ෆයිට් කැන්සර් කණ්ඩායමේ නුවර එළියේ වෙඩිමුරය.
-----------------------------------
අද 13 .. හෙට අවුරුදු ... සියළූම දෙස් විදෙස් ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ලෝකයේ අපිට හිමි එකම දවස. නිදුක් නිරෝඟී සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.......
ෆයිට් කැන්සර් කණ්ඩායම සමඟ තනි නොතනියට මම නුවරඑළියට ආවේ නන් දෙසින් නුවරඑළියට පැමිණෙන ආදරණීය හදවත් ස්පර්ශ කරලා මහරගම අපේක්ෂා රෝහලේ ව්‍යාපෘතිය පිළිබඳව සමාජ කතිකාවක් තුළින් දැණුවත් කිරීමක් කිරීම වෙනුවෙන්...
නුවර එළිය city center ඉදිරිපිට අපිටම වෙන් කර තැබූ කුටිය තුළට අපි එකතු වුණේ උදෑසන 8ට විතර. අපේ කණ්ඩායමට හිමි ආචාර ධර්ම පද්දතිය පිළිබඳව අප සාමාජිකයින් නැවත කොටියෙන් මෙනෙහි කර දීමෙන් පසු අපි අපේ ව්‍යාපෘතියේ අළුත් අත්දැකීමට මුහුණ දීමට හා හා පුරා එළියට බැස්සා.. එතරම් කාර්යබහුල නොවූවත් මේ ටීෂර්ට් ගහගෙන නුවරඑළියට කළින් බැහැපු නැති ප්රචාරක කණ්ඩායම කව්ද කියලා ඇස් වලින් අපේ ත්‍රීවීලර් සහෝදරවරුන් එබිකම් කරනවා දැක්කා..
අපි එළියට බැහැල විනාඩි 10-15 යනකොටම මා ඉඳිරිපිට සිනහවක් සංග්‍රහ කරමින් එක සහෝදරයෙකු මෙසේ කීවා.
"සර් ට මොනවද වෙන්න ඕනේ? කියන්න මම කරන්නම්.." එයා සුපුන් ප්‍රභාත්.. මෙතන සර්ලා මිස්ලා නෑ .. ඉන්නේ අයියලා මල්ලිලා සහ අක්කලා නංගිලා කියලා කියපු ගමන් ඒ මුහුණේ පිරුණු සිනහවට මිලක් නියම කරන්න බෑ... එයා එයාගේ කමිස සාක්කුවෙන් රුපියල් 100 ක් දුන්නා .. ඒක තමයි මගේ කැටේට වැටිච්ච මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ජීවිතයක ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් ලැබුණු දායකත්වය. රතු පාට wheel එක ගියා... හදවත් දෙකක් සංවේදී අරමුණක් වෙනුවෙන් එකට මුණගැසුණු සොඳුරු මොහොතක්.
ඔන්න දැන් රංචු පිටින් රටේ විවිධ ස්ථාන වලින් නුවරඑළියට ආපු අපේම මිනිසුන් ටවුන් එකට බැහැලා. අපිව හමුවෙනවා .. කථා කරනවා.. සමහරු අත් දෙක තදකරගෙන එයාලගේ සමීපතයින් වුණ පිළිකා රෝඟීන් ගැන කථා කරනවා.. ආදරය, ආශීර්වාද විතරක් නෙමෙයි මගේ රටේ මිසුන්ගේ සංවේදීකම ඒ ඇස් වලින් දැක්කා...
මුර සංචාරයේ එහා මෙහා යන උසස් පිලිස් නිලධාරීන් අප හමුවීමට පැමිණියා.. අවශ්‍ය දෙයක් තියෙනවනම් අපිට කියන්න, උපරිම සහයෝගය දෙන්නම්, මේක හොද වැඩක් වගේම මේක හොඳ තැනක් කියලා අපව දිරිමත් කළා...මගේ රටේ මිනිස්සුන්ගේ ඇස් වල ලොකු කථාවක් මම දැක්කා..ඒ තමයි අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු කියන එක..
අඳ දවස සාර්ථකව අවසන් කළා... ඔයාලා සියළු දෙනාටම ස්තූතියි. අපිට දුන්න සහයෝගයට.
අධිෂ්ඨානය ජයග්‍රහණය නම් බලාපොරොත්තු පසු පස අප හඹායා යුතුයි. අපේ බලාපොරොත්තුව ඔබේ දායකත්වයයි. ඔබේ දායකත්වය රෝඟීන්ගේ ජයග්රහණහයි කියලා අපි පුළු පුළිවන් විදිහට තේරුම් කරලා දුන්නා.
කියන්න සතුටුයි මගේ නෙත ගැටුණු කිසිම කෙනෙක් අපව මඟ හැරලා ගියේ නෑ... පිළිකාවේ කෲරත්වය අඩුවැඩි වශයෙන් කවුරු නිසා හෝ එයාලා ඒ අත්දැකීම ලබනවා ඇති.
මේ ආරාධනාව නුවර එළියට පැමිණි සියළුම මගේ රටේ මිනිසුන් වෙතටයි. යන එන ගමන් මොහොතක් අපිව බලලා යන්න. මතකද අපි නිතරම කියනවා, ඔගේ පංගුව රුපියල් 50ක් විතරයි කියලා. ඒක මේ ව්‍යාපෘතියේ ගිණුමට බැර කරන්න අපි ලඟට එන්න.
මේක රම්‍ය භූමියක් ... ඒක මේ මාතෲභූමියේ කොයි දිශානතියට අපි ගියත් අපිට ඒ පිළිබදව තක්සේරුවක් දෙන්න පුළුවන් මොකද ඒක අපි අපේ භාවිතාවන් තුළින් ලැබුණු ප්‍රතිචාර වලින් අපි දැක්කා.. අපිට මේ ගමන ඉක්මන් කරලා තවත් වැඩකට අතගහලා 2025 කියන්නේ ආසියාවේ සුපිරිතම රෝහල් වලින් එකක් බවට අපේ මහරගම "අපේක්ෂා" පිළිකා රෝහල පත්කර ගැනීමේ අර අපජීවත් කරවනවා කියපු බලාපොරොත්තුව වෙනුවෙන් අපි අත්වැල් බැදගමු.
It was a great day in Nuwaraeliya. I can’t describe the happiness I feel today. I didn’t feel the tiredness of the night long travel which I arrived this morning.
It’s an amazing response from the holiday makers from all over. The first donation made by a gentleman was very impressive. We have not even started our day. He waited till we finish up our chores and very silently called one of us to a side and he just made a Rs. 100 donation. It could probably the best. Amount is not the core subject here. It’s about his generosity and the golden heart.
For me the participation and seeing each and every person taking the interest is much valuable than the deposits we receive. Thank you so much golden hearts of SRI lanka
Further my final request is that we are short of manpower. Need volunteers. Please come and support us on our drive to fight against cancer.
Please Donate your Contribution to
Account number 71275069
Media Unit Fightcancer Team Srilanka
..



