ක්‍රෂ් එකක් යනු..?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    ගොඩක් අය මේ "ක්‍රෂ්" කියන වචනෙ තේරුම මොකක්ද කියලා නොදන්න ගතියක් තමා මට තේරුණේ මේකෙ මාස ගාණක් තිස්සෙ ඉඳපු නිසා. ඉතිං බන් ඕකට බොක්කෙන්ම ආලෙ කොරන්න කලින් ඕක මොකක්ද කියලා හරියට දැනන් ඉන්නෙපැයි. ඉතිං මං හිතුවා උඹලට ඒක කියලා දෙන්න. මටත් ඉතිං ඉත්තෑවනෙ. මම වැරදි නම් හරිගස්සන එක උඹලට භාරයි...

    ක්‍රෂ් කියලා සිංහලෙන් ලිවුවට ඕක සිංහල වචනයක් නෙවේ නෙ. ඕක වනනකොට ළඟ හිටියත් බොටුව කැපිලා යන 'කඩු බාසාවෙ' වචනයක්. Crush කියලා අක්ෂර වින්‍යාසය තියෙන ඔය වචනෙ තේරුම් ගොඩක් තියේ. හැබැයි එකම මූලික තේරුම පදනම් කරගෙන. ඒ ඔක්කොම ටික මෙතනදි මං ලියන්නෙ අන්තිමට වුවමනා වෙන නිසා හරිද. නැතුව වෙන චර්ම රෝගෙකට එහෙම නෙවෙයි.

    තේරුම 1 :
    යම්කිසි දෙයක හැඩය වෙනස් කිරීමට, කැඩීමට හෝ හානි කිරීමට වැරෙන් තද කිරීම හෝ මිරිකීම.
    (සුද්ද සිංහලෙන් කිවුවොත් චුරුපට්ටං වෙලා ඇඹරිලා ඇමිනිලා යන්න වැඩේ වෙනවා කියන එකයි crush වෙනවා කියලා කඩ්ඩෙන් කියන්නෙ. පලතුරු ටිකක් බ්ලෙන්ඩරේට දැම්මාම වෙන්නෙ අන්න ඒක.)

    තේරුම 2 :
    කඩදාසියක් හෝ රෙද්දක් වැනි දෙයක් රැළි ගැසෙන්නට නැමීම.
    (බුලත් හෙප්පුවෙ දුංකොළේ තියෙන විදිය දැකලා ඇතිනෙ කවුරුත්. අන්න ඒ විදියට තමා කොළ crush කරනවා කියන්නෙ. ඒ විදියට crush කරපු රෙදිවලින් මහපු ඇඳුම් එහෙමත් තියෙනවා දැකලා ඇති.)

    තේරුම 3 :
    කැරැල්ලක් හෝ විරෝධතාවක් දරුණු ලෙස මැඩපැවැත්වීම.
    (ඒක ඉතිං වෙනම කියන්න ඕන නෑනෙ. ප්‍රවෘත්ති එහෙම බලනවනං දැකලා ඇතිනෙ ලංකාවෙ ඒවයි පිටරට ඒවයි ඕන තරම්. ඔය පිකටිං ගියපු කැම්පස් කෙල්ලො කොල්ලො එහෙම දන්නවා අම්බානට crush වෙන්න හම්බෙච්ච පෝරියල් ගැන.)

    තේරුම 4 :
    යමෙක්ව ඉතා තදබල ලෙස අපහසුතාවයට පත් කරවීම හෝ කළකිරවීම.
    (වෙන කෙනෙක් විසින් තව කෙනෙක්ට බලෙන් කරවන දෙයක් ගැන කියන්නෙ මෙතන. හොඳට තේරුම් ගන්න.)

    තේරුම 5 :
    එකට තෙරපෙන මහා විශාල සෙනඟක්
    (උදා :- මක්කම වන්දනාවෙ ගියපු මුස්ලිම් කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන් හොඳට)

    තේරුම 6 :
    යම් දෙයක් මිරිකා පොඩි කර සාදා ගන්නා බීමට ගන්නා යුෂයක්
    (Juice කියන තේරුම ම යි. හැබැයි බොන ජාති විතරයි ඈ මේ ගණේට වැටෙන්නෙ. හැම ලබ්බක්ම පොඩි කරලා ජූස් එකක් හැදුවට ඒක crush එකක් වෙන්නෑ. උදා :- දොඩම් යුෂ - orange crush , දෙහි යුෂ - lime crush )

    තේරුම 7 :
    හරක් හෝ බැටලුවන් පාලනය කිරීමේ පහසුවට වැටවල් ගසා කොටු කර සකසන ක්‍රමවේදයක්
    (ගාල් කරනවා කියන එක බන් ඔච්චර කැටයම් දදා කිවුවේ. හැබැයි සත්ත්ව පාලන විද්‍යාවේ දී ඔය crush pen කරන විදි නම් ගොඩක් තියෙනවා.)

    තේරුම් ටික නං කියලා ඉවරයි. ඔන්න ඔය තැන්වලදි තමයි crush කියන වචනෙ සුද්දා පාවිච්චි කරන්නෙ. ඔය කතා කරපු තේරුම් හත ම ඉංග්‍රීසි භාෂාවෙ රීතිවලට අනුව තියෙන තේරුම් (formal meanings). හැබැයි එහෙම රීත්‍යානුකූල නොවන (informal) තේරුමකුත් නූතන සුද්දො අතරෙ පාවිච්චි වීගෙන යනවා දැන් දැන්. අන්න ඒ ඉටිකිරිස් තේරුම හැදිලා තියෙන්නෙ අර රීත්‍යානුකූල තේරුම් හතේ ම අනුසාරයෙන් තමා. අපිට වැදගත් වෙන්නෙත් ඒ තේරුම තමා.

    (රීත්‍යානුකූල කියන එක මේ වගේ බන්. සිංහලයේ "ලබ්බ" කියන වචනෙ ගමු. ලබ්බ කියන්නෙ ලබු ගෙඩියට නේ. අර මැද සුද්ද කරලා වතුර පුරවන්න ගන්න ගෙඩි ජාතියටනෙ ලබ්බ කියන්නෙ. හැබැයි ඒ තේරුමෙන් ද අපි වැඩි හරියක් ඔය වචනෙ පාවිච්චි කරන්නෙ? නෑනෙ. අන්න ඒ වගේ කට වහරෙ එන තේරුම් තමා රීත්‍යානුකූල නොවන තේරුම් කියලා කියන්නෙ.)

    8 වන තේරුම නොහොත් ටිලිං ටිලිං තේරුම :
    සම්මෝහිත ප්‍රේමය (infatuated love)
    කලින් තේරුම් ටික වරහන් ඇතුළෙ විස්තර කරා වගේ මේකත් විස්තර කරන්නම් වරහන් නැතුව...

    සම්මෝහිත ප්‍රේමයට තමයි සුද්දා කට වහරෙන් crush කියලා කියන්නෙ. සම්මෝහිත ප්‍රේමය කියන්නෙ මේ උඹලා හිතන විදියෙ එසේ මෙසේ ප්‍රේමයක් නෙවේ. ඒක සෑහෙන්න වෙනස් එකක්. හරිම දුර්ලභව තමයි මෙහෙම සිතුවිල්ලක් කෙනෙක්ගෙ හිතක ඇති වෙන්නෙ. කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට තව කෙල්ලෙක් හෝ කොල්ලෙක් දැක්ක ගමන් ඇති වෙන අර හදවත මෙවුවා වෙන එකට නෙවේ crush වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ ආකර්ෂණය (attraction) කියලා. අනේ මටත් කෙල්ලෙක්/ මටත් කොල්ලෙක් කියන සිතුවිල්ල නිසා දකින එකක් ටෝක් කරලා දාගෙන ආදරේ කරාට ඒක සම්මෝහිත ප්‍රේමයක් වෙන්නෙත් නෑ. සම්මෝහිත ප්‍රේමයක් තියෙනවනං ඒ මනුස්සයා ඒ හැඟීම නිසා මෝහනය වෙලා ඉන්න ඕන. ඒ කෙනා ගැන තියෙන ඒ හැඟීම ම හැම වෙලාවෙම හිතේ දුවන්න ඕන. කොටින්ම කිවුවොත් "මං එයාට පිස්සු වැටිලා ඉන්නෙ." කියන්නා වගේ හිත පිස්සු වැටිලා තියෙන්න ඕන.

    කලින් ම කිවුව තේරුම් හත ඔයාගෙ ඔලුවට හරියට වැටුණා නම් ඔයා දැන් තේරුම් ගන්න ඕන දේ තමයි ඒ තේරුම්වල තියෙන ටික ඔයාගෙ හදවතට, ඔයාගෙ හිතට වෙනවා වගේ දැණෙනවා නම් අන්න ඒක තමයි crush වෙනවා කියන්නෙ කියලා. හදවත තැලිලා ඇඹරිලා චුරු වෙලා චොප්ප වෙලා චුරු පට්ටං වෙලා ජූස් වෙලා යන තරමට තදබල විදියට යම් කෙනෙක් ගැන හිතේ දරුණු ලෙස තෙරපි තෙරපී ඇතිවෙන ආදරයක් තමයි crush එකක් කියන්නෙ.

    එහෙම ආදරයක් හිතක ඇති වෙච්ච කෙනෙක්ට වෙන එකෙක්/ එකියක් දිහා බලන්න තියා මතක් වෙන්නෙවත් නෑ. මොකද ඌ හෝ ඒකි ඉන්නෙ අර සිහියෙ. ඒ කියන්නෙ සම්මෝහිත ප්‍රේමයෙ තමයි නිතරම ජීවත් වෙන්නෙ. Crush එක තමයි නිතරම හිතේ වැඩ කරන්නෙ. මගේ love එක මෙයා crush එක මෙයා කියලා කියනවනං ඒක අමු ම අමු ගොබ්බ කතාවක්. එකෙක් එක්ක සම්බන්ධයක් තියෙද්දිත් තව එකෙක් ගැන හිතනවා කියන තැන තියෙන්නෙ වේසකම මිසක් එතන ඇති crush එකක් නෑ. මේක කෙල්ලො කොල්ලො දෙගොල්ලටම අදාළ යි. Crush කියලා කියන්නෙ love එකේ ම වැඩිදියුණු කරපු ප්‍රභේදයක්. ඒ කියන්නෙ ආදරය කියන එකේම තවත් චූටි උප කුලකයක්.

    තවත් සමහරු හිතනවා අප්‍රකාශිත ප්‍රේමයටයි crush කියන්නෙ කියලා. ඒක වැරදියි. ඒ කෙනා සම්මෝහනය වෙලා පෙම් කරන කෙනාට සමහර විට ඒ ගැන කියලා තියෙන්නත් පුළුවන්. ප්‍රකාශිත ද අප්‍රකාශිත ද කියන එක නෙවේ මෙතනදි අදාළ වෙන්නෙ හදවතේ ඇති වෙන ඒ හැඟීමෙ ස්වභාවය විතරයි.

    කෙනෙක්ගෙ සම්මෝහිත ප්‍රේමය (Crush) සමහර විට යාළුවෙක් යෙහෙළියක් විදියට ආශ්‍රය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජ මාධ්‍යවලින් දැකලා අඳුරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගෙ කොල්ලා හෝ කෙල්ල වෙන්නත් පුළුවන්. එක්කො සැමියා හෝ බිරිඳ වෙන්නත් පුළුවන්. සමහර විට නළුවෙක් නිළියක් ගායකයෙක් ගායිකාවක් වගේ ප්‍රසිද්ධ, ඒත් ජීවිතේට දැකලා නැති කෙනෙක් වෙන්නත් පුළුවන්.

    මටත් crush එකක් ඕනෙ කියන එක තරම් අම්බගොබ්බ කතාවක් තවත් නෑ. Crush කියන්නෙ එහෙම 'අනේ මටාත්' කිය කිය හොය හොය යන්න පුළුවන් දෙයක් නෙවේ. ඒක යම්කිසි හේතුවක් නිසා හෝ ඉබේටම හෝ හිතක ඇති වෙන සිතුවිල්ලක්. "මටත් කෙල්ලෙක් ඕන", "මටත් කොල්ලෙක් ඕන" කියලා ඕක ඉස්සර අපි කිවුවා වගේම කියන එක තමයි සුදුසුම. Crush කියන ශුද්ධ වූ වචනෙ ගාවන එක හරි නෑ. ඒක සම්මෝහිත ප්‍රේමයට කරන නින්දාවක් වගේම භාෂාවටත් පටහැනියි. උඹලා ඒ ලස්සන වචනෙ ඔය වගේ දේවල්වලටයි පාවිච්චි කරන්නෙ කියලා සුද්දා දැනගත්තොත් 'ලබ්බ' හපාගෙන මැරෙන්නෙ.

    කියෙවුවාට ස්තුතියි!

    - චාමර දි. අබේසේකර -
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:...

    aeAsS15.jpg
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඇහුවට පස්සෙ එක්කො උන් බ්ලොක් වෙනව එක්කො මම බ්ලොක් වෙනව.
    nangigen ahapan dan wedding ekath kittuda kiyala. ita passe ahapan boy kiwwe nadda dan ma marry karanna one kiyala. ohoma dena ganna puluwan kollek innawada kiyala. ado umbata ekin eka kiyala dilath ahanne nahane.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කොහොමත් "ක්‍රෂ්" එක නිසා ඔය පල්ලෙහා තියෙන (1-7 ) තමයි වෙන්නේ ගොඩක් වෙලාවට...හරියටම තෙරුම් ටික දීල තියෙනවා...............