පිළියන්දලින් හා පමුණුවෙන් කොවිඩ් පොකුරු April 20, 2021

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    මේ අතර යළිත් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

    පසුගිය දිනවන කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවීමක් තිබු නමුත් නැවත රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වී ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,

    “ඉතාම ප්‍රවේශම්කාරී විය යුතු තත්ත්වයක්. රෝගය ව්‍යාප්තවීම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවෙන විට අපි නොදැනුවත්ම විශාල පොකුරු ඇති වෙන්න පුළුවන්. මේක ඉතාම භයානක තත්ත්වයක්. එහෙම වුණොත් අපිට නැවත වතාවක් රට තුළ සංචරණ සීමා ඇති කිරීම හා දරුවන්ගේ අධ්‍යාපනයට සීමා පැනවීම මෙන්ම විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියමිතයි අප්‍රේල් 27 වන දා , නමුත් ඒවට සීමා ඇති කරන්න සිදුවේවි. ඒ නිසා ඒවා වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි.“

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඒ සිදු කරන ලද PCR පරීක්ෂණ 130කින්ය.

    පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේ, අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවය.

    මොවුන් ඇරවුවල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    මේ අතර මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් - 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    ඒ අතරින් එක් ආසාදිතයෙක් අප්‍රේල් මස 11 වැනිදා හඳුනා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් වේ.

    මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

    මේ අතර, නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් හෝ වෙනත් සංක්‍රමණිකයින් මාර්ගයෙන් කොවිඩ් -19 වෛරසය මෙරට තුළ පැතිරීම වැළැක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත අවදානම් යැයි හඳුනාගත් රෝහල් සහ ගම්මානවල පුද්ගලයින් අහඹු පී.සී.ආර් පරීක්ෂණ වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බවය.

    ARE YOU READY???
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    සෞඛ්‍ය අංශ වල උපදෙස් පිළිපදින්න ඕන අපි විතරද?
    area එක වහන එකක් ගැන නේද උබ කියෙව්වේ? උබ ෆුක ඉරන් කඩේ ගිය එකා චාටර් වෙද්දි කතාව වෙනස් උනා නෙහ්?
    කොන්දක් ඇතිව ජීවත් වෙයන් බං.. නිවටයෙක් නොවී..
     
    • Like
    Reactions: Stimulus mind

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    area එක වහන එකක් ගැන නේද උබ කියෙව්වේ? උබ ෆුක ඉරන් කඩේ ගිය එකා චාටර් වෙද්දි කතාව වෙනස් උනා නෙහ්?
    කොන්දක් ඇතිව ජීවත් වෙයන් බං.. නිවටයෙක් නොවී..
    කොන්ද ඇතිව තමයි ජිවත් වෙන්නේ...කතාව වෙනස් කරේ නෑ...ආණ්ඩුව මිනිස්සුන්ට කියනවා සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින්න කියලා...හැබැයි ආණ්ඩුව ඒ උපදෙස් සතේකට ගණන් ගන්නේ නෑ....ආණ්ඩුව උන්ගේ ආතල් ගන්නවා...මං කිව්වේ ඒකයි...

    therumak na ban. othenta lnakawe ki patthakin minissu awith yanda atida.
    ඔව්...පඩි අරන් නිවාඩුවට ගෙවල් වල යන උන් හයිවේ බස් එකේ නගින්න කලින් පමුනුවට ඇවිත් යන්න ඇත්තේ
    ------ Post added on Apr 20, 2021 at 4:32 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Capture1-vert.jpg
     
    • Sad
    • Like
    Reactions: Zeuz and Ryker

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,781
    1,493
    113
    Puduma widihata thiyenne bn corona. Ofz eketh hamotama wage sema ugura ridili lawata una gathi thiyenawa. Wadak na ofz wahanneth na wfh denneth na. Ane manda.
     
    • Sad
    Reactions: Ryker