පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....
එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු.
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.
දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.
ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.