පිස්සු හැදෙන සඳ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිස්සු හැදෙන සඳ

    ඕවා විතරක් නෙමෙයි

    කුඩා කලම දෙමාපියන් මිය යාමේ හේතුවෙන් පියසෝම හදා වඩා ගන්නා ලද්දේ ඔහුගේ මාමා විසිනි. රැකියාව සඳහා කොළඹ තාවකාලිකව පදිංචියට ගිය පියසෝමට පියසීලි මුණ ගැසුණේ අගනුවරදීය.

    දැන හැඳින ටික දිනකින් පියසීලි විවාහ කර ගන්නට කැමැත්ත පළ කළ පියසෝම ඇය සමඟ තම මාමා ගේ නිවසට ගියේ, විවාහය පිළිබඳව ඔහුට දන්වා අනුමැතිය ලබා ගන්නා අදහසිනි.
    පියසීලි දුටු පියසෝම ගේ මාමා ඇස් උඩ හිඳුවා, නළල රැළි ගන්වා පියසෝම දෙස බැලුවේ බලවත් විමතියකිනි. සීමාවක් නොමැති ඇගේ විරූපී බව දැක කෝපයට පත් හෙතෙම, පියසෝම පසෙකට කැඳවා රහසින් නමුත් කෝපයෙන් මෙසේ කියන්නට විය.
    ’කොහෙන්ද ගොනෝ මේ දරහෑව උඹ හොයා ගත්තේ? දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගෙ එළියට පැනලා. ඇස් දෙක හොඳටෝම වපරයි. බොම්බාය දිහා බැලුවාම පේන්නෙ කල්කටාව. ඒ මදිවට බෙරි තොල යටින් රැවුල් ගස් ඇදිලා. මෙහෙම ගෑනියෙක් ගන්ඩ උඹට ඔල්මාදෙ ද හැබෑට?’
    ’ඔච්චර හෙමිහිට, රහසේ කථා කරන්ඩ ඕනෙ නෑ මාමේ. පියසීලිගෙ කන් ඇහෙනවත් හොරයි.’ පියසෝම බයාදු අයුරින් හිනාවී කීවේය.

    --------------------------------------------------

    පැන්සල වෙනුවට පෑන

    එක් සවස් වරුවක සිල්වා දොස්තර මහතා තම ඩිස්පෙන්සරියේ ලෙඩුන් පරීක්‍ෂා කරමින් සිටිද්දී දුරකථනය නාද වන්නට විය. දොස්තර මහතා ලෙඩකු පරීක්‍ෂා කරන අතරතුරේම රිසීවරය කනේ තබා ගත්තේය.

    ඒ කථා කළේ දොස්තර සිල්වා තම පවුලේ වෛද්‍යවරයා ලෙස සැලකූ හිතවත් කාන්තාවකි.
    ’හලෝ, ඩොක්ටර් සිල්වා. මම මිසිස් ගජනායක. බලන්නකො ඩොක්ටර් වුණ වැඩක හැටි. අපේ පුතා, මේ දැන්, මම ලිය ලියා හිටපු පැන්සල ගිල්ලනෙ. අනේ මම දැන් කරන්නේ මොකක්ද ඩොක්ටර්?’ ගජනායක මහත්මිය ඉතා නොඉවසිල්ලෙන් කියනවා ඇසුණි.
    ’ඩිස්පෙන්සරියේ ලෙඩ්ඩු පිරිලා, මිසිස් ගජනායක. මෙතනින් නිදහස් වෙන්න, මට අඩුම ගණනේ පැය දෙකක් වත් යාවි. මේ ලෙඩ්ඩු ටික බලලා මම පුළුවන් තරම් ඉක්මනට ඇවිත් පුතා ගිලපු පැන්සල අරගෙන දෙන්නම්. එතකං පෑන පාවිච්චි කරන්න පුළුවන් නේද?’ සිල්වා දොස්තර මහතා පිළිතුරු දුන්නේය.

    --------------------------------------------------

    හැමදාම ඇඳුම් මැදීම

    හවස් යාමයේ තම පෙම්වතිය නිලන්ති සමඟ මුහුදු වෙරළට ගිය කරූ, එහි ගලක් මත වාඩිවී, තමා සමීපයේ සිටින ඇය සමඟ පෙම් බස් දොඩවන්නට වූවේය.

    අල්ලාප සල්ලාපය මැද ඔහු, ඇයට මෙසේ කීවේය.
    ’ඔයා දන්නවද බබෝ වැඩක්. මම හැමදාම ඇඳුම් ගොඩාක් මදිනවා.’
    ’ඇයි අනේ ඔයා ඔය තරම් ඇඳුම් පොඩි කර ගන්නේ, හරියට පොඩි බබෙක් වගේ?’ නිලන්ති තොදොල් වෙමින් ඇසුවේ කරූට තවත් තුරුළු වෙමිනි.
    ’නෑ ළමයෝ, මම වැඩ කරන්නේ ලොන්ඩරියක.’ කරූ, පණුවන් කෑ දත් දෙපෙළ පෙන්වමින් සිනාසුණේය.

    --------------------------------------------------

    නොලිව්වා නං නේද හොඳ?

    දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.

    ”පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො.’ කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.
    ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.
    ’ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා.’
    ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.
    ’මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් කන්ඩ ද?

    සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ. කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ ඇසීය.

    “මුදලාලි බල්ලන්ට දෙන විස්කෝතු මෙහෙ තියනවද?”
    මුදලාලි කියවමින් සිටි පුවත්පතින් දෑස් ඉවත් කර උත්තර දෙමින් පෙරළා මෙසේ විමසීය.
    “ඔව් තියෙනවා. දැන් කන්ඩද ගෙදර ගෙනියන්ඩද?”
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බෝම්බය

    එක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා ය. නිවසේ දොරකඩ එහි නිවැසි දරුවෙක් සෙල්ලම් කරමින් සිටියේ ය. එම කාන්තාව නිවසට ළඟා වත්ම ඇය දෙස කුහුලින් බැලූ දරුවා ඇගෙන් මෙසේ විමසීය.
    “ඇන්ටි, ඔයා ළඟ පුපුරණ ජාති මොනවා හරි තියෙනවද?
    “නෑ. ඇයි පුතා එහෙම ඇහැව්වේ?” කාන්තාව පෙරළා ප්‍රශ්න කළේ විමතියෙනි.
    “එහෙනං ඇන්ටි දුර එද්දී අම්මා කිව්වේ ‘අන්න අර බෝම්බෙ අදත් එනවා’ කියල.”
    පොඩි එකා පිළිතුරු දුන්නේ ය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොණ්ඩෙ පීරන්නත් පුළුවන්ද?

    පදික වේදිකාවේ ගමන් කරමින් සිටි කාන්තාවක් වෙතට යොමු වුණු පදික වෙළෙන්දෙක් තමා විකුණමින් සිටි පනා තොගයෙන් එකක් අතට ගෙන රවුමට නවා පෙන්වමින් මෙසේ කීවේය.
    “නෝනා, ගන්නවා නං මෙන්න නියම පනාවක්. මේකට මිටියකින් ගැහැව්වත් කැඩෙන්නෙ නැහැ. මෝනට ඕනෙ නං පුළුවන් මේක දෙකට නමන්න. ඕනෙ නං අඹරන්නත් පුළුවන්. ගලේ ගැහුවත් කැඩෙන බඩුවක් නෙමෙයි මේක.”
    කාන්තාව මදක් නැවතී, වෙළෙදාමේ නියුතු තරුණයා දෙස විමසුම් බැල්මක් හෙළා මෙසේ ඇසුවා ය.
    ළමයා ඕකෙන් කොන්ඩේ පීරන්නත් පුළුවන් ද?”
     
    • Like
    Reactions: udithag

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කලාකරුවන් දෙදෙනෙක්

    අප්‍රකට, අපූරු දිය ඇල්ලක් පිළිබඳව හදිසියේ කියවන්නට ලැබුණු කවියෙක් එය දැකීමේ ආශාවෙන් වංහුං අසමින් දිය ඇල්ල පිහිටි පෙදෙසට ළඟා විය. හේ සාහිත්‍යයට ඉමහත් ළැදියාවක් දැක්වූ අයෙකි.
    පටු පාරක් ඔස්සේ දියඇල්ලේ හඬට ඉව අල්ලමින් පැමිණි හේ වංගුවකින් හැරුණු වහාම ඇසට හසුවූ සුදෝ සුදු පෙණපිඩු නංවමින් ඇද හැලෙන දිය ඇල්ල දැක වශීකෘතව හුන් තැනම නැවතී ඉතා ආශාවෙන් එදෙස බලා සිටින්නට විය.
    දිය ඇල්ල පාමුල සිට තමා මෙන් ම ඒ දෙස බලා සිටින අයකු දුටු හෙතෙම සතුටින් ඔහු වෙත පිය නඟමින් මෙසේ විමසුවේ ය.
    ‘නිසංසලේ සුන්දරව ගලා බසිනා මේ දියඇල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටින ඔබ කුමන කලාකරුවෙක් ද?”
    “මම කිරි වෙළෙන්දෙක්” යනුවෙන් පිළිතුරු දුන් හෙතෙම බෝතල් මල්ල ද එල්ලාගෙන නොපෙනී ගියේ ය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    pissu-hadena-sada.jpg

    කෑවේ මොනවද?

    කලානාත් පරණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු අවසන් වරට චිත්‍රපටයක් හදලා තිබුණේ් අවුරුදු විස්සකට කලින්. ඒ කාලෙ මිහිරි අතීතය තලු මර මරා සිහිපත් කරලා සන්තෝස වෙන පුරුද්දක් ඔහුගේ තිබුණා.

    දැන් හරිහමන් ආදායම් මාර්ගයකුත් නැති නිසා කලානාත් ආවේ ගියේ බස් එකෙන්.
    දවසක්දා බස් රථයකදී ඔහුට ටෙලි නාට්‍ය ක්ෂෙෂ්ත්‍රයට අලුතින් සම්බන්‍ධ වුණු ප්‍රේමපාල අහම්බෙන් වගෙ මුණ ගැහුණා. සමාන්තර ක්ෂේත්‍රයක කෙනෙක් නිසා ප්‍රේමපාලට කලානාත් ගෙන් ලේසියෙන් බේරිලා යන්න ලැබුණේ නැහැ.
    ඔහු තමන් චිත්‍රපට ලෝකයේ සිටි යුගය පිළිබඳව කෙළවරක් නැති විස්තර කියවන්නට පටන් ගත්තා.
    ’දැන් වගෙ නෙමෙයි මල්ලි. අපි පික්චර් ගහපු කාලේ. ඒ කාලෙ අපි හොඳට කෑවා අයිසෙ.’
    කලානාත් ගෙ කන්දොස්කිරියාව නිසා නොරිස්සුමෙන් සිටිය ප්‍රේමපාල පෙරළා මෙහෙම ඇහැව්වා.
    ’සිනමාවද?’

    --------------------------------------------------------
    පපුවේ ඒවා විතර ද?

    ජයසේකර, රූපසේනත් එක්ක බාර් එකකට ගොඩ වැදුණේ පඩි දවසේ හැන්දෑ යාමේ ගෙදර යන ගමන්.

    කටගැස්මකුත් එක්ක අරක්කු භාගයක් ඇණවුම් කළ මේ දෙදෙනා ටිකෙන් ටික දොඩමලු වුණා. අරක්කු භාගෙ ඉවර වෙලා, දෙවැනි වර ඇණවුම් කළ අරක්කු භාගයේ පතුල පෙනෙන ගාණට එනකොට දෙන්නටම හොඳ ගණන්.
    ජයසේකර රූපසේන දිහා බලලා වෙරි මරගාතෙම මෙහෙම කිව්වා.
    ’මචං රූපෙ, බොනකොට, මිනිහෙකුගේ පපුවේ හැංගිලා තියෙන දේවල් නිකම්ම එළියට එනවා. නැද්ද මං කියන්නේ.’
    රූපසේන ඉබේ කඩා වැටෙන බෙල්ල අමාරුවෙන් උස්සලා බාගෙට පියවුණු ඇස්දෙක ලොකු කරලා මෙහෙම උත්තර දුන්නා.
    ’ඒ විතරක් නෙමෙයි. බීලා වැඩි වුණොත් බඩේ තියෙන ඒවත් සේරම එළියට එනවා මචෝ.’

    --------------------------------------------------------
    වැස්සේ නැත්නම් එනවා

    ඔහු තම සෙලියුලර් දුරකථනයෙන් තම පෙම්වතිය හා පෙම්බස් දොඩමින් සිටියේය.

    ඔහු ආවේගශීලීව මෙන් තම පෙම්වතියට මෙසේ කියන්නට විය.
    ’කොයිතරම් බාධා ආවත් අපේ ප්‍රේමයට අවහිර කරන්න කාටවත් බැහැ රත්තරන්. සත්සමුදුර තරණය කරලා හරි මම ඔයා ළඟට එනවා. මාර සේනාව පරාජය කරලා හරි මම ඔයාව දිනා ගන්නවා. ඔයාව හොයාගෙන ලෝකෙ එහා කෙළවරට වුණත් මම පියාඹනවා.’
    ඔහුගේ කතාවෙන් උද්දාමයට පත් පෙම්වතිය තොදොල් බසින් මෙසේ ඇසුවාය.
    ’මගේ වස්තුව, ඔයා අද හවස මාව බලන්න එනවා නේද?’
    ’මට පීනස තියෙනවනෙ බබෝ. වැස්සේ නැත්තං මම එනවා හොඳේ.’

    --------------------------------------------------------
    කොහෙ තියන ඉඩක්ද?

    එක් තරුණයෙක් සිනමා ශාලාවක බැල්කනියේ අඳුරු මුල්ලකට වී තම පෙම්වතිය තුරුලු කරගෙන පෙම්බස් දොඩන්නට විය. ඔහු තම පෙම්වතියගේ කනට කිට්ටුවී මෙසේ කීවේය.

    ’මං හරිම ආසයි, ඔයාගෙ හදවතට ඇතුල් වෙන්න රත්තරන්.’
    ’පිස්සුද අනේ, ඔයාගෙ ශරීර කූඩුව ඇතුල් කරන්න තරං ඉඩක් ඒකෙ නැහැ.’ පෙම්වතිය කීවාය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යන්නෙ කොහොම ද?

    එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්‍රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.
    ‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’
    තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.
    ‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.
    ‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉඳලත් බැරි නැතුවත් බැරි ගැහැනු

    හිඟන්නෝ දෙන්නෙක් දවල් කෑමෙන් පස්සේ මාර ගහක සෙවණක් යටට වෙලා කථා බහක යෙදිලා හිටියා.
    ‘උඹ කොහොමද හිඟමනට වැටුණේ?’ එක් හිඟන්නෙක් අනිකා ගෙන් ඇහැව්වා.
    ‘මම මුලින් හොඳ බිස්නස් එකක් කරගෙන යස අගේට හිටියා. ඒත් මගෙ බිස්නස්වලට උදව් කරන්න ගෑනියෙක් හිටියේ නැහැ. ඒකයි වුණේ.’ යනුවෙන් පිළිතුරු දුන් ඔහු,
    ‘හැබෑට තමුසෙට මොකද වුණේ?’ කියලා අනෙක් හිඟන්නා ගෙන් ඇහැව්වා.
    ‘මමත් බිස්නස් කළේ. හැබැයි මට ගෑනියෙක් හිටියා.’ ඔහු පිළිතුරු දුන්නා.


     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    තව එකක් කමු ද?

    අවුරුද්ද පුරාම, මුළු දවස තිස්සෙම කඩ බක්කි මැද්දේ ජීවිතේ ගෙවන කරෝලිස් මුදලාලි තමන්ගෙ පවුලත් එක්ක වෙසක් බලන්න යන්න එකඟ වුණේ යුතු කමට.
    හැන්දෑ යාමේ ගෙදරින් පිටත් වෙලා තොරණක් දෙකක් බැලූ මේ ජෝඩුව, රෑ නවයට විතර ගෝල්ෆේස් පිට්ටනියට කිට්ටු කළා.
    පිට්ටනියේ තැන තැන නවතා තිබුණු අයිස්ක්‍රීම් වෑන් දෙස බැලූ කරෝලිස් මුදලාලි, හිනාවකුත් මුවේ රඳවාගෙන හාමිනේ දිහා බැලුවා.
    ‘හාමිනේ අපි තව අයිස්ක්‍රීම් එකක් කමු ද?’ මුදලාලි මෙහෙම ඇහැව්වාම හාමිනේ පුදුම වෙලා මුදලාලි ගෙන් මෙහෙම ප්‍රශ්න කළා.
    ‘තව අයිස්ක්‍රීම් එකක්...’ අපි මීට කලින් අයිස්ක්‍රීම් කැවයැ.’ ඈ අවඥාවෙන් කට ඇද කළා.
    ‘ඇයි හාමිනේට මතක නැද්ද? අපි ගිය අවුරුද්දෙ වෙසක් බලන්ඩ ආ වෙලාවෙත් අයිස්ක්‍රීම් කෑවෙ.’ මුදලාලි උත්තර දුන්නා.

     
    • Like
    Reactions: vass_sam

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටත් එහෙමම තමයි

    අවන්හලකට ගොඩවුණු සිරිපාල, හිස් මේසයක් නොතිබුණු නිසා එක් අයෙක් පමණක් සිටි මේසයක් ඉදිරිපිට වාඩි වුණා.
    වීදුරු දෙක තුනක් හිස් වෙද්දී දෙදෙනා තම තමන්ගෙ වංහුං කථා කරලා හිතවත් වුණා විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් බීම ඇණවුම් කරන්නත් පටන් ගත්තා.
    රෑ දහය පහු වුණු ගමන් එක් අයෙක් නැගිට්ටා. අනෙකා විමතියෙන් ඔහු දිහා බැලුවා. ‘ඇයි මචං නැගිට්ටේ? බාර් එක වහන්ඩ තව පැයක් තියෙනව නෙ.’ ඔහු ඇහැව්වා.
    ‘මම දැන් යන්ඩ ඕනෙ. මොකද දන්නව ද? ඩ්‍රින්ක් එකක් දැම්මාම මට අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩම ඕනෙ.’ අනෙකා පිළිතුරු දුන්නා.
    ‘ඉතින් මටත් එහෙමනෙ. අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩ නං ඩ්‍රින්ක් එකක් දාන්ඩම ඕනෙ.’ ඔහු කිව්වා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌ කන්නෙම පලතුරුනෙ

    ඌ කන්නෙම පලතුරුනෙ


    ඉරිදා පොළට ගිය පියදාස ගෙදර ආවේ එළවළු, මස්, මාළුවලට අමතරව හොඳින් ඉඳුණු ලොකු පැපොල් ගෙඩියක් ද රැගෙනය.
    දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්‍රතික්‍ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය.
    ’පුතා, කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ. විශේෂයෙන් පැපොල්. අනික ඉදුණු පැපොල් හරිම රසයි. ඒ වගේම ගුණයි. පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල.’
    ’මොන බොරුද තාත්තෙ. වවුලො කන්නෙම පලතුරු නේ. ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට?’ පුතා පිළිතුරු දුන්නේය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිටත් එහෙමයි

    අපිටත් එහෙමයි

    රංජිත්ලා ඔවුන් එතෙක් පදිංචිව සිටි කුලී නිවෙසින් ඉවත්ව නගරයේ නව නිවෙසකට යාමට තීරණය කළෝය. දිනක් රංජිත්ලා අල්ලපු ගෙදර සුනිමල්ලා හමුවීමට ගියේ ඔවුන්ට ඒ බව දන්වා සමු ගැනීමේ අදහසිනි.
    ’ලබන මාසෙ අලුත් ගෙදරට ගියාම අපිට හොඳ මිනිස්සු කට්ටියක් ආශ්‍රය කරන්න ලැබේවි.’ රංජිත්ගේ බිරිඳ සුනිමල් ගේ බිරිඳට කීවේ ඔලොක්කුවට මෙනි.
    ’ඇයි, අපිටත් හොඳ කට්ටියක් ආශ්‍රයට ලැබෙයි.’ සුනිමල් ගේ බිරිඳ වහා පිළිතුරු දුන්නාය.
    ’ඇයි ඔයගොල්ලොත් මෙහෙන් යනවද?’ රංජිත්ගේ බිරිඳ විමසීය.
    ’නෑ අපි මෙහෙම ඉන්නවා’ සුනිමල් ගේ බිරිය පිළිතුරු දුන්නාය.​
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තාම නිදා ගත්තේ නෑ

    අලුතින් විවාපත් වූ තරුණියෝ දෙදෙනෙක් මාරකැට්ටුවේදී හමුවී ආගිය තොරතුරු කතා කරමින් සිට අවසානයේදී තම ස්වාමි පුරුෂයන්ගේ විත්ති කතා කරන්නට වූහ.
    ’ඔයාගෙ මහත්තයා නින්දෙන් ගොරවනවද?’ එකියක් අනිත් තැනැත්තියගෙන් ඇසුවාය.
    ’දන්නෙ නෑ අනේ. බැඳලා තාම සුමානයයිනෙ. අපි තාම නිදා ගත්තෙ නෑ.’ ඇය කීවාය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෙව්ව ගේ ම තමයි

    පෙරේරා තම නිවෙස විකිණීමට අදහස් කළේ වඩාත් සැපපහසු නිවෙසක් මිලදී ගන්නා ලෙස ඔහුගේ බිරිය කාලයක් තිස්සේ ඇවිටිලි කරනා බැවිනි. ඔහු එවැනි කටයුතුවලට ප්‍රසිද්ධියක් උසුලන වෙළෙඳ සමාගමකට එය භාර කළේය. පසුදින ජනපි‍්‍රය පුවත් පතෙක එම වෙළෙඳ සමාගම එම නිවෙස පිළිබඳ දැන්වීමක් පළකොට තිබුණි.
    දැන්වීම කියවූ පෙරේරා කඩිනමින් වෙළෙඳ සමාගමට දුරකථන ඇමතුමක් දී තම නිවෙස විකිණීම වහාම අත්හිටුවන ලෙස දැන්වීය.
    ’ඇයි මොකද වුණේ’ දුරකථන ඇමතුමට සවන් දුන් සමාගමේ කළමනාකරු විමතියෙන් ඇසීය.
    ’තමුසෙලා මගේ ගේ ගැන ඒ දැන්වීමේ දාපු විස්තරේ කියෙව්වම තමයි මට තේරුණේ මමත් මෙච්චර කල් හොය හොයා හිටියේ ඒ විදියේ ගෙයක් විත්තිය.’ පෙරේරා කීවේය.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙපැත්තම නවත්තනවා

    බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි. එහි සෑහෙන පිරිසක් ද සිටියහ. බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි.
    ’කොන්දොස්තර මහත්තයෝ, මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා. මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?’
    ’ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්. දෙපැත්තම නවත්වනවා’ කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.