පිලිකා නසන ආහාර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Screenshot_2021-03-29-10-15-57_copy_720x909.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    - අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ආහාරපාන මත යැපෙමිනි

    - අප ගනු ලබන ආහාර පාන දුර්වල නම් අපගේ ශරීරය දුර්වල වේ

    - අප ගනු ලබන ආහාර පෝෂ්‍යදායී නම් අපගේ ශරීරය ශක්ති සම්පන්නවේ

    සුදු හීනටි, කලූ හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලූතුඩ ආදී සියලූ දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත

    වර්තමානයේ පිළිකා රෝග බහුලවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස පවසන්නේ අප ගනු ලබන ආහාර පාන වර්ගය.

    නමුත් පිළිකා නසන ආහාර වර්ග ද ඇත.

    ඒවා මොනවාදැයි කියා හරිහැටි දැනගතහොත් එම ආහාර නිතර ආහාරයට ගෙන පිළිකා ඇති වීම පාලනය කරගත හැකිය.

    වෛද්‍යතුමනි දේශීය වෛද්‍ය ක‍්‍රමයට සහ පාරම්පරික ආයුර්වේදයට අනුව පිළිකා නසන ආහාර පාන මොනවාද?

    අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ආහාරපාන මත යැපෙමිනි. අප ගනු ලබන ආහාර පාන දුර්වල නම් අපගේ

    ශරීරය දුර්වල වේ. අප ගනු ලබන ආහාර පෝෂ්‍යදායී නම් අපගේ ශරීරය ශක්ති සම්පන්නවේ. ඒ අනුව පිළිකා නසන ගුණ සහිත ආහාර වර්ග ද බොහෝ ඇත. ඒවා ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීම අවම කරගත හැකිය.

    සහල්
    දේශීය සහල් වර්ග සියල්ලක්ම වාගේ පිළිකා නසන ගුණ සහිතය. සුදු හීනටි, කලූ හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලූතුඩ ආදී සියලූ දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත.

    සහල්වල පිළිකා සහිත බව ඇති වන්නේ එය තැම්බීමෙන් පසු යළි රත් කිරීමේදීය. වර්තමානයේ බොහෝ දෙනා ආහාරයට ගනු ලබන ෆ‍්‍රයිඞ් රයිස් යනු තම්බා යළි රත් කළ බත්ය. මේවා නිතර ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවදානම වැඩි වේ.

    රසකාරක
    ආහාර රසවත් කිරීම සඳහා භාවිතා කරන කහ, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, වියළි ඉඟුරු, සුදු ලූනු ආදී රසකාරකවල පිළිකා නසන ගුණ ඇත.

    තෙල්
    තලතෙල්, මීතෙල්, ඔලිව් තෙල් පිළිකා නසන ගුණ සහිත තෙල් වර්ගය.

    එළවළු
    දම්පාට ගෝවා, ලීක්ස්, කැරට්, දම්පාටට හුරු රාජාල, ඉන්නල, හුලංකීරිය, කටු අල, මඤ්ඤොක්කා, තක්කාලි, කරවිල, පුහුල්, බීට්රූට්, බිම්මල්, මින්චි, මුරුංගා සහ මුරුංගා කොළ, කෙසෙල්මුව, කොහිල අල

    ධාන්‍යවර්ග
    මුංඇට, කව්පි, කඩල, තල, මෙනේරි, කොල්ලූ, කුරහන්

    පලා වර්ග
    ගොටුකොළ, මුකුණුවැන්න, තෙබුකොළ, කොහිල දළු, කෝවක්කා කොළ

    මෙම ආහාර වර්ග ගැනීමෙන් ලේවල ඇති ඝනත්වය අඩු කරයි. එනම් භාෂ්මික තාව වැඩි කරයි. ලේවල ඝනත්වය ඇති කිරීමට හේතු වන ආහාර වන්නේ ආම්ලිකතාවය වැඩි ආහාර වර්ගය. එම ආහාර නිතර ගැනීමෙන් ලේවල ඝනත්වය වැඩි වී ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත රුධිර සැපයුම අඩු වී එම ඉන්ද්‍රියයන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම ඉන්ද්‍රියයන්හි පිළිකා හටගත හැකිය. එසේම ලේවල ඝනත්වය වැඩි වීමෙන් ඉතා පහසුවෙන් පිළිකා ෙසෙල හටගනී.


    suwa4 1


    https://divaina.com/daily/index.php/visheshanga3/40051-2020-03-06-13-57-55