පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමි&#3514

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමි&#3514

    පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමියෙක් වෙයි.

    20170lg919-gossipc.jpg
    පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු, කාන්තාවන් එක අයෙකු හා පිරිමින් තුන් දෙනෙකු ලෙස උසාවියට ඉදිරිපත් කිරීමට සිදු වූ පුවතක් වාර්තා වනවා. පිළියන්දල - දම්පේ හෝටලයක

    උපන් දින සාදයක් පැවත්වා ඇති අතර පසුව එයට පැමිණි දෙපිරිසක් බහින් බස් වී අනතුරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
    පහර දීම නිසා අත්අඩංගුවට ගැනුනේ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙක්.
    ඔවුන් හැඳ සිටි ඇඳුම් දෙස බැලීමේ දී පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකොන්ට පෙනී ගියේ මේ පිරිස තදබල ලෙස පොරබදා ඇති බවයි.
    කාන්තාවන් දෙදෙනාව පරික්ෂා කර බලන ලෙස කාන්තා පොලිස් නිලධාරිනියකට ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
    කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය එක කාන්තාව බැගින් කාමරයකට ගෙන පරික්ෂා කිරීමට සුදානම් වී එක සැකකාරියක් කාමරයට ගෙන තිබෙනවා.
    ඇගේ උඩුකය නිරාවරණය වන ලෙස ඇඳ සිටි ඇඳුම ඉවත් කරන ලෙස දැනුම් දුන් බව සඳහන්.
    ටි ෂර්ටය ගැලවීමේදී තිසර පටය තුළින් අමුතු දෙයක් මතුවනු දැක පොලිස් නිලධාරිනිය වඩාත් සැලකිල්ලෙන් පරික්ෂා කර තිබෙනවා.
    තිසර පටය තුලින් මතු වී ඇත්තේ කහ පාටට හුරු ස්පොන්ච් කැබැල්ලක්.
    මේ සිටින්නේ කාක්තාවක් නොව පිරිමියෙකු බව වටහා ගන්නට ඇයට වැඩි වෙලාවක් ගියේ නැහැ.
    වහා ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට ඇය කටයුතු කළා.
    ස්ථානාධිපති ඇය නිල කාමරයට කැඳවා ප්‍රශ්න කළේ ඉන් අනතුරුවයි.
    "මම ආසාවට ගැනියෙක් වගේ ඇඳගෙන ආවා. උපන්දින සාදය පැවැත්වූ කෙනා ඒ බව දන්නවා"
    මෙම සැකකරු කියා තිබෙනවා.
    ඒ අනුව බිමත්ව ගැටුම් ඇතිකරගත් බවට වන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි කාන්තාවන් දෙදෙනා හා පිරිමින් දෙදෙනා කාන්තාවක් හා පිරිමින් තුන් දෙනෙකු ලෙස ඉදිරිපත් කළා.
    පසුගිය කාලයේ දී මෙලෙස පිරිමින් කිහිප දෙනෙකු කාන්තාවන් ලෙස ඇඳ පැළඳගෙන සිටි අවස්ථාවන් කිහිපයක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වුනා.
    2017-09-21