පිලිපීන ජනාධිපතිවරයා තමන් විවේචනය කරන එර
පිලිපීන ජනාධිපතිවරයා තමන් විවේචනය කරන එරට විශාලතම රුපවාහිනී සේවාව වසා දමයි.... එකොළොස් දහසක් මහපාරට
ජනිත සෙනෙවිරත්න
කොරෝනා වසංගතය මධ්‍යයේ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් විසින් ABS-CBN නමැති එරට ප්‍රධානතම රූපවාහිනී ආයතනය වසා දමා තිබේ.මෙම ආයතනය මගින් විවිධ රූපවාහිනී චැනල හා ගුවන් විදුලි චැනල ගනනාවක් විකාශනය කරනු ලැබීය.
මෙම චැනලය ජනාධිපතිවරයා විවේචනය කිරීම නිසා ඔහුගේ උදහසට ලක්ව සිටි අතර එහි විකාශන බලපත්‍රය දීර්ඝ නොකිරීම හරහා එම චැනලය වසා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
චැනලයේ විකාශන බලපත්‍රයේ විසි පස් වසරක කාලය මැයි 4 වැනිදායින් අවසන්වූ අතර එය දීර්ඝ කිරීම ජනාධිපතිවරයා විසින් වලක්වා තිබේ.
පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය කරන මුවාවෙන් දහස් ගණන් මිනිසුන් ඝාතනය කිරීම හා ඔහුගේ විරුද්ධ වාදීන් ඝාතනය කිරීම මෙම චැනලය මගින් විවේචනයට ලක්විය.
මෙය මාධ්‍ය නිදහසට එල්ලවූ මරු පහරක් ලෙස එරට බොහෝදෙනා සලකති.එරට විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පෙන්වා දී ඇත්තේ රූපවාහිනී චැනල වලට බලපත්‍ර ලබාදීම ජනාධිපතිවරයාගේ යටතේ ඇති ආයතන මගින් සිදුකිරීම මගින් ඒවායේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටළු මතු කෙරෙන බවයි.
2016 වසරේ ජනාධිපති දුරයට පත්වූ අවස්ථාවේ සිට ජනාධිපති ඩුටරේට් මෙම රූපවාහිනී ආයතනය සමග ගැටුම් ඇති කර ගත්තේය. 1953 දී ආරම්භ කරන ලද එම ආයතනය පිලිපීනයේ ධනවත්ම පවුලකට අයත් වන අතර එහි 11000 ක් දෙනා සේවය කරති.
ජනාධිපතිවරයාගේ ප්රචාරක කටයුතු හා දේශපාලන දැන්වීම් ප්‍රචාරය කිරීම එම චැනලය ප්‍රතික්ෂේප කල බවට ජනාධිපතිවරයා චෝදනා කරන අතර අදාළ සමාගම එම චෝදනා නිවැරදි නොවන බව කියා සිටී.
පිලිපීන ජනමාධ්‍ය සංවිධාන මෙම සිද්ධිය හෙලා දකිමින් පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවත් ජනාධිපතිවරයා ඒකාධිපතියකු ලෙස කටයුතු කරන බවත්ය.
එම රූපවාහිනී සේවාවේ අවසන් වැඩසටහන විකාශනය කරද්දී එහි සේවකයන් හා මාධ්‍යවේදීන් හඬාවැටුණු බව සඳහන්ය.

Last edited: