පිරිමි_කොණ්ඩ_විලාසිතා_5ක්

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    පිරිමි_කොණ්ඩ_විලාසිතා_5ක්

    1. Simple Short

    im3u6u.jpg


    කවදත් පැරණි නොවන මේ කොණ්ඩ විලාසිතාව ඉතාම පහසුවෙන් අනුගමනය කරන්න පුලුවන් එකක්. උඩින් කොණ්ඩය තරමක් ඉතිරිවෙන්න හැරල දෙපසින් සහ පසුපසින් කොණ්ඩය කෙටි කරල තමයි මේ විලාසිතාවට කොණ්ඩය සකසගන්නෙ.

    ලොකු නඩත්තුවක් අවශ්‍ය වෙන්නෙ නැති මේ කට් එක නිසා හදිසි ගමනකට උනත් ඉක්මනින් කොණ්ඩය ස්පයික් වෙන්නට හෝ පැත්තට පීරා සකසාගන්න ලේසියි.

    2. Side Part

    33lcxf8.jpg


    Side Part එහෙමත් කොණ්ඩය පැත්තෙන් බෙදීම සෑහෙන්න පරණ කොණ්ඩ විලාසිතාවක් උනාට, 2015 අවුරුද්ද වෙද්දි මේක නැවත trend එකක් බවට පත් උනා. ගානට ඉර හිටින විදිහට කොණ්ඩය පැත්තෙන් බෙදල ගන්න Classic Side Part එක වගේම තරමක් අපිළිවෙලට කොණ්ඩය බෙදා සකසාගන්නා Side Part එක අපේ අයට වඩාත් ගැලපෙයි.

    එහෙමත් නැත්නම් Side Part එකේම නව ප්‍රවණතාවයක් වන Shaved Part විලාසිතාවත් අනුගමනය කලාට වරදක් නෑ.

    3. Modern Pompadour


    11scdmq.jpg


    මේ දවස්වල අතිශයින් ජනප්‍රිය Pompadour විලාසිතාවට තිබෙන්නෙ සිත් ගන්නා සුලු ඉතිහාසයක්. මේ ස්ටයිල් එකට නම පටබැඳිල තියෙන්නෙ Madame de Pompadour නම් ප්‍රංශ කාන්තාවක් නිසා. මුල් කාලෙදි කාන්තාවන් අතර පමණක් ජනප්‍රියව පැවති මේ විලාසිතාව පුරුෂ පාර්ශ්වය අතර ජනප්‍රිය කරන්න හේතු වෙන්නෙ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ තමයි ඔබ අපි කවුරුත් දන්නා Elvis Presley. එල්විස් මේ විලාසිතාව අනුගමනය කිරීමත් සමගම 50-60 දශකවල මේ විලාසිතාව උන්මාදයක් විදිහට පැතිරගිහින් තිබෙනවා.

    මේ විලාසිතාවට අනුව කොණ්ඩය සකසාගන්න කැමති අයට මේ වීඩියෝව නැරඹීම මගින් ඒ ගැන දැනගන්න පුලුවන්

    4. Buzzed Skin Fade


    2qszeic.jpg


    2015 අවුරුද්දේ පිරිමි කොණ්ඩ විලාසිතා අතරින් වඩා ජනප්‍රිය උනේ තරමක් දිගු කොණ්ඩ විලාසිතායි. මේ අවුරුද්ද වෙද්දි ඒ තත්ත්වය තරමක් වෙනස් වෙලා කෙටි කොණ්ඩ විලාසිතාවලට වැඩි ජනප්‍රියත්වයක් ලැබෙන්න පටන් අරන්.

    හොඳටම කොට වෙන්න කොණ්ඩෙ කපන්න බය නැති අයට 2016 අලුත් ප්‍රවණතාවයක් වන Buzzed Skin Fade විලාසිතාවක් අනුගමනය කරන්න පුළුවන්. උඩින් කොණ්ඩය ඉතා කොට කර ක්‍රම ක්‍රමයෙන් වර්ණය අඩුවීගෙන යන විදිහට කොණ්ඩය කැපීමෙන් මේ විලාසිතාව හදාගන්න පුළුවන්. මේ දිනවල අපේ රටේ පවතින උණුසුම් කාළගුණයටත් හොඳටම ගැලපෙන විලාසිතාවක් වේවි.

    5. Man Fringe

    n3u2a1.jpg


    Man Fringe කියන්නෙත් මෑතකදි ඉමහත් ජනප්‍රියතාවයකට පත් වූ විලාසිතාවක්. ඕනෑම මුහුණූ හැඩයකට ගැලපෙන විලාසිතාවක් වීම නිසා මේ විලාසිතාව කරන්න කිසිසේත්ම බය වෙන්න ඕනෙ නෑ.

    නලලට කෙස් වැටෙන සේ සකසන මේ විලාසිතාව කෙටි හෝ දිගු කෙස් රොදවල් වශයෙන් තමන්ට ඕනෑ ආකාරයකට සකස් කරගන්න පුලුවන්. හැබැයි තමන්ගෙ ඇස් වැහෙන තරම් දිගට Fringe එක නොදාන එක තමයි වඩාත් හොඳ. Fringe විලාසිතාවට කොණ්ඩෙ සකසගන්න මේ වීඩියෝව ඔයාලට උදවුවක් වෙයි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Nope. Upan hati. Konde piranna gel one. :baffled:

    මටත් ඔහොමයි බන්.. මටත් අනිව ජෙල් ඔනිමයි බන්.. එක වෙලාවකට වදයක් බන්.. හැබැයි කෙල්ල නම් පට්ට අසයි කොන්ඩෙට බන්..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මටත් ඔහොමයි බන්.. මටත් අනිව ජෙල් ඔනිමයි බන්.. එක වෙලාවකට වදයක් බන්.. හැබැයි කෙල්ල නම් පට්ට අසයි කොන්ඩෙට බන්..
    Man nam gel ganne na. Oluwa kakkuma hdenawa.
    Anunge ganuth mage konde shook kiyanawa. :rofl::rofl::baffled:
    Apita ganu nah. :P