පිලිපීන ජනාධිපතිවරයා තමන් විවේචනය කරන එර

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පිලිපීන ජනාධිපතිවරයා තමන් විවේචනය කරන එර

    පිලිපීන ජනාධිපතිවරයා තමන් විවේචනය කරන එරට විශාලතම රුපවාහිනී සේවාව වසා දමයි.... එකොළොස් දහසක් මහපාරට

    ජනිත සෙනෙවිරත්න

    කොරෝනා වසංගතය මධ්‍යයේ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් විසින් ABS-CBN නමැති එරට ප‍්‍රධානතම රූපවාහිනී ආයතනය වසා දමා තිබේ.මෙම ආයතනය මගින් විවිධ රූපවාහිනී චැනල හා ගුවන් විදුලි චැනල ගනනාවක් විකාශනය කරනු ලැබීය.

    මෙම චැනලය ජනාධිපතිවරයා විවේචනය කිරීම නිසා ඔහුගේ උදහසට ලක්ව සිටි අතර එහි විකාශන බලපත‍්‍රය දීර්ඝ නොකිරීම හරහා එම චැනලය වසා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

    චැනලයේ විකාශන බලපත‍්‍රයේ විසි පස් වසරක කාලය මැයි 4 වැනිදායින් අවසන්වූ අතර එය දීර්ඝ කිරීම ජනාධිපතිවරයා විසින් වලක්වා තිබේ.

    පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය කරන මුවාවෙන් දහස් ගණන් මිනිසුන් ඝාතනය කිරීම හා ඔහුගේ විරුද්ධ වාදීන් ඝාතනය කිරීම මෙම චැනලය මගින් විවේචනයට ලක්විය.

    මෙය මාධ්‍ය නිදහසට එල්ලවූ මරු පහරක් ලෙස එරට බොහෝදෙනා සලකති.එරට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පෙන්වා දී ඇත්තේ රූපවාහිනී චැනල වලට බලපත‍්‍ර ලබාදීම ජනාධිපතිවරයාගේ යටතේ ඇති ආයතන මගින් සිදුකිරීම මගින් ඒවායේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටළු මතු කෙරෙන බවයි.

    2016 වසරේ ජනාධිපති දුරයට පත්වූ අවස්ථාවේ සිට ජනාධිපති ඩුටරේට් මෙම රූපවාහිනී ආයතනය සමග ගැටුම් ඇති කර ගත්තේය. 1953 දී ආරම්භ කරන ලද එම ආයතනය පිලිපීනයේ ධනවත්ම පවුලකට අයත් වන අතර එහි 11000 ක් දෙනා සේවය කරති.

    ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක කටයුතු හා දේශපාලන දැන්වීම් ප‍්‍රචාරය කිරීම එම චැනලය ප‍්‍රතික්ෂේප කල බවට ජනාධිපතිවරයා චෝදනා කරන අතර අදාළ සමාගම එම චෝදනා නිවැරදි නොවන බව කියා සිටී.

    පිලිපීන ජනමාධ්‍ය සංවිධාන මෙම සිද්ධිය හෙලා දකිමින් පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවත් ජනාධිපතිවරයා ඒකාධිපතියකු ලෙස කටයුතු කරන බවත්ය.

    එම රූපවාහිනී සේවාවේ අවසන් වැඩසටහන විකාශනය කරද්දී එහි සේවකයන් හා මාධ්‍යවේදීන් හඬාවැටුණු බව සඳහන්ය.

    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඒකට අපේ.. නයි.ටී.එන් රූපවාහිනී හොදයි, පච දෙරනයි පච හිරුයිටයි වඩා..

    උන් ඉන්නෙ ගෝටාගේ ඔඩොක්කුවේ.. අප්පිරියයි ඕකුන්ගේ චැනල් බලන්නත්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    මූ කුඩු කාරයො කූඩු කරා.
    කොරෝනා ඇදීරිි නීතිය තියෙන කොට පාරට බැස්සොත් වෙඩි තියනව කිව්වා.මුඩුක්කු ගොඩක් තියෙන පිලිපීනයේ සෑහෙන්න කොරෝනා පාලනය වෙලා තියෙනවා .
    යාකෙක් වගේ රට අරගෙන යනවා
    මාධ්‍ය ආයතන වලින් නම් රටට ලොකුවට වෙන දෙයක් නැහැ
    අයිති කාරයන්ගේ සාක්කු ටික පුරවා ගන්න එක ඇරෙන්න .
    ඒ අතින් නම් අපේ මාධ්‍ය පොඩ්ඩක් හරි හොදයි බඩු මල්ලක් හරි බෙදනවා ඉදලා හිටලා .
    මිනිහගේ හොඳ නරක දෙකම තියෙනවා .
    කොහොමත් රටවල් හැදුවේ ඒකාධිපතියෝ තමයි .
     
    • Like
    Reactions: malakadss

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    අපේත් ඔහොම ආපු එකෙක් මාධ්‍ය ආයතනයක් වැහුවා. ඒකේ හිටපු මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලාවත් නොබලා. අන්තිමට මිනිසුන්ට බලන්න තිබ්බ දේත් නැතිවුනා. මාධ්‍ය ආයතනෙ කෝටි ගානක බඩුත් නාස්තිවෙලා ගියා.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මූ කුඩු කාරයො කූඩු කරා.
    කොරෝනා ඇදීරිි නීතිය තියෙන කොට පාරට බැස්සොත් වෙඩි තියනව කිව්වා.මුඩුක්කු ගොඩක් තියෙන පිලිපීනයේ සෑහෙන්න කොරෝනා පාලනය වෙලා තියෙනවා .
    යාකෙක් වගේ රට අරගෙන යනවා
    මාධ්‍ය ආයතන වලින් නම් රටට ලොකුවට වෙන දෙයක් නැහැ
    අයිති කාරයන්ගේ සාක්කු ටික පුරවා ගන්න එක ඇරෙන්න .
    ඒ අතින් නම් අපේ මාධ්‍ය පොඩ්ඩක් හරි හොදයි බඩු මල්ලක් හරි බෙදනවා ඉදලා හිටලා .
    මිනිහගේ හොඳ නරක දෙකම තියෙනවා .
    කොහොමත් රටවල් හැදුවේ ඒකාධිපතියෝ තමයි .

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේත් ඔහොම ආපු එකෙක් මාධ්‍ය ආයතනයක් වැහුවා. ඒකේ හිටපු මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලාවත් නොබලා. අන්තිමට මිනිසුන්ට බලන්න තිබ්බ දේත් නැතිවුනා. මාධ්‍ය ආයතනෙ කෝටි ගානක බඩුත් නාස්තිවෙලා ගියා.

    ලන්කාවේ මොකක්ද බන් වෑහුව චෑනල් එක
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මූ කුඩු කාරයො කූඩු කරා.
    කොරෝනා ඇදීරිි නීතිය තියෙන කොට පාරට බැස්සොත් වෙඩි තියනව කිව්වා.මුඩුක්කු ගොඩක් තියෙන පිලිපීනයේ සෑහෙන්න කොරෝනා පාලනය වෙලා තියෙනවා .
    යාකෙක් වගේ රට අරගෙන යනවා
    මාධ්‍ය ආයතන වලින් නම් රටට ලොකුවට වෙන දෙයක් නැහැ
    අයිති කාරයන්ගේ සාක්කු ටික පුරවා ගන්න එක ඇරෙන්න .
    ඒ අතින් නම් අපේ මාධ්‍ය පොඩ්ඩක් හරි හොදයි බඩු මල්ලක් හරි බෙදනවා ඉදලා හිටලා .
    මිනිහගේ හොඳ නරක දෙකම තියෙනවා .
    කොහොමත් රටවල් හැදුවේ ඒකාධිපතියෝ තමයි .
    :yes:
     
    Similar threads