"අද ශ්‍රී ලංකාවේ පුරුෂ පක්‍ෂය බුද්ධිමය ක්‍ෂේත්‍රවලින් අතුරුදන් වීමේ බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණපා සිටිනවා. පාසල්වල පුත්තු ඉගෙන ගැනීම නවතලා. අධ්‍යාපනය දූවරුන්ට පවරලා හමාරයි.
2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක් අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක් පමණයි. සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.
මේ අනුව බුද්ධිමය ක්‍ෂේත්‍රයෙන් පිරිමි අතුරුදන් වීම පටන් ගත්තෙ පාසලෙන්.
අද රටේ වෘත්තිකයන් වශයෙන් සෑම අංශයකම පිරිමි යටකරගෙන ස්‌ත්‍රී පක්‍ෂය බලය අල්ලගෙන එනවා. හැබැයි ඒකෙ බරපතළකම දෙමාපියන් වටහා ගත්තෙත් නැහැ. ඇතැම් විට ගුරුවරු වටහගත්තෙත් නැහැ."
පේරාදෙණිය සරසවියේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයක විශේෂ ආරාධිත දේශනය පවත්වමින් එසේ ප්‍රකාශ කළේය.
විදුහල්පති නීල් ශාන්ත ඒකනායක මහතාගේ මඟපෙන්වීම ඇතිව විද්‍යාලයීය ආචාර්ය මණ්‌ඩලය ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා
පසුගිය අවුරුදු පහළොව තුළම මට ගෑනුන්ට උගන්වලා ඇති වෙලා. ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක් වගෙයි.
ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි. වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.
ඊළඟට නීතිඥ වෘත්තිය. 70% ක් කාන්තාවො අල්ලගෙන. දැන් හුඟක් නඩු අහන්නෙ කාන්තාවො. නඩුකාරතුමියල දෙනව මරු තීන්දු. මේ ළඟකදි ස්‌ත්‍රී දූෂකයකුට දඬුවමක් දුන්නා. විත්තිකරු අවුරුදු 385 ක් හිරේට. ගෙවිල යන්න ආත්ම පහකට වැඩියෙන් ඉන්න වෙයි. ඒත් පිරිමි නඩු අහන කාලෙ නම් ස්‌ත්‍රී දූෂකයන්ට දඬුවම් දුන්නෙ කලින් අවවාද කරල රුපියල් 50 ක දඩයක් ගහල ඒක හරියට දිරි දීමනාවක් වගේ.
එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක් කාන්තාවො අල්ලගෙන. බැංකු ක්‍ෂේත්‍රයේ 65% ක්‌ම ගැහැනු.
අල්ලස් කොමසාරිස් දිල්රුක්‍ෂි ගිය ගමන් ආයිත් දැම්මෙ කාන්තාවක්. බය නැති බුද්ධිමත් පිරිමි නැතිව ඇති. කොච්චර පිරිමි ඉගෙන ගත්තෙ නැද්ද කියල කීවොත් පිරිමින්ට අද ඉතිරි වෙලා තියෙන්නෙ ප්‍රාදේශීය සභාවයි, නගර සභාවයි, පාර්ලිමේන්තුවයි විතරයි. ඒ එකකටවත් මොළේ ඕන නැති හින්ද.
තව අවුරුදු පහක් යනකොට ප්‍රසූත නිවාඩු දෙන්න වෙන්නෙ ස්‌වාමිපුරුෂයාට. මොකද එයාගෙ නෝන වැඩ කරන්නෙ ලොකු තනතුරක. එයාට බබාල බල බලා ගෙදර ඉන්න බැහැ. ගෘහමූලිකය වෙන්නෙ ගැහැනිය. පිරිමියා ගෘහ අමූලිකයා වෙනවා. මේක අලුත් වචනයක් විය යුතුයි. අද අපට අපේ රටට ගැහැනු උගතුන් 50% ක් පමණයි ඕනෑ කරන්නෙ. අනෙක් 50% බුද්ධිමත් පිරිමි විය යුතුයි. නැතිනම් අනාගතයේ සිදුවන මහා භයානක සමාජ විපර්යාසයෙන් රට ගලවා ගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ.