

මහ මඟ හැර දමා ගිය පිය සෙනෙහස
සිය පුත්‍රයා විසින් මහමඟට ඇද දමා ගොස් ඇති අසරණ වයෝවෘද පියෙකු පිළිබඳව සංවේදී පුවතක් අම්බලන්ගොඩ නුගේතුඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.
මේ වයස අවුරුදු 75ක් පමණ පියසිරි නම් වූ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්.
දැඩි ලෙස රෝගාතුරවී සිටින මෙම වයෝවෘද පියා ඊයේ(28) පස්වරු 3ටපමණ අම්බලන්ගොඩ, නුගේතුඩුවපාර ප්‍රදේශයට මෙලෙස ගෙනැවිත් දමා තිබුණි.
අප කළ සොයා බැලීමකදී අනාවරණ වුනේ මෙම වයෝවෘද පුද්ගලයා මාසයක පමණ කාලයක් පොල්වත්ත දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත තම දරුවන් සිටින නිවස වෙත රැගෙන ගොස් තිබූ බවයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ පස්වරු 3 ට පමණ නැවතත් ත්‍රීරෝද රථයක දමාගෙන මෙම පුද්ගලයාගේ තම පුත්‍රයා විසින් අම්බලන්ගොඩ, නුගේතුඩුවපාර ප්‍රදේශයට ගෙනැවිත් දැමූ බවයි.
ප්‍රදේශවාසීන් විසින් අම්බලන්ගොඩ පොලීසියට මෙම වයෝවෘද පියා පිළිබඳව දැනුවත් කර ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාව එම ස්ථානයෙන් පොල්වත්ත දිසා රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.
වයෝවෘද පුද්ගලයෙකු මෙලෙස මහමඟ දමායාම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාගේ පුත්‍රයට එරෙහිව නීතිමය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් සඳහන් කළේය.
----------
Source
හැදිල ඉන්න තැනකුත් නැති වෙන්න ඕනෙ පාරෙ ඉඳන් විඳවන්න
