පිරිත කියන්නේ හරියට ශාන්තිකර්මයක් වගේ දෙයක්.
මම නම් පුද්ගලිකව පිරිතට හෝ වෙනයම් චාරිත්‍ර වලට
අධිස්වාභාවික බලයක් ගෙනත් දෙන්න පුළුවන් කියල
හිතන්නේ නැහැ.
සමහරු කියනවනේ පිරිතේ ගන පිහිටුවලා තියෙනවා කියලා.
ඒ නිසා එහි බලයක් තියෙනවාය කියලා.
මම නම් හිතන්නේ නැහැ බුදු හිමියන්ට
ඒ වගේ ගන පිහිටුවලා ධර්මය දේශනා කරන්න
අවශ්‍යතාවක් තිබුන කියලා.
ඇත්තටම ඔය පිරිත් කියන්නේ
බුදුහිමියන් විසින් දේශනා කරන ලද
සූත්‍ර නේ.
ඒවා ඒ කාලේ ව්‍යවහාරික භාෂාවෙන් කියපු
ධර්ම දේශනා වගේ.
උදාහරණයක් හැටියට
රතන සූත්‍රය ගත්තොත්
එතන තියෙන්නේ
තෙරුවනේ ගුනබලයේ සත්‍යානුභාවයෙන්
කරදර දුරු වෙන්නැයි
කරන පැතුමක්.
ඒත් ඔය රතන සූත්‍රය ආශ්‍රිතව තියෙන
විශාලා මහනුවර කතාව
සූත්‍ර පිටකයේ එන එකක් නෙවෙයි.
ඒක අටුවාවල එන දෙයක්.
ධර්මය අනුගමනය කිරීමෙන්
කෙනෙකුට සසර ගමන නවතන්න
පුළුවන් වීම හැරෙන්න
යමක් මතුරලා
මොකක් හරි දෙයක් ඉෂ්ට වෙනවයි කියලා
හිතීම
ඇත්තටම
බ්‍රාහ්මණ අදහසක්.
ඒත් මේ කිසිවකින්
මම පිරිතේ තියෙන සිංහල බෞද්ධ
සංස්කෘතික අනන්යතාවවත්.
එහි සුන්දරත්වයවත්
ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
එය සිංහල බෞද්ධ සංස්කෘතියට
අයත් දෙයක් මිස
මුල් බුදු දහමට අයත් නැහැ.