පිරිමි ඇඟ කුඩාවීම තැවිල්ලට හේතුවක් ???

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    පිරිමි ඇඟ කුඩාවීම තැවිල්ලට හේතුවක් ???

    411cccde2670afa62aef2124a65a52a7.jpg





    පිරිමියෙකුගේ ශිශ්නයක මෙතෙක් පිළිගත් සම්මත දිග ප්‍රමාණය අඟල් 6 ක් වුවද පොදුවේ එහි සාමාන්‍යය ඊට අඟලකින් අඩු බව විද්‍යාත්මක සමීක්ෂණයකින් හෙළිවෙයි.


    පිරිමින් 15 500ක් ඇසුරින් කළ අධ්‍යයන 17 ක් නිරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ උත්තේජනයේදී අගල් 5.16 ක් (13.12 සෙ.මී) හා සාමාන්‍ය තත්වයේදී අඟල් 3.6 ක් (9.16 සෙ.මී) බවයි.

    1B5HMOu.png



    උත්තේජනයේදී සාමාන්‍ය වට ප්‍රමාණය අඟල් 4.39 කි. (11.66 සෙ.මී) සාමාන්‍ය අවස්ථාවේදී එහි දිග 3.66 කි (9.31 සෙ.මී)
    සාමාන්‍ය අවස්ථාවක එය දිගට ඇදීමේදී අඟල් 5.21 (13.24 සෙ.මී) දිගු වේ.

    cpt124093928-high-jpg.jpg


    තමාගේ ශිශ්නයේ ප්‍රමාණය ගැන දුකෙන් තැවෙන පුද්ගලයන් සම්බන්ධ වෛද්‍ය උපදේශනවලදී මෙම විද්‍යාත්මක සම්මතය බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි බව අධ්‍යයනය මෙහෙය වූ ලන්ඩන් කිංග්ස් කොලේජ් පාසලේ ඩේවිඩ් වීල් පවසයි.


    පුද්ගලයෙකු ගේ උස සහ ශිශ්නයේ දිග අතර සැලකිය යුතු සහසම්බන්ධයක් පවතී එහෙත් මැදැලිල්ලේ ප්‍රමාණය හා කකුලේ ප්‍රමාණය සමඟ එහි කිසිදු සබදතාවයක් පිළිබඳ සාක්ෂි හෙළි වී නැතැයි ඔහු පෙන්වා දෙයි.


    2006 දී කළ සමීක්ෂණයකට අනුව සිය සැමියන්ගේ ශිශ්නයේ ප්‍රමාණය පිළිබඳ කාන්තාවන්ගෙන් 85% ක්ම තෘප්තිමත් වෙති. පිරිමින්ගේ 45% සිය ප්‍රමාණය පිළිබඳ තෘප්තිමත් නොවන බව ද හෙළි වී තිබේ

    18i70xbolujrbjpg.jpg