පිළිකා කාරක ජංගම දුරකතන

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    පිළිකා කාරක ජංගම දුරකතන

    ජංගම දුරකතනවලින් ඉවත් කර පරිසරයට විසිකරන බැටරියකටම ජල ලීටර් තිස් දහසක් (30,000)ක් දූෂ්‍ය කොට විස සහිත තත්ත්වයට පත්කළ හැකි බව මෑතකදී සිදුකළ පරීක්‍ෂණයකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

    ශ්‍රී ලංකාවේ භාවිත කරන, ප්‍රමිතියෙන් තොර ඇතැම් ජංගම දුරකතන කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට සිදුවන නිසා පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන බවද අමාත්‍යංශය පවසයි.

    විද්‍යුත් උපකරණවලින් හෝ ඉලෙක්ට්‍රොනික් උපකරණවලින් හෝ ඉවත ලන විද්‍යුත් අපද්‍රව්‍යයන්හි අඩංගු රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ පිළිකා කාරක සහිත බවත්, මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    සෑම වසරකම පිළිකා රෝගී ලැයිස්තුවට අලුතින් එකතුවන රෝගීන්ගේ සංඛ්‍යාව 15,000ක් වන බවත් ජනගහනයෙන් සියයට 09ක් පමණ පිළිකා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය අවදාරණය කරයි.

    පිළිකා රෝගීන්ටම විශේෂිත ඔෟෂධ මිලදී ගැනීම සඳහා පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 150ක් වැයකර ඇතැයි පවසන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා, එවැනි ඔෟෂධ මිලදී ගැනීම සඳහා සතියකට අඩුතරමින් ලිපිගොනු 50 - 60 කට අනුමැතිය ලබා දෙන්නේ යැයිද කියයි.

    සියලු රෝහල් හා වෙනත් සෞඛ්‍ය ආයතන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරාකිරීමේදී රජයේ නීති රීතිවලට අනුකූල ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම ආයතන බලධාරීන්ට චක්‍රලේඛ මඟින් දැනුම්දී ඇත.

    විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පරිසරයට සිදුවන හානියට පිළියමක් ලෙස එවැනි බැහැර කරන ආයතන මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිකර ඇත.
    ඒ අනුව රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී එවැනි ලියාපදිංචි ආයතනවලින් මිල ගණන් කැඳවා රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූල අපහරණ කටයුතු සඳහා පියවර ගත යුතු බව එම චක්‍රලේඛයෙන් දැනුම්දී තිබේ. එසේ සිදුවන්නේ දැයි අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයෙන් සිදු කෙරේ.


    cellphone-collage-garbage.gif
    Source-Mawbima.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හ්ම් චීන දුරකථන ඇතුළු බාල බඩු තහනම් කලා නම් හරි
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    owa hoya gena witharak hari yanne na.
    e-Wastage walata karanna deyak kerena widiyata ikmantama patan ganna one.
    godak aya laga parana 4n 2-3 thiyenawa karanna deyak nathuwa.
    owa gana nodanna kena ewa koheta hari wisi karanawa.
    oya wage prasna godak thiyenawa.
    awadanamak thiyenawa kiyala nikan minissu baya karala hari yanne na.
    :(

    Just my idea. TFS bro!
    5+ ~♥~
     
    • Like
    Reactions: Nishz

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ♥-Aurora-♥;14844958 said:
    owa hoya gena witharak hari yanne na.
    e-Wastage walata karanna deyak kerena widiyata ikmantama patan ganna one.
    godak aya laga parana 4n 2-3 thiyenawa karanna deyak nathuwa.
    owa gana nodanna kena ewa koheta hari wisi karanawa.
    oya wage prasna godak thiyenawa.
    awadanamak thiyenawa kiyala nikan minissu baya karala hari yanne na.
    :(

    Just my idea. TFS bro!
    5+ ~♥~

    Oya kiyana eka attha... Godak ayata 4ns deka thuna hiyenawa... Kadunata passe Wisikkarala daanawa... Environment ekata wena haniya kawruth danne na.. Government eka karanne kohomath minissu baya karana eka witharai... But minissu atharata mey wage news giyama Government ekata mokuth nokara innath ba..:no: