ප්‍රේමය
ජීවිතය යන වදන අරුත් ගන්වන්නට ආදරය යන අකුරු හතර අයෝමය පිටුබලයක් ලබා දෙනව කියලා කවුද කෙනෙක් කියල තිබුන.
අහස් ගැබේ තරු කැට ගානේ....
පොලෝ තලේ වැලි කැට ගානේ....
නිල් සයුරේ රළ පෙළ ගානේ....
ආදරෙයි මං ආදරෙයි.......
ඔහොම කියුවට කවුද අනේ සත්‍ය ප්‍රේමවන්තයො.........
ප්‍රේමය නම් රාගයෙන් තොර
සද එළිය සේ අචින්තයි
පාරිශුද්ධයි - සුරම්යයි
- නන්දා මාලනී -
දිවා රෑ දෙක
හද සමීපේ
දෑස නොපියා
බලා සිටිනා
දෙයකි ප්‍රේමය.
ඔහොම කියන්නෙ සරච්චන්ද්‍ර.ඇත්තද මේ....
ඔව් ඒ වුනාට ප්‍රේමය අද දවසේ විවුර්ත ලිංගික පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වෙමින් යනවා.ඉස්සර ගෝත්‍රික ප්‍රේමය ගැන අනෝමා රාජකරුණා කියන්නෙ මෙහෙම.
වරිගයේ එකෙකුට
උගේ ශුක්‍රාණුවක් මුදා හැර
ඌට රිසි පරිද්දෙන්
වරිගය බෝ කරන්නට
කන්යාපටලයක් බිද
යෝනිය විවර කිරීම
රැහේ උන්ගේ ප්‍රේමයයි
උන්ගේ ම මධු සමයයි.
කවුද කියන්නෙ සත්‍ය ප්‍රේමවන්තයො කියල.ආ ඉස්සර එහෙම ඒව තිබුනලුනෙ නේද??
දොස්තෝස්කි වැද වැටුණු ප්‍රේමය
රෝමියෝ - ජුලියට් උත්කෘෂ්ට ප්‍රේම වෘතාන්තය
මහා කවි කාලිදාසයන්ගේ මේඝදූත මනෝරම්‍ය ප්‍රේමය
ඊයෙ පෙරේදා ආපු TITANIC...
ඇයි කවදාවත් නොදැකපු හින්දි චිත්‍රපටියක තියෙන පිස්සු ප්‍රේමය....දැන් කාලෙ බොළද ප්‍රේමය කොට්ටෙ යට තියාගන නිදාගන්න පුළුවන්.හරි හරි ඔය බොළද ප්‍රේමයට වඩා අපිට කතා කරන්න ගැබුරු දේවල් තියෙනවා නැද්ද? අපි කතා කරමු ඔය බොළද ප්‍රේමය ගැන නෙමෙයි.ශාස්ත්‍රීය සම්භාව්‍ය ප්‍රේමය ගැන.ආ.... ඒපාර මෙයා මොකාටද එන්න හදන්නෙ,,,,,,
කුමටද සොබනියෙ කදුළු සලන්නේ
පිස්සු ප්‍රේමයට බං
හාල් තුනපහේ කරවල මිල ගැන
කෑ ගහලා අඩපං
උද්ධමනය තක දොං
රත්න ශ්‍රී තමයි ඔහොම කියන්නෙ.අනේ ඒ වුනාට සරච්චන්ද්‍ර මහත්මයා කියන්නෙ,
" අසිරිමත් වූ දෙයකි මෙලොව ප්‍රේමය නමිනා
වැනූ පොරණ කිවිදුන් සොද රස මුසු බසිනා
සියලු බෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
සව්සැප දෙන සිතුමිණවන් ප්‍රේමය සන්දා "
"නර නාරි පුද්ගල ද්විත්වයක් තුළ කාය සංසර්ග රාගය අරමුණු කරගෙන උප්පත්ති ලබන භෞතික ආකර්ෂණය කරන කොටගෙන ප්‍රේමය නම් අති රමණීය මනෝභාවය ජන්ම ලබයි. එහි ප්රතිරාව සාධනීය වූ සද ප්‍රේමය නම් වූ ආශ්චර්යවත් ප්රපංචය ප්‍රසූත වෙයි."
ප්‍රේමය යනු හුදෙක් එක්තරා සිතුවිල්ලක් පමණක් නොවේ.අනේක කිවිවරුන් නෙක විසිතුරින් වනාලන ලද සෞන්දර්යය පූර්ණ වේදිතයක් පමණක්ද නොවේ.එය අදුරු ආගාධයක අන්තිම පත්ලේ දිය දහරක් මත දිලිසෙන අහස් ගැබ පෑයූ තාරකා යුගලෙක ඡායාවක් මෙන් අතිශය ප්‍රභාෂ්වරයෙන් යුතු ගුප්තමය සෞන්දර්යකැයි කියා නිහඩ විය හැකි දෙයක්දනොවේ.දිවා රෑ දෙක හද සමීපයෙහි බලා හිදිනා දෙයකි ප්‍රේමය.
හැබැයි ඉතින් දැන් කාලෙ තියෙන්නෙත් මරු මරු ප්‍රේම තමයි.මේ සදහන් කරන්නේ මා විසින් දැක ඇති අපේ කාලේ ප්‍රේමයන් කිහිපයක්.
බත් ප්‍රේමය - මේකෙදි ගෑණු ළමයගෙ බත් එකට තමයි පෙම උපදින්නෙ
දුර ගමන් ප්‍රේමය - මේකෙදි ගොඩක් වෙලාවට කොන්දොස්තර අයියා කෙනෙක් තමයි යොදා ගන්නෙ.
ඇකැඩමික්/සිමෙස්ටර් ප්‍රේමය - මේක නම් මම ගොඩක් දැකලා තියෙනවා.බ්‍රයිටෙක් තමයි ඉතින් මේකෙදි බූට් එක කන්නෙ.
පන්ති ගාස්තු ප්‍රේමය - පන්තියෙ කාඩ් මර්ක් කරන අයියාට ඇහැක් හැසීමෙන් start කර ගැනීමට පුළුවන.
නෝට් ප්‍රේමය - මේකෙදි නෝට් එකට තමයි කෙල හලන්නෙ.
හැබැයි ඔය අතරෙ සැබෑවටම ප්‍රේම කරන සත්‍ය ප්‍රේම බෘංග රාජයන් සහ රාජිණියන්ද ඇති බව ද මතක තබා ගත යුතුය.ඒ අස්සෙ අනෝමා රාජකරුණා කියන කතාව බලන්න.
දවසෙ පඩියට ගොයම් කැපුවත්
මාසෙ පඩියට කන්තෝරු ගෑටුවත්
බොහොම වෙලාවට
ලිංගය "ස්ත්‍රී" නම්
සම වැඩට සම වැටුප් නෑ
කොළඔ හතේ බංගලාවෙ උනත්
තේ වත්තෙ ලැයිං කාමරේ උනත්
බොහොම වෙලාවට
ලිංග්ය "පුරුෂ" නම්
ගෑනුන්ට නොගහ ඉන්නෙත් නෑ.
අනෝමා ඉදන් එහෙම කියුවට අර රත්නාවලී නාට්‍යයේ රජතුමා වාසවදත්තා බිසවට වැදල සමාව ගන්නෙ.ඒ එදා පිරිමි වෙන්න ඇති නේද? අද උන් ඊට වඩා හුගක් වෙනස් ......
කවුද එහෙම කියන්නෙ?ඔන්න ඕකටද කොහේද පුරුෂෝත්තමවාදය නැත්තන් නිලබලවාදය කියන්නෙ......
සැබෑ පෙම්වතෙකු සේ නළගනකට
රූප සුන්දරියකට පෙම් කිරීමට
පෙම්වතුන් කැමතිය
එහෙත් කවදාවත් ඒ නලගන
රූප සුන්දරිය විවාහ කර ගැනුමට
පෙම්වතා අකමැතිය
යම් හෙයකින් විවාහ වූයේ නම්
රැගුම තහනම්ය
රූපය ප්‍රදර්ශනය තහනම් ය
එනම් සංස්කෘතිය හදන්නේ පිරිමිය
ඒත් ඒ තුළ කොටු වන්නේ ගැහැණුය....
බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ සේක.
ජේසුස් වහන්සේ ස්වර්ගස්ථ වූ සේක.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා
දිවංගත වූයේය.
සීලවතී නැන්දා
කලුරිය කළාය.
මහගම සේකර මහතා
ජාතියෙන් සමුගත්තේය.
මොනිකා රුවන්පතිරණ මහත්මිය මිය ගියාය.
ඒත් .....අපේ ........සමහරු ....................
ප්‍රේමය වෙනුවෙන් මැරෙනවා....

Last edited: