පිරිම් අයට ඉන්න ගැහැණු මිතුරිය

Dec 14, 2020
5
26
3
Matara
youtube.com
මේ ලෝකෙ හැම පිරිමියෙකුටම ඉන්න ඕන ගෑනු යාලුවෙක්...

වේල් තුනටම කෑවද බිව්වද කියලා ගෑනි වගේ හොයන එකියක් නෙමෙයි. ඉඳලා හිටලා ඌ ආසම අල පූරි හම්බුන වෙලාවක " මම කනවා තොටත් එවන්නද " අහන එකියක්.

හන්දියට යන්නත් ඇඳගෙන යන්න ඕන මොකද්ද කියලා ගෑනි වගේ තෝරලා දෙන එකියක් නෙමෙයි.
හදිස්සියේ පාටියකට යන්න ඇඳුමක් නැත්තං " අහවලා ගාව ලස්සන එකක් තිබ්බා උඹට නියමෙට මැච් වෙයි ඉල්ලලා දෙන්නද " අහන එකියක්.

දවස ගානෙ ගුඩ්මෝනිං ගුඩ්නයිට් කිය කිය ගෑනි වගේ ඩේලි අප්ඩේට් එක ගහන එකියක් නෙමෙයි. මාසයක් හමාරක් අතුරුදන් වෙලා හිටියම " තෝ මැරිලද මොකක් හරි අවුලක්ද " කියලා අහන එකියක්.

රෑට රෑට සීතලයි කිය කිය ගෑනි වගේ ඇමිණෙන්න හදන එකියක් නෙමෙයි. හික් ගෑවෙන දෙයක් හම්බුණාම " බඩ්ඩක් හම්බුණා තොටත් එවන්නද ගෑනිට යවපන් " කියන එකියක්.

සේරම විශේෂ දවස් මතක තියාගෙන ගෑනිට කලින් සුබ පතලා ගෑනිව පැත්තකට දාලා මුල් තැන ගන්න හදන එකියක් නෙමෙයි. ඒත් මතක තියාගෙන " තොගෙ අහවල් දවස මට අමතක නෑ හරිද කන්න ඇරන් දීපිය " කියන එකියක්.

දුකක් කරදරයක් ආවම අස්සෙ ලැගගෙන ගෑනි වගේ " මම ඉන්නවනෙ " කිය කිය වෙලෙන්න එන එකියක් නෙමෙයි. " මගෙන් වෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියපන්කො මම කරන්නම් " කියන එකියක්.

හතර වටේටම " එයා ඉතින් මගේනෙ එයා වැඩියෙන්ම ආදරේ මට " කියලා වැළලෙන්න හදන එකියක් නෙමෙයි. " ආ ඌ හොඳ එකා. අවුලක් නෑ " කියලා බොක්කෙ ආදරේ බොක්කෙම තියාගෙන ඉන්න එකියක්.

කොටින්ම හැම පිරිමියෙක්ටම ඉන්න ඕන ගෑනි වෙන්න හදන්නෙ නැති , ගෑනිගෙ තැන උදුරගන්න දඟලන්නෙ නැති ,
ගෑනිට ඌට වඩා ආදරේ කරන ,
උන්ගෙ රණ්ඩු වලට විසඳුමක් මිස හේතුවක් නොවන එකියක්. හැබෑම යාලුකම අඳුනන...
ඒකි ඊට හොඳ උදාහරණයක් වෙච්ච බව ගෑනිම පිළිගත්ත... !

ඒ වගේම... හැම ගෑනියෙකුටම ඉන්න ඕන එහෙම පිරිමි යාලුවෙක්... මිනිහා වෙන්න දඟලන්නෙ නැතිව ඒකිව හැමදාම උසකින් තිබ්බ...

ඇත්තටම , හැමෝටම ඉන්න ඕන එහෙම සෝල්මේට් කෙනෙක් ,

උන්ගෙ ගෑනිටයි මිනිහටයි හිතින් ඉබේම උන් එක්ක තමන්ව සංසංදනය කෙරිලම " කවදාවත් ආදරේ නම් බිංදුවක්වත් අඩු කරන්න හොඳ නෑ " කියලා හිත ඇතුළෙන් තමන්ටම පොරොන්දු වෙන තරමට තමන්ගෙ කෙනා ගැන ඉරිසියාව බය ඇති වුණ... !

බලා සැනසිමට නොව සිතා විමසිමට
#වයිට් lion invention

බුදු සරණයි !
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕක නම් ලංකාවෙ ලොවෙත් ප්‍රැක්ටිකල් නෑ මං හිතන්නෙ.

    ගෑණුන්ට හොඳම යාලුවෙක් වගේ ලං වෙන්න බෑ උන් තමුන්ගේ කොල්ලා/ මිනිහා එක්ක කම්පෙයා කරන්න ගන්නවා. අපි ඌට වඩා උඩින් නම් උන් ලව් කරන්න ගන්නවා ඊට පස්සෙ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    yes true
    ee unaata
    ehema geeniyak kohenda hoyaaganne, lankaawe samajaye ehema innawa kiyala hithanne ne
    ලංකාවේ සමාජයේ නම් 99.99% දෙනෙකුටම ඔය සීමාව පනිනවා බං. හැබැයි එහෙම එකෙක් ඉන්න උනුත් නැතුව නෙවෙයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,995
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "මොකෝ ගැනී මේ ටිකේ දුන්නේ නැද්ද වරෙන් වරෙන් මටත් මේ හරිම අමාරුවෙන් ඉන්නේ" කියල කියන එකක් නැද්ද හොයාගන්න

    e kalla dan ey dan kiyala hituwata we na :(
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "මොකෝ ගැනී මේ ටිකේ දුන්නේ නැද්ද වරෙන් වරෙන් මටත් මේ හරිම අමාරුවෙන් ඉන්නේ" කියල කියන එකක් නැද්ද හොයාගන්න
    ඇයි නැත්තෙ, මට සෙට් වෙලා ඉන්නව එහෙම එකක් 😍.
    පොඩි වෙනසකට තියෙන්නෙ උඹ කිව්ව ටිකට අමතරව මේකත් කියනව
    "මතක ඇතුව වික්ස් එක ඉවර නම් සිද්දාර්ත තෙල් කුප්පිය ගෙනෙන්" කියල.
     

    Sen-lu

    Well-known member
  • ගෑණුත් එක්ක මචං සීන් එකේ ඉන්න බෑ බං. ඕවා ඉතින් කියල දෙන්න බෑ අත්දැකීම් එනකොට තේරෙයි. ඔය concept හොඳයි සමන් එදිරිමුණියගෙ කතන්දර වලට.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ප්‍රැක්ටිකල් නෑ
    ෆැන්ටසියක් තනිකර
    ඔහොම වෙන්නන්
    උට හෝ ඒකිට උ ගැන හෝ ඒ්කි ගැන මුලින් ආදරයක් තිිිිිබිල තියෙන්නත් ඔනි
    ඉට පස්සේ ඒ්කිට කොල්ලෙක් හෝ උට කෙල්ලෙක් සෙට් නොවී තියෙන්නත් ඔනි
    ඔහොම හොයල බලන්න ඇත්තටම උට හෝ ඒකිට මාරම හැගීමක් තියෙන්න ඔනි ඒකි ගැන හෝ උ ගැන
    කාලයත් ඒක්ක සෙනහස ආදරය හැගීම් වගේ දේවල් වෙනස්වෙනවා බං
    අම්මගේ තාත්තගේ ඇරෙන්න
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට ඔහොම එකියක් ඉන්නවා. 2014 දී අඳුර ගත්තේ.
    කිසිම love / sexual ගනුදෙනුවක් කිසි දවසක තිබ්බේ නෑ.
    නමුත් අවාසනාවට මගේ හිටපු ගෑනිට මෙකි කවුද කියන එක අඳුරගන්න බැරි උනා.
    ගෑනි ඇත අරුනා. හැබැයි මෙකි එදා වගේම අදටත් ඉන්නවා.
    ඉස්සරහටත් ගැණු එයි. යයි. හැබැයි මෙකි මහේ හොඳම යාලුවෙක්ව ඉඳි කියලා හිතනවා හැමදාම.
    ඒකිත් ඒකිගේ කොල්ලන්ට කියලා තියනවා මම ගැන.
    මගේ හිටපු ගැනී රණ්ඩු උනා වගේම උනුත් මෙකි එක්ක රණ්ඩු වෙලා තියනවා.
    එකියි මමයි දෙන්නම කියන කතාවත් තියනවා අපේ partner ට..
    "මට යාලුවෙක් ඉන්නවා. මේ ඉන්නේ එයා. මගේ බොක්කක්. මෙය එක්ක කතා බහ නං නවත්තන්න හදන්න එපා!"
    මට අනාගතේ එන ගැනියෙක් ඇහුවොත් එක්කෝ ඕකි එක්ක ඉන්නවා. නැත්තන් මම යනවා. දෙකෙන් එකක් තොර ගන්න කිවුවොත් මම තොර ගන්නේ මගේ මේ කියන යාළුවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Owa liyana godak unta ohoma un idala na :lol: un inne fantasy ekaka..lol

    Matath ohoma kellek hitiya...dan eya naha...wuna de hithaganna puluwanne...owa hithanawa wage thiyenne na..oya tharam lan wenawa kiyanne eka evolve wenawa..nathara wenne eka thanakin..man duk wenawa eka ehema wechcha eka gana..

    Mata hodama mage adahas walata 100%k galapuna ekama kena nathi una..:yes:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    කන්ෆිඩන්ස් නැති ගෑනුන්ටයි අහේනි පිරිමින්ටයි මේක හරියන්නෑ ආයිබෝං. එහෙම උන් තමන්ගෙ පාට්නර්/ස්පවුස් සෝල්මේට් කෙනෙක් එක්ක ඉන්නව ඉවසන්නෙත් නෑ උන්ට සෝල්මේට් කෙනෙක් එක්ක යාලුකම වන නොකරගෙන ඉන්ඩ තේරෙන්නෙත් නෑ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකේ එකක් අඩුයි.
    හොයාගනින් ගෑනි වගේ දවස් තුන හතරක් සෙල්ලම නොදැම්මත් ආසාවක් නැති එකියක් නෙවෙයි. මොකද උඹ දික් කරගෙන ඉන්නේ? ගෑනිට මෙන්සස්ද? වරෙන් මමවත් ටිකක් උරන්න කියලා සිප් එක පාත් කරන එකියක්.