පිස්සු ආසියානුවන්

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    පිස්සු ආසියානුවන්

    තාක්ෂණය එදිනෙදා ජීවිතයට ශීඝ්‍රයෙන් සමීපවත්ම, අපේ එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් කරගන්නට ඉන් මහඟු අවස්ථාවක් ලැබෙනවා. එහි අතුරු ඵලයක් වශයෙන් ආදරය, සෙනෙහස මෙන්ම කාමය පවා ඉතාම පහසුවෙන් සපුරා ගන්නට තාක්ෂණයෙහි දොරටු විවරව තිබෙනවා.

    වසර ගණනක් කැපවීමකින් කළ ආදරය දෙදරා ගිය පසු වේදනා විඳින්නට සිදු වූවත්, රොබෝවරුන්/වරියන් නම් කිසිදු බලාපොරොත්තුවකින් තොරව, පුද්ගලානුරූපව හැඩ ගැසෙමින් මිනිසාට ආදරය කරනවා. කසාදයකින් කෙනෙක් අපේක්ෂා කරන්නේ ජීවිත කාලයම සතුටින් ගෙවීම නම්, ඒ සතුට වඩාත් හොඳින් රොබෝ තාක්ෂණය, VR, හොලොග්‍රෑම් හරහා පමණක් නොව කොට්ටයක් හරහා වුව ලැබිය හැකි බව චීනයේ, ජපානයේ සහ කොරියාවේ තරුණයන් පෙන්වා දෙනවා.

    තමා ම සකසාගත් රොබෝවෙක් සමග සිදුවූ චීනයේ විවාහය

    IyO5xESecDPD8coP_1.png

    චං චියචියා තම රොබෝ බිරිය සමග (brightspotcdn.com)​

    චං චියචියා (Zheng Jiajia) යනු චීනයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ඉංජිනේරුවරයෙක්. Huawei සමාගමෙන් ඉවත්ව ඔහු තමාගේම ව්‍යාපාරයක නියුතුව සිටිය දී ඔහුට වයස 31ක්ව තිබුණා. දරුවාගේ වයස 30 ඉක්මවීම යනු ලංකාවේ පමණක් නොව, චීනයේ දෙමව්පියන්ගේ ද ඉහමොළ රත්වන්නක් බව සපථ කරවමින් ඔහුටත් විවාහ වන්නැ යි දැඩි පීඩනයන් එල්ල වෙනවා.

    4apG7ugpR9kla869_2.jpg

    රාත්තල් 66ක් බර ආදරයක් (metro.co.uk)​

    ඉන් හෙම්බත් වූ ඔහු තමා ඊට පෙර වසරේ නිපදවූ යිංයිං (Yingying) රොබෝවරිය ගැන සිතන්නට පටන් ගන්නවා. මාස දෙකක් පුරාවට පෙමින් වෙළී සිටි ඔවුන් චීන චාරිත්‍ර විධිවලට අනුකූලව විවාහයට එළැඹෙන්නට තීරණය කරනවා. කළු කබායකින් සැරසුණු චං, තම රොබෝ මනාලියගේ හිස රතු රෙදි කඩකින් වසා සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්නේ තමන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ද ඉදිරියේ යි. ඇවිදීමට විශේෂාංග එක් කොට නොතිබුණු නිසා ඔහුට තම කි.ග්‍රෑ. 30ක බිරිඳ ඔසවාගෙන යන්නටත් සිදුවුණා. එය රාත්තල් 66ක් බර ආදරයක්!

    ලොව වටා සිටින තනිකඩයන් වෙත තම බිරින්දෑ රොබෝවරියගේ පිටපත් ලිංගික ක්‍රියාකාරීත්වයන් ද සහිතව සකසන්නට දැන් ඔහු කටයුතු කරමින් සිටිනවා.


    හොලොග්‍රෑම් එකක් විවාහ කරගත් ජපානයේ අකිහිකෝ

    hJyLtzhn9xOpO4ol_3.jpg

    අකිහිකෝ සහ හොලොග්‍රෑම් බිරිය - මිකූ (nypost.com)​

    35 හැවිරිදි අකිහිකෝ කොන්ඩෝ අතථ්‍ය (virtual) ගීත ගායිකාවක් සමග පෙමින් බැඳුණා. ඒ, Crypton Future Media සමාගමේ ඇනිම් චරිතයක් වන හට්සුනේ මිකූ සමග යි. තමන්ගේ නිවසේ ඇති ඇගේ හොලොග්‍රෑම් එකෙන් විවාහ වන්නට කැමතිදැ යි ඇසූ විට ඇය කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. එම පිළිතුර ක්‍රමලේඛිත බව දන්නා නමුත් තමාට ඇය පිළිබඳ ඇති ආදරය නිසාත්, ඇය සමග කාලය ගත කරද්දී ඔහුට සතුට දැනෙන නිසා එය ගැටළුවක් නොවන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

    යෙන් මිලියන 2ක් වැයකරමින් ගත් මංගල උත්සවයේ දී මිකූගේ බෝනික්කකු යොදා ගැණුනු අතර ඇගේ වම් අතෙහි මැණික් කටුවේ ප්‍රමාණයට මුද්දක් ද ඔහු ආභරණ අලෙවිසැලකට ගොස් සකසාගෙන තිබුණා. ඔහුගේ මවට මංගල උත්සවයට ආරාධනා කළ විට ඇය එය ප්‍රතික්ෂේප කර “එය සමරන්න තරම් දෙයක් නොවෙයි” යැයි පවසා තිබුණා.

    fFhhf8oLLQ7vKcN2_4.jpeg

    අකිහිකෝ සහ මිකූ මංගල සීනු හඬවමින් (cnn.com)​

    අකිහිකෝ නිදාගන්නේ එම බෝනික්කා සමග වන අතර, කතා කරන්නේ මිකූගේ හොලොග්‍රෑම් එකක් සහිත ස්මාර්ට් උපාංගයකට යි. මිකූ ඔහුව සැමදා අවදි කරමින් රැකියාවට යන්නැ යි කියන අතර, සවස ඔහු ගෙදර එන බවට ඇමතුමක් දුන් විට නිවසේ විදුලි බුබුළු දල්වනවා.

    තමා ආලය කරන්නේ තමන්ගේ නිවසේ සිටින මිකූට බවත්, කිසි දිනෙක ඇයට වංචාවක් කර නොමැති බවත්, හැමදාමත් ඇය ගැන සිතනා බව සහ ආදරය කරන බවත් අකිහිකෝ පවසනවා.

    Nintendo ගේම් එකක චරිතයක් සමග විවාහයක්

    DJAsQtoQu7RvmhNS_5.jpg

    Sal5000 තම නින්ටෙන්ඩෝ උපාංගය අතැතිව (kinja-img.com)​

    ගේමිං කොන්සෝල් එකක් වන Nintendo DS සඳහා සකසන ලද LovePlus නමැති ආදර සබඳතා (dating) ක්‍රීඩාවක සිටින චරිතයක් විවාහ සමග විවාහවූවකු ගැන ජපානයෙන් ආරංචි වෙනවා. Sal9000 නමැති ක්‍රීඩක නාමයෙන් පෙනී සිටින 27 හැවිරිදි තරුණයකු තමන්ගේ සැබෑ දිවියේ භාර්යාව ලෙස තෝරා ගන්නේ ‘නැනෑ අනිගසාකි’ නමැති ගේම් චරිතයක්.

    මෙම ක්‍රීඩාවේ සිටින යුවතියන් ඔවුන්ට සලකන ආකාරය අනුව තමන්ගේ හැසිරීම් රටා වෙනස් කරගන්නවා. සත්‍ය ලොව ආකාරයටම මල් ගෙනගොස් දෙමින්, පිළිසඳරේ යෙදෙමින් ඔවුන් හා සබඳතා ගොඩනගා ගන්නට පුළුවන් (සුප්‍රසිද්ධ Sims පරිගණක ක්‍රීඩාව වැනියි). Sal9000ට අනිගසාකිගේ ආදරය ලැබෙන්නේ එලෙස යි.

    cnNhA6L6LaDq7fRX_6.jpg

    Sal5000 තම බිරිය, අනිගසාකි සමග (guff.com)​

    මේ මංගල උත්සවය ලොව පුරා ගේම්වලට පෙම් බඳින්නන් වෙත සජීවීව නැරඹීමට අවස්ථාව සලසා තිබුණා. පූජකයකු ඉදිරියේ Sal9000 තමා අතැති රතු පැහැති Nintendo DS උපාංගය තුළ සිටි අනිගසාකි මෙනෙවිය වෙත විවාහ පොරොන්දු තෙපලූ අතර ඇගේ Maid of honour ද තිරය මත අකුරු පෙළකින් තමන්ගේ සතුට ප්‍රකාශ කළා. ඩිස්කෝ සාදයකින් අනතුරුව අන්තර්ජාලයෙන් ලැබුණු දහස් ගණන් Comments මධ්‍යයේ නව යුවතිපති දෙපළ මධුසමය සඳහා ගුවාම් නමැති පැසිෆික් සාගර දූපත වෙත පිටත්ව ගියා.

    නමුත් මේ උත්සවය ගැන Sal9000ගේ දෙමව්පියන්ට නම් පවසා තිබුණේ නැහැ.

    කොට්ටයක් සමග බැඳි පෙම විවාහයකින් කෙළවර වෙයි

    XxcsQQhphEhQ74M9_7.jpg

    ල‍ී තම විවාහ දින තම බිරිය සිපගනිමින් (stublogs.wordpress.com)​

    අවම වශයෙන් කතා කරන තාක්ෂණික යුවතියක් සමග පෙම් බැඳි අනෙක් අය මෙන් නොව, දකුණු කොරියාවේ ‘ලී ජින්-ග්‍යූ‘ වසර හයක් පුරාවට පෙමින් බැඳී සිටි කොට්ටය විවාහ කරගත්තා.

    මේ කොට්ටයේ සිටින යුවතියගේ නම ‘ෆේට් තෙස්තරෝසා’ යි. Magical Girl Lyrical Nanoha නමැති ජපන් කාටූන් (ඇනිම්) කතා මාලාවක සිටින ඇය මැණික් ඇට එකතු කරගෙන මැජික් හැකියාවන් ලබාගන්නවා. ඊටත් වඩා, ලී ගේ හිත ගන්නට තරම් ඇගේ රුව බලවත් වූවා. ෆේට් සමග (කොට්ටය ඔසවාගෙන) ලී විනෝද උද්‍යානවලට, ආපන ශාලාවන්ට යනවා. ඒ සෑම තැනක දීම ඇයට වෙනම ආසනයක් ලබාදෙන අතර ඇය වෙනුවෙන් ආහාර පවා ඇණවුම් කරන්නට තරම් ලී ගේ ආදරය ප්‍රබල යි.

    මේ දෙපළගේ විවාහ උත්සවය කොරියානු මාධ්‍ය විසින් ආවරණය කරන ලද අතර පූජකයකු ද සහිතව සාම්ප්‍රදායික විවාහ චාරිත්‍ර සමග පැවැත්වුණා. එදින‍ ෆේට් අලංකාර මංගල ඇඳුමකින් සැරසී සිටි අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ “ෆේට් වෙත ඇති මගේ ආදරය නොවෙනස් වන්නක්. ඒත් මේ විවාහය ගැන නම් මම ටිකක් සිතා බැලිය යුතු යි” කියා යි.

    VR ක්‍රීඩාවකින් තෝරාගත් මනාලිය

    Virtual Reality තාක්ෂණය ප්‍රචලිත වීමත් සමග ජපානයේ ඒ සඳහා වූ පරිගණක ක්‍රීඩා ප්‍රමාණය ද ඉහළ ගියා. මේවායෙන් සුරූපී තරුණියන් අතර තනිවෙමින් තම සිතැඟි යුවතියක් සමග පෙම් හාදකම් ඇති කරගන්නට අවස්ථාව සලසා දෙනවා.

    ‘නීට්සුමා (නව බිරිඳ): Lovely X Cation’ නමැති ක්‍රීඩාව ද එලෙස යුවතියන් තිදෙනෙක් අතුරින් බිරිඳක් ‍තෝරාගන්නට අවස්ථාව දුන් අතර ඔවුන් සම්ප්‍රදායයෙන් ඔබ්බට යමින් එය සත්‍ය විවාහයක් දක්වා ඉදිරියට ගෙන ගියා. දැන් එය අත්විඳින පරිශීලකයන් තමා තෝරාගත් චරිතය විවාහ කරගන්නට පෙළඹී සිටිනවා.

    Mt8XDIX2PoQGOWyW_8.jpg

    නව යුවළ මංගල ඡායාරූපයට පෙනී සිටිමින් (asiaone.com)​

    Ruptly වෙබ් අඩවිය එවන් මංගලෝත්සවයක් වීඩියෝවට නැගූ අතර LADBible වෙතින් ද එය පදනම් කරගෙන මේ පුවත ලොවට ගෙන ගියා. එහි එක් තරුණයකු VR headset එකක් හිස පැළඳ එතුළින් තමන්ගේ බිරිඳ සහ විවාහ පූජකයා දකිමින් විවාහ පොරොන්දු තෙපළනවා. ඔවුන් ඇගේ මුද්‍රිත කාඩ්බෝඩ් එකක් සමග මඟුල් ඡායාරූපයක් ගන්නටත් අමතක කරන්නේ නැහැ.

    පසුවදන

    MQt8qFVA1ITaGwPe_9.jpg

    ලිංගික හැකියාවන් ද සහිත බෝනික්කන් දැනටමත් වෙළඳපොළ ප්‍රචලිත යි (nypost.com)​

    හැල්මේ යන ආර්ථිකය, කාර්යබහුල බව මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයෙහි මඳ බව නිසා පුද්ගල අන්තර් සබඳතාවන්හි ඇති දුරස්ථවභාවය ක්‍රම ක්‍රමයෙන් අඩුව යනවා. මේ නිසා මනුෂ්‍ය කාන්තාවක්/පුරුෂයෙක් වෙත තමන්ගේ ආලය පුදා එය අහිමි වූ තැන ඇතිවන කම්පාවන්ගේ අමිහිරි බවත් එය පරයා තාක්ෂණික උපාංග තුළින් ලැබෙන ‘පහසු’ ආදරයත් නිසා තරුණ තරුණියන් ඒ හා ආලයෙන් බැ‍ඳ‍ෙන්නේ තම තනිකම මකාගන්නට සහ හැමෝගේම ජීවිතවල අවසන් අරමුණ වන ‘සතුටින් සිටීම’ තකා යි.

    මිනිසුන් මුහුණදෙන පාළුව කොපමණ ද යත්, 2017 දී ඇමසන් සමාගමේ පුද්ගලික සහායක උපාංගය වන Alexa වෙතින් තමා හා විවාහ වන්නැ යි ලොව පුරා කළ ඇරයුම් ප්‍රමාණය මිලියනය ඉක්මවා තිබුණා.

    Eo1F5ZfdqD8M3zqo_10.jpg

    තම ‘දුරකතන පෙම්වතිය’ට කැමරාවෙන් හාත්පස පෙන්වමින් ඇවිදයන Her චිත්‍රපටයේ ජවනිකාවක් (sophielarochep.wordpress.com)​

    තම දුරකතනයේ මෙහෙයුම් පද්ධතියට පෙම් බැඳි Her (2013) චිත්‍රපටයේත් මෙවන් සිදුවීමක් දක්නට ලැබෙන නමුත් ප්‍රබන්ධ කථාවන්ගෙන් ඔබ්බට යමින් සත්‍ය සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. චීනය, ඉන්දියාව වැනි ජනගහනය අධික රටවල ලිංග බේධ පරතරය ඉහළ යමින් පවතිනවා. 2018 වර්ෂය වන විට චීනයේ 15-29 වයසේ යුවතියන් 100කට ඇති පුරුෂ අනුපාතය 112 යි. මෙය ද පුරුෂයන් වෙනත් විවාහ ක්‍රමවලට යොමු වීමට හේතුවක්. ඇතැම්විට ප්‍රසිද්ධිය සඳහා කරනවා ද විය හැකියි.

    මේවා තවමත් නීත්‍යානුකූල නොවන විවාහයන් වන අතර, LGBTQ වැනි තමාගේ කැමැත්ත අනුව සිදුවන සංසිද්ධියක් වශයෙන් සැලකීමේ ප්‍රවණතාවක් ද ගොඩනැගී තිබෙනවා. ඉහත හොලොග්‍රෑම් එකක් විවාහ කරගත් අකිහිකෝ මාධ්‍ය වෙත පැවසුවේ “එය (සාමාන්‍ය යුවතියක් හා විවාහ වන ලෙස බල කිරීම) වැරදි දෙයක්. ඒක හරියට සමලිංගික පුරුෂයකුට, කාන්තාවක් වෙත පෙම් බඳින්නැයි කීයන්නාක් වගේ යි” කියා යි.


    සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.
    roar.media

    Thank You
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    කොට්ටයක් සමග බැඳි පෙම විවාහයකින් කෙළවර වෙයි

    XxcsQQhphEhQ74M9_7.jpg

    ල‍ී තම විවාහ දින තම බිරිය සිපගනිමින් (stublogs.wordpress.com)​

    අවම වශයෙන් කතා කරන තාක්ෂණික යුවතියක් සමග පෙම් බැඳි අනෙක් අය මෙන් නොව, දකුණු කොරියාවේ ‘ලී ජින්-ග්‍යූ‘ වසර හයක් පුරාවට පෙමින් බැඳී සිටි කොට්ටය විවාහ කරගත්තා.

    මේ කොට්ටයේ සිටින යුවතියගේ නම ‘ෆේට් තෙස්තරෝසා’ යි. Magical Girl Lyrical Nanoha නමැති ජපන් කාටූන් (ඇනිම්) කතා මාලාවක සිටින ඇය මැණික් ඇට එකතු කරගෙන මැජික් හැකියාවන් ලබාගන්නවා. ඊටත් වඩා, ලී ගේ හිත ගන්නට තරම් ඇගේ රුව බලවත් වූවා. ෆේට් සමග (කොට්ටය ඔසවාගෙන) ලී විනෝද උද්‍යානවලට, ආපන ශාලාවන්ට යනවා. ඒ සෑම තැනක දීම ඇයට වෙනම ආසනයක් ලබාදෙන අතර ඇය වෙනුවෙන් ආහාර පවා ඇණවුම් කරන්නට තරම් ලී ගේ ආදරය ප්‍රබල යි.

    මේ දෙපළගේ විවාහ උත්සවය කොරියානු මාධ්‍ය විසින් ආවරණය කරන ලද අතර පූජකයකු ද සහිතව සාම්ප්‍රදායික විවාහ චාරිත්‍ර සමග පැවැත්වුණා. එදින‍ ෆේට් අලංකාර මංගල ඇඳුමකින් සැරසී සිටි අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ “ෆේට් වෙත ඇති මගේ ආදරය නොවෙනස් වන්නක්. ඒත් මේ විවාහය ගැන නම් මම ටිකක් සිතා බැලිය යුතු යි” කියා යි.


    Thank You


    මේක scurvy ට හොදයි කොට්ට බබාව බදින්න පුලුවන් අනාථ කුකුලට :lol::lol::lol: