පිරිමි vs ගැහැණු

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    පිරිමි vs ගැහැණු

    මල්ටි ටාස්කින්(Multi Tasking):
    කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
    නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම අපහසු වන අතර ඔවුන් කරනු ඇත්තේ රූපවාහිනිය මදකට නවතා දුරකථන සංවාදයේ යෙදීම හෝ ඇමතුම නොසලකා හරිමින් රූපවාහිනී වැඩසටහන නැරඹීමයි.

    භාශා හැකියාව(Language):
    කාන්තාවන්ට ඉතා පහසුවෙන් භාශාවන් ඉගෙනගත හැකි නමුත් ගැටළු විසදීම අපහසු වේ. පිරිමින්ට භාශාවන් ඉගෙනීම අපහසු වන නමුත් ඔවුන්ට පහසුවෙන් ගැටළු විසදීමට හැකි වේ.වයස අවුරුදු 3ක් වන දැරියක් සතුව එම වයසේ පසුවන දරුවෙකුට වඩා තෙගුණයක් විශාල වචනමාලාවක් පැවතීමට හේතුව වන්නේ එයයි.

    විශ්ලේෂණ හැකියාව(Analytical Skills):
    පිරිමි මොළයේ විශාල පෙදෙසක් විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇත. එම නිසා ඔවුන්ට යම් කිසි ගැටළුවක් විශ්ලේෂණය කර ඒ සදහා විසදුමක් ලබා දීම හෝ ගොඩනැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු නොවේ.නමුත් කාන්තාවකට ගොඩණැගිල්ලක සංකීර්ණ සැලසුමක් තේරුම් ගැනීම අපහසු කාර්යයකි,ඔවුන්ට එය තේරුමක් නොමැති ඉරි රාශියක එකතුවක් පමනක් වනු ඇත.

    රිය පැදවීම(Driving):
    පිරිමියෙකු රිය පැදවීමේදී ඔහුගේ මොළයේ විශ්ලේෂණ කාර්යයන් සදහා වෙන් වී ඇති පෙදෙස් බෙහෙවින් ක්‍රියාත්මක වේ.පිරිමියෙකු රිය පදවන විට ඈතින් එන වස්තුවක් දුටු වහා ඔහුගේ මොළය වස්තුව කුමක්ද යන්න (බස් රථයක් ද,මෝටර් රථයක්ද),වස්තුවේ වේගය,එහි දිශාව යන්න ක්‍ෂණිකව හදුනා ගනී. නමුත් කාන්තාවකගේ මොළය වස්තුවේ වේගය සහ දිශාව හදුනා ගැනීමට වැඩි වේලාවක් ගත කරයි.එම නිසා රිය පැදවීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා බොහෝ පසුපසින් සිටී.

    බොරු කීම(Lying):
    පිරිමියෙකු කාන්තාවකගේ මුහුණට බොරුවක් කී විට ඇය ඉතා පහසුවෙන් ඔහුව අල්ලා ගනී.පිරිමියෙකු කාන්තාවක් ඉදිරියේ යමක් ප්‍රකාශ කරන විට කාන්තාවගේ මොළය ඔහුගේ මුවෙන් පිට වන වචන ග්‍රහනය කරන්නේ 10%ක් පමනක් වන නමුත් ඔහුගේ මුහුනේ හැගීම් 70% ක්ද ඔහුගේ සිරුරේ අංග චලනයන් 20%ක් ද ග්‍රහනය කරයි.නමුත් පිරිමියෙකුගේ මොළයට මෙම හැකියාව නොමැති අතර එම නිසා කාන්තාවන් ඉතා පහසුවෙන් පිරිමින්ගේ මුහුණට මුහුණ බොරු පවසයි.

    ගැටළු විසදීම(Problem Solving):
    පිරිමියෙකුට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඔහුගේ මොළය එම ප්‍රශ්ණ වර්ගීකරණය කරන අතර ඒ එක් එක් ප්‍රශ්ණ මොළයේ වෙනස් වෙනස් ස්ථාන වල රදවා එම ගැටළු එකිනෙක වෙන වෙනම ගෙන ඒවා විසදයි.පිරිමියෙකු ගැටළුවකට මුහුන දුන් විට ඔහු තනි වී අහස පොලව ගැටලන්නට මෙන් කල්පනා කරන්නේ එබැවිනි.කාන්තාවකට ප්‍රශ්ණ රාශියක් ඇති විට ඇයගේ මොළයට එම ප්‍රශ්ණ වර්ගීකරණය කිරීමේ හැකියාවක් නොමැත.ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ.

    රැකියාව සහ සම්බන්ධතා(Work & Relations) :
    කාන්තාවක් ඇයගේ සම්බන්ධතා පිලිබදව සෑහීමකට පත් නොවේ නම් ඇයට ඇයගේ රැකියාව කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.පිරිමියෙකු ඔහුගේ රැකියාව කෙරෙහි සෑහීමකට පත් නොවේ නම් ඔහුට ඔහුගේ සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වේ.

    කථනය(Speech) :
    කාන්තාවන් බොහෝ දේ ව්‍යංගයෙන් පවසන අතර පිරිමින් බොහෝ දේ ඎජුව පවසයි.

    හැගීම් පාලනය(Emotion Handling) :
    කාන්තාවන් බොහෝ විට ගැඹුරට නොසිතා කථා කරන අතර පිරිමින් බොහෝ විට ගැඹුරට නොසිතා ක්‍රියා කරයි.


    Source - FB
     
    • Like
    Reactions: Honest-killer

    ~Wolverine~

    Member
    Jul 2, 2012
    45
    7
    0
    Kandy
    "ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ."

    ප්‍රශ්ණේ මතක් උනාම ආයි පිස්සු නටනවා..ඒක කියන්න ඉතින් ආයි තව කෙනෙක්ට කතා කරනවා ඊට පස්සෙ..:rofl::rofl:
     

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    "ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ."

    ප්‍රශ්ණේ මතක් උනාම ආයි පිස්සු නටනවා..ඒක කියන්න ඉතින් ආයි තව කෙනෙක්ට කතා කරනවා ඊට පස්සෙ..:rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    හැගීම් පාලනය(Emotion Handling) : කාන්තාවන් බොහෝ විට ගැඹුරට නොසිතා කථා කරන අතර පිරිමින් බොහෝ විට ගැඹුරට නොසිතා ක්‍රියා කරයි.
    :oo::oo: :eek:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    "ඇයට අවශ්‍ය කිසිවෙකු හෝ ඇයගේ ප්‍රශ්ණ වලට සවන් දීම පමනි.කිසිවෙකු සමග ඇයගේ ප්‍රශ්ණ සියල්ල පැවසූ විට ඇය සතුටට පත්වන අතර ප්‍රශ්ණ විස්දුවාද නැද්ද යන්න ඇයට ගැටළුවක් නොවේ."

    ප්‍රශ්ණේ මතක් උනාම ආයි පිස්සු නටනවා..ඒක කියන්න ඉතින් ආයි තව කෙනෙක්ට කතා කරනවා ඊට පස්සෙ..:rofl::rofl:
    :lol: