අනුර ගැන ලාකාගේ කතාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,306
    100,139
    113
    ලකාගේ https://www.facebook.com/@laka.darmarathna.3 වෝල් එකෙන් ගත්ත තඩි හැල්ලක් කැමති නන් විතරක් කියවන්න නැත්තං කෙලින්ම බම්පී එකක් දාලා යන්න 🙄

    අනුර සහ "අනෙක් පද්ධතීන්" අතර මැච් එක...

    දැන් මේක කියවන උඹලා පූර්ව නිගමනයක ඉන්නවා මම අනුර තමයි දිනන්නේ සහ දිනිය යුතුයි කිව්ව නිසා මම NPP පාක්ෂිකයෙක් කියලා. මම 2019 ගෝඨා දිනිය යුතුයි කිව්වම උඹලා මාව පොහොට්ටු ගොඩට දැම්මා වගේම එකක් තමයි ඒකත්. මම ඔය එකකවත් නෑ. ඉතිං අපි අපේ කතාවට යමුකො....

    ලංකාවේ ආණ්ඩුවකට ව්‍යවස්ථාපිත බලයන් හම්බුණාම ඊළඟ ලොකුම චැලේන්ජ් එක තමයි මෙන්න මේ "අනෙක් පද්ධතීන්" වළ බලය ගන්න එක...

    ඉතිං මීට ටිකදවසකට කලිං කිව්ව වගේම ආණ්ඩුව මූලික පරාජයන් එක්ක දඟලමින් ඉන්න වෙලාවක් මේක. හේතුව දේශපාලන බලය ලැබුණත් "අනෙක් පද්ධතීන්" වල බලය ආණ්ඩුවට ලැබෙන්න තව ටික කාලයක් යන එක. අඩුම තව අවුරුද්දක් විතර වගේ යනවා "අනෙක් පද්ධතිවල" බලය සීයයට සීයක් ආණ්ඩුවට ලැබෙන්න....

    මම මේ කියන එක තේරුම්ගන්න හොඳම උදාහරණය තමයි 2005 මහින්ද. මම හැමදාම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 'මහින්ද' තමයි තීසීස් එක කියලා.

    මහින්ද බලය ගන්නකොට ව්‍යාපාරික පංතිය, පොලිස් සහ හමුදා, එයාලගේ පක්ෂය, පාතාලය, මාධ්‍ය ආයතන වගේ එකී මෙකී නොකී කිසිම එකක බලය මහින්දට තිබ්බේ නෑ. ඒ හැම එකම තිබුණේ මහින්දට විරුද්ධ කඳවුරේ. පක්ෂේ බලය චන්ද්‍රිකා අතේ තියාගෙන හිටියේ. මහින්දට සහ එයාගේ කණ්ඩායමට 'රනිල්වාදී' මධ්‍යම පංතික පොෂ් ටොයියෝ හිනාවුණේ ගොඩයෝ කියලා (ඕකට පස්සේ බයියා කියන එක ආදේශ කලේ මහින්ද). මේ අද වගේම වගේම මහින්දට ඉංග්‍රීසි බෑ, කිසිම රටක් මහින්ද ගණං ගන්නෑ වගේ කතා අටෝරාසියක් තිබ්බා.

    ඉතිං මේකේ පවතිනවානං මෙන්න මේ දේශපාලන බලයෙන් නොලැබෙන 'අනෙක් පද්ධති' වල බලය තමන් අතට කෙක්කෙන් හෝ කොක්කෙන් ගන්න ඕනේ කියලා අවුරුදු තිහක් වගේ ඒ වෙනකොට දේශපාලන පොරපිටියේ හිටපු මහින්ද දැනගෙනමයි උන්නේ. මහින්ද ප්‍රමුඛ පිරිස ඊටපස්සේ ඒ 'අනෙක් සියළු පද්ධති' වල බලය තමන් අතට ගත්ත හැටි ඉතිහාසය මතක අයට මතකයි. තිබ්බ ඒවට කුඩුවෙන්නම ගහලා, මාධ්‍ය අලුතෙන් හදලා, අළුත් ව්‍යාපාරික පංතියක් හදලා, සියලූ පද්දති තමන්ට දෙකට නැවිලා වඳින ගාණට යුද්ධෙ පාවිච්චි කරගෙන මහින්ද හදාගන්තතා.... ඔබට මතකනම්....

    2015 යහපාලන ආණ්ඩුවට මේ 'අනෙක් පද්ධති' වල බලය ගන්නම බැරි වුණා. එකක් මේ අනෙක් පද්ධති එතකොට සහමුලින්ම මහිදලා කවා පොවා හදපුවා. අනික් හේතුව ආණ්ඩුව ඇතුලේ පටන් ගන්න තැන ඉඳලම තිබුණ අවුල. එහෙම අවුලක් ආව ගමන් අනෙක් පද්ධති පටාස් ගාල තමන්ට ලේසි එකට හේත්තුවෙලා ගේමක් ගහනවා.

    2019 ගෝඨාභය ආවහමත් මෙන්න මේ 'අනෙක් පද්ධති' එයාට පක්ෂව නෙවෙයි හිටියේ. ඇත්තටම ඒ 'අනෙක් පද්ධති' ගෝඨට වියදම් කලේ මහින්ද වෙනුවෙන්ම විතරයි. ඉතිං ගෝඨට සිද්දවුණා ආයෙම මේ බලවත් 'අනෙක් පද්ධති' එක්ක ගැටෙන්න. ඒ ගැටීමේ ප්‍රතිපලය තමයි ගෝඨාභය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානේ පුටුවක ඉඳගෙන 'හාල් මිල' ගැන කෝල් එකක් ගන්න කොල්ලෝ කෝචොක් දාපු පිංතූරය. ඒ කෝචොක් දාන කිසිම කෙනෙක්ට තමන් කරන්නේ මෙන්න මේ 'අනෙක් පද්ධති' වල අවශ්‍යතාව ඉෂ්ඨ කිරීම කියලා තේරෙන්න තරම් දේශපාලන දැනුමක් ඒ කාලෙත්, අදත් නෑ. ගෝඨා RMV එකට PASSPORT ඔෆීස් එකට ගිහිල්ලත් මේ 'අනෙක් පද්ධතීන්' එයා දන්න හමුදා සිස්ටම් එකෙන් කීකරු කරගන්න බැළුවා. නමුත් බෑ....

    එයාලා ගෝඨව සැලකුවේ 'අපිට ඔයා වැඩක් නෑ... අපේ මිනිහා මහින්ද' කියලා. සාමාන්‍ය ජනතාව විතරයි මුල වෙලාවෙවත් ගෝඨට හිටියේ. මේක තේරෙනකොට ගෝඨාභය සෑහෙන්න පරක්කුයි. තේරුණ ගමන් එයා 'ගම සමග පිළිසඳර' කියලා එකක් හදාගෙන තමන්ට තියන එකම බලය වුණ 'ජන බලය' ශක්තිමත් කරගන්න පටන්ගත්තා. ගෝඨා එක්ක එයාලගේම කණ්ඩායම නොම්මර එකටම පැටළුනේ මේකෙන්.... ඉන්ටන්ෂිප් එකකට දාපු ගෝඨා පර්මනන්ට් වෙන්න ට්‍රයි කරනාව කියන එකෙන්.... ඊටපස්සේ වුණ ටික අපි හැමෝම දන්නවා...

    දැන් අනුරට ජන බලය උපරිමයෙන් ලැබිලා. හැබැයි 'අනෙක් පද්ධති' වල බලය තවම ලැබිලා නෑ. එතකොට මෙච්චර කල් අනික් ආණ්ඩුවලටත් වල කපපු, ඒ ආණ්ඩුවලට කෙලවීම නිසා දුකෙන් ඉන්න ඒ පාක්ෂිකයෝ ඔක්කොම අනුරට විරුද්දව තමන්ගේ කණ්ඩායම් වලටත් කෙලවපු 'අනෙක් පද්ධති' වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ 'අනෙක් පද්ධතීන්' හැමවෙලාවේම පාවිච්චි කරන්නේ මෙන්න මේ හිතරිදීමෙන් ඉන්න විරුද්ධ පාක්ෂිකයන්ව. ගෝඨාට එරෙහිවත්, යහපාලනයට එරෙහිවත් හැම එකටම එරෙහිව එයාලා පාවිච්චි කරන්නේ විපාක්ෂික හිත රිදුණ කන්ඩායම්....

    දැන් හාල් ප්‍රශ්නය, ඊළඟට රාජ්‍ය සේවක, ප්‍රවාහන සේවා, වැටුප්, වෘත්තීය සමිති වගේ එක එක විදිවලින් "අනෙක් පද්ධතීන්" තමන්ගේ බලය ආණ්ඩුවට පෙන්නනවා.....

    මේකෙන් 2005 මහින්ද බේරුණා ... හැබැයි ඒකට එවක ජනකාන්ත මහින්ද පාවිච්ච කලේ ජනතාව තමන්ට දුන්න බලය 'චණ්ඩිකමක්' ලෙස පාවිච්චි කරමින් මේ "අනෙක් පද්ධතීන්" දමනය කරපු එක. 2022 රනිල් මේකෙන් බේරුණා. ඒකට රනිල් පාවිච්චි කලේ අසරණ වෙලා ඉන්න ජනතාවගේ අසරණකම වරමක් කරගෙන ව්‍යවස්තාව ආයුධයක් ලෙස පාවිච්චි කරමින් මේ "අනෙක් පද්ධතීන්" දමනය කිරීම.

    අනුර කියන්නේ මහින්දගේ ජනකාන්ත භාවය ඊට වැඩියෙනුත්, රනිල්ගේ තියන ශූර සහ ප්‍රචණ්ඩ දේශපාලන දැනුම ඊටත් වැඩියෙනුත්, එකිනෙකට සම අනුපාතයෙන් මිශ්‍රව හැදුණ දේශපාලන දරුවෙක්.

    රනිල්ටත් මහින්දටත් තිබ්බේ එක හැකියාව බැගින්. නමුත් අනුර ඒ හැකියා දෙකම සම සමව අතට අරගෙන ඇවිල්ලා ඉන්නේ. දැන් ඉන්නේ චන්දේ කාලේ හුරතලේට හිනාවෙලා අතවනපු අනුර 'සහෝදරයා' නෙවෙයි. දැන් මේ ඉන්නේ ජේ.ආර් ගේ ව්‍යවස්ථාවෙන් හදපු අපේ රටේ නවවන 'විධායක' ජනාධිපති.....

    විධායක බලය, පක්ෂයේ ශක්තිය, ශූර සහ තියුණු බුද්ධිය, ක්ෂණික ප්‍රතිචාර, තනිවචනයේ ප්‍රචණ්ඩ උත්තර, පොලවේ මිනිස්සුන්ගැන තියන දැනුම, දේශපාලනික උද්ධච්චකම ආදී එකී මෙකී නොකී බලයේ සමස්තය අනුරගේ අතට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතුරු මේ අනෙක් පද්ධතිවල බලය විතරයි......

    අනුර ඒ කොටසේ බලය ගන්නේ මහින්ද, රනිල් මිශ්‍ර ක්‍රමයකින් කියලා මට සීයට සීයක් ෂුවර්.... ඒ කියන්නේ ජනකාන්ත බලයත්, ව්‍යවසව්‍යවස්ථාපිත බලයත් දෙකම පාවිච්චි කරලා පිට අතගාලා ඇඟ රිදවලා.....

    ආණ්ඩුවේ ඉදිරි වසරේ "අනෙක් පද්ධතීන්" එක්ක ගමන්මග මේක.....

    ඔය පහළින් තියෙන්නේ Loku Business කියන පිටුවකින් මම උපුටාගත්තු පිංතූරයක්.... මේ ආණ්ඩුවට ඡන්දේ දුන්න අය හිතන්නේ ආණ්ඩුව යන්නෙ ලැබෙන්නේ ඉහළ පිංතූරයේ විදියට කියලා... ඒත් ඇත්තටම ආණ්ඩුවට යන්න වෙන්නේ පහළ පිංතූරයේ විදියට.....

    ඒ ගැන ආණ්ඩුව දැනුවත්නං එච්චරයි....

    ප.ලි
    ඕනෑම ලොකු නිධානයක් ගන්නකොට බිල්ලක් දෙන්න වෙනවා. බැරිවෙලාවත් කතානායකතුමා තමන්ට අයිතිනැති සුදුසුකම් තමන්ගේ කියලා බොරුවට දාලනං උත්තරය සරලයි.....

    කතානායකතුමා තුන්කුළුඳුල්.... 😁
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කූඹියෝ ලකා නේද? 2019 දි අනුර 3% ට වැටෙන්න එක හේතුවක් තමයි ලකා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,306
    100,139
    113
    • Like
    Reactions: xVOLDYx and SLK_sri

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එළකිරි ඔස්තාර්ලාට වඩා මේ ලකා කියන පොරට හොඳ දේශපාලන කියවීමක් තියෙනවා 😏

    ඔය පොර කියලා තියෙන "අනෙක් පද්ධතිවල" කතාවනම් 100% හරි 😏 මොකද 2015 යහපාලනය කාලේ රනිල්ට කොච්චර මඩ ගැහුවාද රාජපස්ස අවතාර, උගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මානේ. (හොඳම උදාහරණය 2020 මහ මැතිවරණයෙන් UNP එක වැටුණ තැන) පස්සේ ඒ රනිල්ම 2022 දි ජනාධිපති වෙලා ඉන්නකොට අර රාජපස්ස අවතාර ටික රනිල් එක්ක අත් අල්ලාගෙන හිටියා, ඒකයි කිසි අවුලක් නැතුව රට අවුරුදු දෙකක් අල්ලාගෙන යන්න පොරට පුළුවන් උනේ :yes:

    ලප අයියා මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලාගෙන තමයි ඉන්න වෙන්නේ 🙄, ආණ්ඩුව අවුරුද්දෙන් දෙකෙන් වැටෙනවා කියන්නේනම් විහිළු කතා, අයවැය පරාද උනේ නැත්නම් අවුරුදු දෙක හමාරක් යනකම් ඉන්න වෙනවා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 🤷🏽‍♂️
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව් පොරගෙ analysis හැබැයි වැඩ
    ගෝඨා එන්න කලින් ලකා මොනවද කිව්වෙ කියලා දන්නෙ නෑ මං. ඒ හින්දා දැන් මේ අනුර ගැන කියන්නෙ මොන අරමුණෙන්ද කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් මිනිස්සුන්ගෙ ඔලුවලට තමන්ට ඕනි දේ plant කරන්න දක්ෂයෙක්. මේ වගේ අය තමන්ගෙ පැත්තෙ ඉන්නවා නම් ඒක වාසියක්
     
    • Like
    Reactions: Bart_Allen

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    එළකිරි ඔස්තාර්ලාට වඩා මේ ලකා කියන පොරට හොඳ දේශපාලන කියවීමක් තියෙනවා 😏

    ඔය පොර කියලා තියෙන "අනෙක් පද්ධතිවල" කතාවනම් 100% හරි 😏 මොකද 2015 යහපාලනය කාලේ රනිල්ට කොච්චර මඩ ගැහුවාද රාජපස්ස අවතාර, උගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මානේ. (හොඳම උදාහරණය 2020 මහ මැතිවරණයෙන් UNP එක වැටුණ තැන) පස්සේ ඒ රනිල්ම 2022 දි ජනාධිපති වෙලා ඉන්නකොට අර රාජපස්ස අවතාර ටික රනිල් එක්ක අත් අල්ලාගෙන හිටියා, ඒකයි කිසි අවුලක් නැතුව රට අවුරුදු දෙකක් අල්ලාගෙන යන්න පොරට පුළුවන් උනේ :yes:

    ලප අයියා මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලාගෙන තමයි ඉන්න වෙන්නේ 🙄, ආණ්ඩුව අවුරුද්දෙන් දෙකෙන් වැටෙනවා කියන්නේනම් විහිළු කතා, අයවැය පරාද උනේ නැත්නම් අවුරුදු දෙක හමාරක් යනකම් ඉන්න වෙනවා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 🤷🏽‍♂️
    budget eka parada wenna bahane machan. NPP eke athule bedillak athi unoth witharai me anduwa parliment eka athulen wisuruwanna labenne. ape gon harak risk assessment ekak karanne nathuwa 2/3ma deela dammane. Aye aragalayak athi wei kiyala nan man hithanne naha. Ehema wennath epa. Aragalayata hethu wechcha dewal ayeth unoth godak welata lankawe ithiri wela inna professionalsla, migrate wenna podi hari hakiyawak thiyena hamoma yai. Ithiri wenne ithin wayasaka ayayi migrate wenna capability ekak nathi minissu tikak. Me anduwa 5 years yayi.