පිලියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී පැහැරගත් තරුණිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැර ගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පිලියන්දල පොලීසිය එම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අදාල තරුණිය පැහැර ගෙන ගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි විවාහක නාවික හමුදා සෙබළෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සබදතාව මාස 6කට පෙර නවතා දමා ඇති අතර ඉන් පසුව සැකකරු විසින් අදාළ තරුණියට අවස්ථා කිහිපයකදි තර්ජනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.