පිස්සු හැදිලා ඉන්නේ සිංහලු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මැටීරියල් වල ගණන් යන විදිහ හිතා ගන්ඩත් බෑ බන්ස්.

    ඉස්සරහට ලංකාවේ මනුස්සයෙකුට තනියම ෆැක්ටරි එකක් හෝ බිස්නස් ලයින් එකක් ගහනවා කියන එක සිහිනයක්. මම හොඳවෙලාවට ගොඩක් අමාරු දේවල් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඉවර කරගෙන තිබුණේ..


    අවුරුදු දෙකකට කලින් රු ලක්ෂ 4.5 ට තිබ්බ මැෂින් එක අද ලක්ෂ 12 යි. ලක්ෂ 16 ට තිබ්බ මැශින් එක අද ලක්ෂ 33යි.

    මම ඊයේ පෙරේදා තිබ්බ කර්මාන්ත ප්‍රදර්ශනේ බලන්ඩ ගියා . සසර කලකිරෙනවා සිංහලු. හැබැයි එකක් කියන්ඩ ඕනේ. ඒකේ ලොකුම කම්පැනීස් ගොඩක් පර්ෆොර්ම් කරලා තිබ්බේ නෑ. ඒත් අපේ ස්මෝලර් ඉන්ඩස්ට්‍රීස් වල ෆොර්කාස්ට් එක දැක්කහම අන්ත කලකිරුණා.

    පුදුමාකාර දැඟලිල්ලක් තිබුනේ බ්‍රෑන්ඩින්ග් කරගන්ඩ.ඒකත් ලෝකලි බ්‍රෑන්ඩින්ග් කරගන්ඩ විතරයි.

    කුලුබඩු බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 20%ක් විතර
    හෑන්ඩ්ලූම්ස් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර
    ආහාර වර්ග බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 15%ක් විතර
    සම්භාන්ඩ බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 15%ක් විතර
    බියුටි කචල් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර
    පොල්තෙල් බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර
    තේකොල බ්‍රෑන්ඩින් කරන්ඩ දඟලලා තිබ්බා 10%ක් විතර

    රාජ්‍ය ආයතන කිහිපයක් එන්ඩ ඕනේවට වගේ ඇවිල්ලා තිබ්බා 5%
    ඉතුරු 5% වගේ තමා ගත යුත්තක් තිබුණේ යන්ත්‍ර සූත්‍ර ඇතුලුව.
    දැන් සෑහෙන්ඩ cnc මිලින් මැෂින් බැහැලා තියෙනවා.ඒක තමා දැක්ක එකම ප්ලස් පොයින්ට් එක.

    එතනත් සමහර උන් සමහර මැශින් ලක්ෂ 6 පිට ගන්ඩ තියෙන මැෂින් එක ලක්ෂ 9.5 කට විකුණන්ඩ දඟලනවා දැක්කා.

    මට ඒකෙන් ගන්ඩ තිබ්බේ කොහුබත් වලින් හදපු මල්වාස් කන්ටෑක්ට්ස් එක විතරයි.හොඳම සීන් එක කියන්නේ මට ජපනෙක් හම්බුනා ඒකෙදි.ඌටත් මුලු ප්‍රශර්ශනෙන්ම තිබ්බේ ගන්ඩ දෙයකට තිබිලා තියෙන්නේ කොහුබත් කෙඳිවලින් හදපු මල්වාස් අයිටම් එක විතරයි.

    වීරවංශ ගොය්යට උවමනාව තියෙනවා කොහොමහරි දෙයක් කරලා වැඩක් කරන්ඩ.ඒත් අවුරුදු ගානක් ගිය සිස්ටම් එක ෆේල් හින්ද වලෙන් ගොඩ එන්ඩ මේ විදිහට අමාරු වෙයි.

    ඉස්සරහට මනුස්සයෙකුට ගෙයක් හදාගන්නවා කියන්නේ සිහිනයක්ම තමා මේ යන විදිහට.බඩුවල ගණන් ලියන එක තේරුමක් නෑ. අවුරුදු 2කට කලින් රු 15000න් හදාගත්තු බඩුවක් අද හදාගන්ඩ රු ලක්ෂයකිනුත් බැහැ. සිමෙන්ති , මෙට්ල් ,ටයිල් , වයරින් අයිටම් වල ගණන් අහනකොට උඩ යනවා.මේසන් බාස්ලා අත් උදව් කාරයෝ පාර උඩ බෝක්කු උඩ ඇනතියාගෙන බලන් ඉන්නවා වැඩ නැතුව.

    ඉස්සර මට මතකයි සමහරු උඩ දාගෙන කියනවා මට ලක්ෂ 1.5ක් පඩි 2.5ක් පඩි. දැන් මොකද වෙලා තියෙන්නේ? අද මේ පැත්ත බලලා අනික් පැත්ත හැරුනත් ලක්ෂෙ වියදම් වෙලා ඉවරයි.

    දැන් දඟලනවා ක්‍රිප්ටෝ ලීගලයිස් කරන්ඩ. දැන් හිතන්ඩ එපා අපිත් ක්‍රිප්ටෝ කරනවා මරු.එහෙම තමා රටක් ඉස්සරහට යන්ඩ ඕනේ කියන සිඟිති ආතල් සිහින වල කිමිදෙනවා නම් සොරිම තමා.උඹලා දකින සුන්දර සිහින ඉෂ්ටකරගන්ඩ නෙමේ උන් ඕක ගේන්නේ.

    කොහොමෙන් කොහොමෙන් හරි ත්‍රෙඩ් එක දිග වැඩි වුනා. ලොක්කා කියන නෝවීජියන් සැමන් ෆිලට් කන්ඩ තව ආත්මයක්වත් බලන් ඉන්ඩවෙයි සිංහලු මෙහෙම ගියොත්.:(



    20220206_114144.jpg


    20220206_122800.jpg

    20220206_125158.jpg

    20220206_125210.jpg

    20220206_131151.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    දැම්ම වගේ තව පොඩි එෆට් එකක් දැම්ම නන් මේක තව කොලිටියට ෆිනිශ් කරගන්න පුළුවන්නෙ. අපේ අය ඒ පොඩි ප්‍රමාණෙ අත අරිනව. වැඩේ කොහොම හරි වෙනවට වඩා කොලිටියට කරන්න පුරුදු වෙනව නන් මේව තව නැගල යනව.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    Me generation eka giyam passe vath lankava hedeida balamu...namal baby la innakm ekath heenyak witarai
     
    • Like
    Reactions: Melon8

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,537
    8,903
    113
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
    on point

    සහ උන් ඔක්කොම උන්ගෙ බාල පරම්පරාවකුත් දේශපාලනයට කොහොම හරි ඇතුල් කරනවා.
    මේ ආණ්ඩුව ෆේල්! මේ ආණ්ඩුව ෆේල්! කිව්වට මිනිස්සු හිතන්නෙ නැත්තෙ මේ මුලු සිස්ටම් එකම ෆේල් කියන එක.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩෝ තව අවුරුදු 3කින් 4කින් වත් හාඩ්වෙයා බඩු වාහන එහෙම ගනන් අඩුවෙන එකක් නැද්ද?සදහටම වාහන අරං හමාරයි එහෙම උනොත්
     
    • Sad
    Reactions: Melon8 and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    අඩෝ තව අවුරුදු 3කින් 4කින් වත් හාඩ්වෙයා බඩු වාහන එහෙම ගනන් අඩුවෙන එකක් නැද්ද?සදහටම වාහන අරං හමාරයි එහෙම උනොත්
    Lol
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මොකද බේසිකයො හිනා වෙන්නෙ 😡😡

    හැබැයි ඔය කියන කියන ගනන් වලට වාහන ගන්න බේසිකයොත් ඉන්නවා ඕනතරං. යාලුවෙක්ගෙ මස්සිනා 2015 විට්ස් එකක් අරං ලක්ෂ 63.5 ක් දීලා 🤮