පි‍්‍රය උපදවන දේ අනතුරු සහිතයි
පි‍්‍රය උපදවන දේ අනතුරු සහිතයි
පි‍්‍රයයන්ගෙන් වෙන් වීම දුකට හේතුවකි. එසේ වන්නේ ඇයි? මෙය උදාහරණ සහිතව මෙම ලිපියෙන් විස්තර වෙයි.
පූජ්‍ය රාජසිංහගම තිලකධම්ම හිමි
අප බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩවසන කාලෙක ඒ නුවර හිටියා එක තාත්තා කෙනෙක්. ඉතින් හදිසියේ ම වගේ ඒ තාත්තා ගොඩක් ආදරය කරපු එයාගේ එක ම පුතා මරණයට පත් වුණා. ඒ තාත්තට ඒක දරාගන්න බැරුව ගියා. ඉතින් එයා මොකද කළේ? කෑමක් බීමක් ගත්තෙත් නෑ. වැඩක් පලක් කළෙත් නෑ. හැම වෙලාවෙම පුතාගේ සොහොනට ගිහිල්ලා “මගේ පුතා කොහේද? මගේ පුතා කොහේද?” කියකියා අඬන්න පටන් ගත්තා. ඉතින් ඔහොම සොහොනට යන එන අතරේ දවසක් මෙයාට හිතුණා දෙව්රම් විහාරයට යන්න ඕන කියලා. මෙයා ගියා. ගිහිල්ලා බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තක වාඩි වුණා.
ඒ වෙලාවේ බුදු රජාණන් වහන්සේ අහනවා, “ගෘහපතිය, ඔබගේ ඉඳුරන් වෙනදා වගේ ප්‍රසන්න නැහැ. මොනවා හරි හිතේ පසුතැවිල්ලක් තියෙනවා ද?” කියලා.
එතකොට තාත්තා කියනවා, “බුදු පියාණන් වහන්ස, මගේ ඉඳුරන් කොහොම ප්‍රසන්න වෙන්න ද? මට හිටිය එක ම පුතා කලුරිය කළා නේ. ඉතින් මට කෑමක් බීමක් ගන්න හිතෙන්නෙත් නෑ. වැඩක් පලක් කරන්න හිතෙන්නේත් නෑ. මම හැමවෙලාවෙම කරන්නේ සොහොනට ගිහිල්ලා අඬන එකයි” කිව්වා.
ඉතින් ඒ වෙලාවේ බුදු රජාණන් වහන්සේ ඒ තාත්තට බොහෝම ලස්සන ධර්ම කාරණාවක් වදාළා. මොකක් ද? “පින්වත් ගෘහපතිය, ඒක එහෙම තමයි. ශෝක, පරිදේව, දුක්ඛදෝමනස්ස කියන මේවා හටගන්නේ පි‍්‍රයදේවල්වලින් ම තමයි” කිව්වා. නමුත් ගොඩක් දුකෙන් හිටපු අර තාත්තට ඒ දහම් කාරණයේ ඇති ගැඹුර වැටහුණේ නෑ.
ඒ නිසා එයා බුදුරදුන් වදාළ දහම් කාරණය පිළිගත්තෙ නෑ. ඒ වෙනුවට එයා මෙහෙම කීවා. “නෑ බුදු පියාණන් වහන්ස, පි‍්‍රයදේවල්වලින් දුක හටගන්නේ නෑ. පි‍්‍රයදේවල්වලින් හටගන්නේ සතුටයි සොම්නසයි කියලයි මම නම් හිතන්නේ” කියා.
ඉහත සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ පිය ජාතික සූත්‍රයෙන් උපුටාගත් කොටසකි. එහි පුතු මළ සොවින් අඬා වැලපුණු පියා තුළින් නිරූපණය වන්නේ සාමාන්‍ය පෘථජ්ජනයා පි‍්‍රය දේවල් කෙරෙහි දක්වන ආකල්පයයි.
පෘථජ්ජන අප ද අර පියා මෙන් ම අප ආදරය කරන යම් පුද්ගලයකු හෝ යම් වස්තුවක් අහිමි වූ විට අඬා වැලපෙනවා නො වේ ද? එපමණක් නොව අර පියා මෙන් ම අප ද කල්පනා කරනුයේ පි‍්‍රය දේවල්වලින් දුක ශෝකය නොව සතුට සොම්නස ම ඇති වන බව ය. සැබවින් ම පි‍්‍රය දේවල් තුළ සතුටක් සොම්නසක් නැත්තේ ම නො වේ.
පි‍්‍රය දේවල් සැමකම පාහේ තාවකාලික වූ සතුටක් අන්තර්ගත ව පවතී. එහෙත්ඒ තාවකාලික සතුටට යටින් ඊට වඩා විශාල වූ දුක්ඛ ස්වභාවයක් පවතී. එහෙත් අවාසනාවකට මෙන් පි‍්‍රය දේවල් අභ්‍යන්තරයේ පවත්නා එකී භයානකකම හඳුනාගන්නට තරම් මුහුකුරා ගිය බුද්ධියක් අප බොහෝදෙනකුට නැත. ඒ නිසා ම අප ද පි්රයදේවල් බොහෝමයක් මම මගේ යැ යි ග්‍රහණය කරගෙන, ඒවා වෙනස් වන විට විනාශ වන විට අඬා වැලපෙනවා නො වේ ද?
පියජාතික සූත්‍රය මැදහරියේදී බුදු රජාණන් වහන්සේ එකල සිදු වුණු සිදුවීම් රාශියක් උපයෝගී කරගෙන පි්රයදේවල්වල පවත්නා යථාර්ථය පෙන්වා වදාළහ. මව, පියා අහිමි වීමෙන් උමතුව හඬා වැලපුණු දරුවන් ගැනත්, දරු මුනුබුරන් අහිමි වීමෙන් හඬාවැලපුණු දෙමාපියන් ගැනත්, සැමියා හෝ බිරිඳ අහිමි වීමෙන් හඬාවැලපුණ බොහෝ දෙනා ගැනත් සජීව හා නැවුම් සිදුවීම් රාශියක් උපයෝගී කරගෙන බුදු රජාණන් වහන්සේ අවධාරණය කරනුයේ ඒ හැමදෙනා ම උමතුව වැලපුණේත්, විලාප දෙමින් දුක් වූයේත් වෙන කිසිවක් නිසා නොව පි‍්‍රයයන්ගෙන් වෙන් වීම ඉවසාගත නොහැකි වූ නිසා බවයි; ඒ තුළින් හට ගත් දුක නිසා බවයි.
මගේ දෙමවුපියන්, මගේ දරු මුනුබුරන්, මගේ නෑදෑයන් මගේ වස්තුව ආදි වශයෙන් අප ද තෘෂ්ණාවෙන් හා පි්රයතාවෙන් යම් යම් පුද්ගලයන් හා යම් යම් දේවල් මනසින් දැඩිව ග්‍රහණය කරගෙන ඇත්තෙමු. එසේ පි්රයතාවෙන් පරිහරණය කරන පුද්ගලයන් හා වස්තු නිරන්තරයෙන් ම අප ජීවිතවලට දුක ශෝකය උරුම කරන බව ඒකාන්ත සත්‍යයකි; බුදුරදුන් වදාළ යථාර්ථයකි.
බුදු රජාණන් වහන්සේ මෙලොව පවත්නා සජීව අජීව සැම වස්තුවක ම පවත්නා ලක්ෂණ තුනක් පෙන්වා වදාළා. ඒ තමයි ඇති වීම, වෙනස් වීම හා නැති වීම, මේ ලෝකේ ඉන්න කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයකුට බැහැ මේ ලක්ෂණ තුනෙන් මිදෙන්න. මහා සාරභාර වස්තූන්ට වුණත් ඒ ලක්ෂණ තුන සාධාරණයි. ඒ හැම දෙයක්ම ඇති වුණා වගේම වෙනස් වෙවී ගොස් විනාශ වී යනවා. අපටත් ඕක ඔච්චරම තමයි.
මිනිසුන් වන අප සැමටත් සියලු සතුන්ටත් සියලු භෞතික වස්තුවලටත් එකී ලක්ෂණ තුන සාධාරණව ක්‍රියාත්මක වෙනවා. එසේ නම් මම මගේ කියා ග්‍රහණය කරගෙන සිටින සජීව අජීව සෑම වස්තුවක්මත් වෙනස් වෙවී ගොස් අවසානයේදී විනාශ වන බව අප කවුරුත් නුවණින් කල්පනා කරන්න ඕන. නමුත් පෘථජ්ජන ගතිය නිසා අප ඒ ගැන වැඩිය කල්පනා කරන්නේ නෑ. අප සිතා සිටිනුයේ ද පි්රයවස්තූන් හා පි‍්‍රය පුද්ගලයන් සැමදාම අපට සතුට ගෙනදේවි කියා ය.
ඒ නිසා ඕනවටත් වඩා අප පි්රයදේවල් සමඟ බැඳී වෙළී සිටිනවා ද, ඒ නිසාම පි‍්‍රය දේවල් වෙනස් වන විට හා විනාශ වන විට අපට බොහෝ සේ දුක දැනේ. පි‍්‍රය දේවල් සමඟ පවත්නා බැඳීම වැඩි වූ තරමට පි‍්‍රය දේවල් අහිමි වූ කල දැනෙන දුක ශෝකය ද වැඩි ය. මෙලොව වාසය කරන කවුරුත් වැඩියෙන් පි‍්‍රය කරනුයේ, වැඩියෙන් ම ආදරය කරනුයේ තමාටමයි.
නැතිනම් තමාගේ පඤ්චස්කන්ධයටයි. දෙවනුව ඇස, කන, නාසාදි ඉන්ද්‍රියන්ට ආදරය කරන ලෝකය තෙවනුව අඹුදරු ඥාතීන්ට හා සිව්වැනිව බාහිර වස්තූවලට ආදරය කරත්, පි‍්‍රය කරත්, මේ සීමාවලින් පරිබාහිර පුද්ගලයන්ට හා වස්තූන්ට හෝ දැඩිව බැඳී නැත. ඒ නිසා මමය, මාගේය යන සීමාවලින් බැහැර වූ නොහොත් තමා පි‍්‍රය නොකරන යම් පුද්ගලයකුට හෝ යම් වස්තුවකට ව්‍යසනයක් වන්නේ නම් ලෝකයා කම්පා වන්නේ හෝ දැඩිව දුක් වන්නේ ද නැත.
අපි වුව ද මඟ තොටේ යන විට කොතරම් නම් අන්‍යයන්ට වන විපත් කරදර ව්‍යසන දකින්නෙමු ද? මාධ්‍යයන් තුළින් අන්‍යයන්ට වන කරදර ව්‍යසන කොච්චර නම් අසන්නෙමු ද? එහෙත් ඒ සිදුවීම්වලින් අප මහා දුකකට වත්, කනගාටුවකට වත් පත් නොවන්නේ මක් නිසා ද? හේතුව ඒ කිසිවකු සමඟ අප දැඩිව බැඳී නොසිටීම ය.
නැත හොත් ඒ අය අප පි‍්‍රය කරන පුද්ගලයන්ගේ ගොන්නට අතුළත් නොවීම ය. ඒ නිසා එවැන්නන්ගේ දුක අපේ දුකක් බවට පත් වන්නේ නැත. නමුත් අප වඩාත් පි‍්‍රය කරන දෙමාපිය, අඹුදරු, නෑදෑ හිතවත් අයකුට යම් ව්‍යසනයක් වුව හොත් අපට කොතරම් නම් දුකක් දැනේවි ද?
මොහොතක් සිතන්න. අප පි‍්‍රය කරන අයකු මාසයකට දෙකකට විදෙස් රටකට යනවාය කියා, නැත් නම් එවැනි පි‍්‍රය වූ අයකු අසනීප වූවාය කියා කොතරම් නම් අප ශෝක කරාවි ද? එසේ නම් අප පි‍්‍රය කරන අයකු සදහටම අපෙන් වෙන් වන විට දැනෙන වේදනාව කොතරම් නම් විශාල වේවි ද? වෙන් වන කෙනා සාමාන්‍යයෙන් අප පි‍්‍රය කළ අයකු නම් හට ගන්නේ ද සාමාන්‍ය වූ දුකකි.
නමුත් හේ අප වඩාත් පි‍්‍රය කළ අයකු නම්, නැති නම් වෙන් වන කෙනා ගොඩාක් අප ආදරය කළ අයකු නම් රත් කළ යකඩ උලක් පපුවට ඇතුළු කළාක් මෙන්, මහා ගිනි කඳක් පපුවට ඇතුළු කළාක් මෙන් සිත ද කය ද දැවීයන්නේ ය; විලාප දෙමින් හඬා වැලපෙන්නේ ය; ඇතැමෙක් ලේ වමනය කරන්නේ ය; උමතු වන්නේ ය; යම් යම් උපක්‍රම මඟින් දිවි පවා තොර කරගන්නේ ය. බලන්න, පි්රයදේවල් පසුපස කොතරම් නම් බිහිසුණු බවක් සැඟව පවතිනවා ද කියා.
මව්පිය, දූදරු, ඥාති මිත්‍ර ආදීන්ගේ වියෝවකදී ශෝක කරන අඬා වැලපෙන අප ඊටත් වඩා ශෝක කරන්නේ අපේ ම අතක් පයක් හෝ යම් ඉන්ද්‍රියක් අපට අහිමි වූ විට ය. හේතුව මවුපිය, දූදරු සැමටත් වඩා අප අපේ ඉඳුරන්ට පි‍්‍රය කිරීමයි. එහෙත් ඉඳුරන්ට ද වඩා අප අපේ ජීවිතයට පි‍්‍රය කරන බැවින් ඉඳුරන් අහිමි කරගෙන හෝ ජීවත් වීමට කැමැති ය.
අත පය කපලා හරි මගේ ජීවිතය බේරා දෙන්න යැ යි අප කියන්නේ ඒ නිසා ය. ඉතින් මේ විදිහට අප කවුරුනුවත් තමන්ගේ ඉඳලා පිළිවෙළින් බාහිර දක්වා වූ යම් පුද්ගල පිරිසක් හා වස්තු ප්‍රමාණයක් මම මගේ යැ යි ග්‍රහණය කරගෙන ඉන්නවා. එපමණක් නොවෙයි, ඒවා වෙනස් වේවි, අහිමි වේවි කියා අනිසි බියකින් ද පසු වෙනවා.
කුදුගොත් සඟියේ උදාන පාලියේ තියෙනවා තවත් ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ තමයි විශාඛා සූත්‍රය. ඒ සූත්‍රයට අනුව අපේ බුදු රජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩවසන සමයක දිනක් විශාඛා උපාසිකාව ගොඩක් ආදරය කරපු එයාගේ මිනිබිරියක් කලුරිය කළා. ඉතින් විශාඛාව මිනිබිරියගේ අවසාන කටයුතු ටික හමාර කරලා දිය නාලා තෙත් වූ ඇඳුම් සහ කෙස් වැටිය සහිතවම පූර්වාරාමයට ගියා. මෙයා ගියේ වෙනදට වැඩිය ටිකක් ප්‍රමාද වෙලයි. ඇය බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා පසෙක වාඩි වුණා. බුදු රජාණන් වහන්සේ විශාඛාවගෙන් මෙහෙම ඇසුවා:
“උපාසිකාවෙනි, තෙත් වෙච්චි ඇඳුම් හා කෙස් වැටිය සහිතව නුඹ මේ කොහේ ඉඳලද ආවේ?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ පි‍්‍රය මනාප මිනිබිරියක් කලුරිය කළා. ඇයගේ අවසන් කටයුතු ටික ඉවර කරලයි මම මේ ආවේ!”
“විශාඛාවෙනි, මේ සැවැත්නුවර යම් තරමක් මිනිස්සු ඉන්නවාද, ඒ තරමට නුඹට දරුමුනුබුරන් ඉන්නවාට නුඹ කැමැති ද?”
“භාග්‍යවතුන් වහන්ස, ඒ තරමට මට දරුමුනුබුරන් ඉන්නවා නම් ඒත් මම කැමැතියි.”
“විශාඛාවෙනි, මේ සැවැත්නුවර දවසකට කී දෙනෙක් විතර කලුරිය කරනවා ද?”
“බුදු පියාණන් වහන්ස, සමහර දවසක දස දෙනෙක්. හත් අටදෙනෙක්. ඇතැම් විට එක්කෙනෙක් දෙන්නෙක් හරි කලුරිය කරනවා.”
“විශාඛාවෙනි, මොකද හිතන්නේ ඔබට සැවැත්නුර මිනිසුන් තරමට දරුමුනුබුරන් හිටියා නම් හැමදාම තෙත් වස්ත්‍රවලින් ම සැරසිලා, තෙත් කෙස් සහිතවම ඉන්න වේවි නේද?”
“බුදු පියාණන් වහන්ස, මට ඒතරම් බොහෝ දරුමුනුබුරන් අවශ්‍ය නෑ.”
“විශාඛාවෙනි, යමකුට පි‍්‍රයවස්තු සීයක් තියෙනවා නම්, එයාට දුක් සීයක් තියෙනවා. යමකුට පි‍්‍රයවස්තු අනූවක් තියෙනවා නම්, එයාට දුක් අනූවක් තියෙනවා. යමකුට පි‍්‍රය වස්තු අසූවක් තියෙනවා නම්, එයාට දුක් අසූවක් තියෙනවා. යමකුට පි‍්‍රය වස්තු හැත්තෑවක්, හැටක් පණහක් තියෙනවා නම්, එයාට දුක් ද ඒ තරමට තියෙනවා. යමකුට පි‍්‍රය වස්තු එකක් තියෙනවා නම්, එයාට දුක එකක් තියෙනවා. යමකුට පි‍්‍රයවස්තු නැත් නම්, එයාට දුකකුත් නෑ. එයා ශෝක නැත්තෙක්, රාගාදි රජස් නැත්තෙක්, උපායාස නැත්තෙක් යැ යි මම කියනවා.” යැ යි වදාළ බුදු පියාණන් වහන්සේ ඉතා වටිනා ගැඹුරු උදාන වාක්‍යයක් ද පළ කළා.
“යෙ කේචි සෝකා පරිදේවිතාවා
දුක්ඛා වා ලෝකස්මිං අනේක රූපා
පියං පට්ච්ච පභවන්ති ඒතේ
පියේ අසන්තේ න භවන්ති ඒතේ.”
ලෝකයේ යම් නන්වැදෑරුම් වූ ශෝක ඇඬුම්, වැලපුම් හා දුක් ඇත් ද ඒ සියල්ල පි‍්‍රය වස්තු නිසාම පි‍්‍රය වස්තු හේතුකොටගෙන ම පහළ වෙත්, පි‍්‍රය වස්තුවක් නැති කල්හි ඒවා පහළ නො වෙයි.
“ඒ නිසා යමකුට ලොව කිසිම තැනක පි්රයයෙක් නැත් ද, ඔහු සුවැත්තේ ය; පහ වූ ශෝක ඇත්තේ ය. එබැවින් ශෝක නැති බව කෙලෙස් ධූලි නැති බව (රහත් බව) කැමැති ඇත්තෝ ලොව කිසිවකුටත් පි‍්‍රය බවක් නොකරන්නෝ ය.”
මෙකී බුදුවදන් හිතේ තියාගෙන, අවබෝධයෙන් යුක්තව පි‍්‍රය දේවල් පරිහරණය කරනවා නම් කොච්චර වටිනවද බලන්න. “මං ගොඩක් ආදරය කරන මගෙ දරුවෝ, දෙමාපියෝ, සැමියා, බිරිඳ, නෑදෑයෝ හැමදාම ඉන්න පිරිසක් නො වෙයි. ගේදොර වතුපිටි, මුදල් හදල් ආදියත් එහෙමයි. ඒවත් විනාශ වෙලා යනවා. ඒ හැමදෙයක්ම ත්රිලක්ෂණ ධර්මයට ගොදුරු වෙනවා. මමත්, මම පි‍්‍රය කරන පුද්ගලයන් හා වස්තු අතර ඇත්තේ තාවකාලික බැඳීමක් විතර යි. කොයි වෙලාවේ හරි මං පි‍්‍රය කරන දේවල් මගෙන් වෙන් වෙලා යනවා ම යි. නැති නම් මට ඒ දෙවල් අතහැරලා යන්න වෙනවා ම යි.” කියලා නිතර ම අපි නුවණින් කල්පනා කරන්න ඕන.
එහෙම යමකු නිතර ම නුවණින් කල්පනා කරලා තියෙනවා නම් එයා පි‍්‍රය දේවල් අහිමි වුණා ම ශෝක කරන්නේ නැහැ; වැලපෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ වදාළා තමන් කැමැති පුද්ගලයන් එක්ක වුණත් ඕනවට වඩා මිතුරුකම් ගොඩනඟාගන්න එපා කියලා (මා පියේ හි සමාගක්ද්ජී). එහෙම ඕනවට වඩා යමකුට ඇලුණොත් ඒ අය නොදැක ඉන්න බැරුව යනවා, නොදැක ඉන්න එක දුකක් වෙනවා. (පියානං අදස්සනං දුක්ඛං). ඒ නිසා අප දැනගෙන ඉන්න ඕන අප ගොඩක් ආදරය කරන පුද්ගලයන් හා වස්තු කවදාහරි අපට ලොකු දුකක් උරුම කරලා දෙන බව.
ඒ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා පි්රයදේවල් නිසා දුක් නොවී ඉන්න ක්‍රමයක්. ඒ තමයි කෙලෙස්මලවලින් තොර ආශා විරහිත නිවුණ ශාන්ත කෙනෙක් වීම, අන්න එහෙම වුණ දාට අප කාටත් ශෝක පරිදේවාදියෙන් තොරව ශාන්තව විසිය හැකිය. ඒ සඳහා වැඩිය යුත්තේ මෙවැනි මඟකි.
“තස්මා පියං න කයිරාථ
පියාපායෝහි පාපකෝ
ගන්ථා තේසං න විජ්ජන්ති
යේසං නත්ථි පියාපියං”
ඒ නිසා කිසි දෙයක් කෙරෙහි ඇල්මක් ඇති කරගන්න එපා. ඒක එහෙම තමයි. පි‍්‍රයයන්ගෙන් වෙන් වෙන්න සිදු වුණොත් ඒක ඔහුට දුකක් වෙනවා. නමුත් යමකුට ඔය අපි‍්‍රය දේවල් මොකවත් නැත් නම්, ඔහු තුළ කෙලෙස් ගැට නෑ.
පි‍්‍රය – අපි‍්‍රය කිසිත් නැති උතුම් නිවන සඳහා මෙම දහම් කරුණු උපකාර වේවා!