පිස්සු හැදෙන සඳ
ඕවා විතරක් නෙමෙයි
කුඩා කලම දෙමාපියන් මිය යාමේ හේතුවෙන් පියසෝම හදා වඩා ගන්නා ලද්දේ ඔහුගේ මාමා විසිනි. රැකියාව සඳහා කොළඹ තාවකාලිකව පදිංචියට ගිය පියසෝමට පියසීලි මුණ ගැසුණේ අගනුවරදීය.
දැන හැඳින ටික දිනකින් පියසීලි විවාහ කර ගන්නට කැමැත්ත පළ කළ පියසෝම ඇය සමඟ තම මාමා ගේ නිවසට ගියේ, විවාහය පිළිබඳව ඔහුට දන්වා අනුමැතිය ලබා ගන්නා අදහසිනි.
පියසීලි දුටු පියසෝම ගේ මාමා ඇස් උඩ හිඳුවා, නළල රැළි ගන්වා පියසෝම දෙස බැලුවේ බලවත් විමතියකිනි. සීමාවක් නොමැති ඇගේ විරූපී බව දැක කෝපයට පත් හෙතෙම, පියසෝම පසෙකට කැඳවා රහසින් නමුත් කෝපයෙන් මෙසේ කියන්නට විය.
’කොහෙන්ද ගොනෝ මේ දරහෑව උඹ හොයා ගත්තේ? දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගෙ එළියට පැනලා. ඇස් දෙක හොඳටෝම වපරයි. බොම්බාය දිහා බැලුවාම පේන්නෙ කල්කටාව. ඒ මදිවට බෙරි තොල යටින් රැවුල් ගස් ඇදිලා. මෙහෙම ගෑනියෙක් ගන්ඩ උඹට ඔල්මාදෙ ද හැබෑට?’
’ඔච්චර හෙමිහිට, රහසේ කථා කරන්ඩ ඕනෙ නෑ මාමේ. පියසීලිගෙ කන් ඇහෙනවත් හොරයි.’ පියසෝම බයාදු අයුරින් හිනාවී කීවේය.
--------------------------------------------------
පැන්සල වෙනුවට පෑන
එක් සවස් වරුවක සිල්වා දොස්තර මහතා තම ඩිස්පෙන්සරියේ ලෙඩුන් පරීක්ෂා කරමින් සිටිද්දී දුරකථනය නාද වන්නට විය. දොස්තර මහතා ලෙඩකු පරීක්ෂා කරන අතරතුරේම රිසීවරය කනේ තබා ගත්තේය.
ඒ කථා කළේ දොස්තර සිල්වා තම පවුලේ වෛද්‍යවරයා ලෙස සැලකූ හිතවත් කාන්තාවකි.
’හලෝ, ඩොක්ටර් සිල්වා. මම මිසිස් ගජනායක. බලන්නකො ඩොක්ටර් වුණ වැඩක හැටි. අපේ පුතා, මේ දැන්, මම ලිය ලියා හිටපු පැන්සල ගිල්ලනෙ. අනේ මම දැන් කරන්නේ මොකක්ද ඩොක්ටර්?’ ගජනායක මහත්මිය ඉතා නොඉවසිල්ලෙන් කියනවා ඇසුණි.
’ඩිස්පෙන්සරියේ ලෙඩ්ඩු පිරිලා, මිසිස් ගජනායක. මෙතනින් නිදහස් වෙන්න, මට අඩුම ගණනේ පැය දෙකක් වත් යාවි. මේ ලෙඩ්ඩු ටික බලලා මම පුළුවන් තරම් ඉක්මනට ඇවිත් පුතා ගිලපු පැන්සල අරගෙන දෙන්නම්. එතකං පෑන පාවිච්චි කරන්න පුළුවන් නේද?’ සිල්වා දොස්තර මහතා පිළිතුරු දුන්නේය.

හැමදාම ඇඳුම් මැදීම
හවස් යාමයේ තම පෙම්වතිය නිලන්ති සමඟ මුහුදු වෙරළට ගිය කරූ, එහි ගලක් මත වාඩිවී, තමා සමීපයේ සිටින ඇය සමඟ පෙම් බස් දොඩවන්නට වූවේය.
අල්ලාප සල්ලාපය මැද ඔහු, ඇයට මෙසේ කීවේය.
’ඔයා දන්නවද බබෝ වැඩක්. මම හැමදාම ඇඳුම් ගොඩාක් මදිනවා.’
’ඇයි අනේ ඔයා ඔය තරම් ඇඳුම් පොඩි කර ගන්නේ, හරියට පොඩි බබෙක් වගේ?’ නිලන්ති තොදොල් වෙමින් ඇසුවේ කරූට තවත් තුරුළු වෙමිනි.
’නෑ ළමයෝ, මම වැඩ කරන්නේ ලොන්ඩරියක.’ කරූ, පණුවන් කෑ දත් දෙපෙළ පෙන්වමින් සිනාසුණේය.

නොලිව්වා නං නේද හොඳ?
දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.
”පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො.’ කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.
ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.
’ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා.’
ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.
’මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ.