවිත් දැමූ බවයි.

    ප්‍රදේශවාසීන් විසින් අම්බලන්ගොඩ පොලීසියට මෙම වයෝවෘද පියා පිළිබඳව දැනුවත් කර ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාව එම ස්ථානයෙන් පොල්වත්ත දිසා රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.

    වයෝවෘද පුද්ගලයෙකු මෙලෙස මහමඟ දමායාම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාගේ පුත්‍රයට එරෙහිව නීතිමය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් සඳහන් කළේය.




    ----------

    Source
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොකුත් නොකියා ඉමු,පුතා කියන එකාට රිටන් එක හැමබවෙයි :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයි දෙන්නට පිළිකාවක් හැදුනොත් ශෝක් :love: හැදිල ඉන්න තැනකුත් නැති වෙන්න ඕනෙ පාරෙ ඉඳන් විඳවන්න :love:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කරන කලට පව් මීරිය මීසේ..
    විදින කලට දුක් දැඩි වෙය් ගිනිසේ...