පි.හැරිසන්ගෙ හොර වැඩ

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පි.හැරිසන්ගෙ හොර වැඩ

    ආර්ථිකය නැංවීම රටේ සමස්ත ආර්ථිකයට සෘජුවම බලපාන්නකි. වත්මන් ග්රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා මධ්යම ආණ්ඩුවේ සිට පළාත් නවයට වෙන වෙනම අමාත්යාංශ නවයක් සමඟ ග්රාමීය කටයුතු අමාත්යාංශ දහයක් ඇතත්, සිදුව ඇත්තේ ගමේ ආර්ථිකය ගොඩනැංවීම සිදු නොවීමයි. ඒ වෙනුවට 2016 වර්ෂයේ දී ග්රාමීය ආර්ථික කටයුතු අමාත්යාංශය සිදු කර ඇති අක්රමිකතා රැසක් විගණන දෙපාර්තමේන්තුවට හෙළි කර ගැනීමට හැකි වී තිබේ. ආර්ථික හා සමාජ ප්රතිලාභ සාධාරණ ලෙස ග්රාමීය ජනතාව වෙත ළඟා කරවීම ග්රාමීය ආර්ථික කටයුතු අමාත්යාංශයේ මූලික කාර්යභාරය වුවත්, එය ඉටු වී නොමැත.

    ග්රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්යාංශයේ පශු සම්පත් අංශය විසින් කිරිපිටි ආනයනය අඩු කිරීම සඳහා කිරි නිෂ්පාදනය වැඩි කිරීමට 2010 සිට 2016 දක්වා වර්ෂ 07 කට රුපියල් මිලියන 5,557.38 ක් වැය කර තිබේ. 2010 ට සාපේක්ෂව 2016 වර්ෂයේ දී කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 136.5 කින් වැඩි වී ඇත. එහෙත්, කිරි ලීටරයක් ප්රවර්ධනය කිරීමට රුපියල් 10.72 ක් වැය කර තිබේ. රටේ කිරි අවශ්යතාවයෙන් සියයට 23.5 ක් 2010 දී රට තුළ නිෂ්පාදනය කර ඇති අතර, 2016 දී එය සියයට 26.67 ක් වී තිබිණි. 2014 දී කිරිපිටි මෙටි්රක් ටොන් 86.37 ක් ආනයනය කර ඇති අතර, 2016 දී එය 94.01 ක් දක්වා වැඩි වී ඇත. එහෙත්, කිරිපිටි ආනයනය සැලසුම් කළ පරිදි අඩු වී නොමැත.

    දියර කිරි ප්රචලිත කිරීම අරමුණු කර ගත් ව්යාපෘතියක් අමාත්යාංශය විසින් ආරම්භ කළ අතර, ඒ යටතේ කිරි අලෙවි සල් 1,250 ක් ස්ථාපනය කිරීමට සැලසුම් කෙරිණි. එහෙත්, මේ වන තෙක් ආරම්භ කර ඇත්තේ අලෙවි සල් 658 කි. ඉන් අලෙවි සල් 283 ක් ආරම්භ කර ඇත්තේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගිනි. එහෙත්, එම අලෙවි සල්වලින් 43 ක් පමණක් ක්රියාත්මක තත්ත්වයේ පවතින බව වාර්තා වේ. පළාත් මට්ටමින් අමාත්යාංශය ආරම්භ කළ ඉතිරි අලෙවි සල් 402 න් ක්රියාත්මක වන්නේ 112 ක් පමණි.

    සීමාසහිත මිල්කෝ (පෞද්ගලික) සමාගම කිරි එකතු කිරීමේ මධ්යස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු නොකිරීම නිසා කිරි විශාල ප්රමාණයක් නරක් වී ඉවත දමා ඇත. 2015 හා 2016 යන වර්ෂවල දී එකතු කර තිබූ කිරි ලීටර් ප්රමාණයට වඩා වැඩි කිරි ලීටර් ප්රමාණයකට ගෙවා ඇත. එමගින් 2015 දී රුපියල් මිලියන 20.52 ක් හා 2016 දී රුපියල් මිලියන 39.61 ක මූල්ය අලාභයක් සිදුව තිබේ. ඊට අමතරව 2016 වර්ෂයේ දී පමණක් එකතු කරන ලද කිරි කර්මාන්ත ශාලාවට ගෙන ආ පසු රුපියල් මිලියන 2.5 ක් වටිනා කිරි ලීටර් 35,681 ක ප්රමාණයක් නරක් වී ඇත.

    එපමණක් නොව, එම සමාගම කොළඹ කර්මාන්ත ශාලවට කල් බදු ගෙවීමේ පදනම මත රුපියල් මිලියන 104.17 ක් වැය කර 2011 ජනවාරි 20 දින මිලට ගෙන ඇති යෝගට් මිශ්ර කිරීමේ යන්ත්රය 2017 ජූලි මාසය වන විටත් භාවිතයට ගෙන නොමැති බව වාර්තා විය.
    රටේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා 2014 ජුලි 14 දින සිට වර්ෂ දෙකක කාලයක් තුළ දී කිරි ගවයන් 2,500 ක් ආනයනය කිරීමේ ‘වෙලාඞ්’ ව්යපෘතියේ ද අක්රමිකතා රැසක් සිදුව ඇති බව අප පුවත්පත විසින් මීට ඉහත දී හෙළිදරවු කරනු ලැබීය. එහිදී එක් ගවයෙකු ඩොලර් 3,032.87 ක මිලකට ආනයනය කර ඇත. 2015 ජුලි 13 හා ඔක්තෝබර් 12 යන දෙදින තුළ කිරි ගවයන් 2,495 ක් ආනයනය කර තිබේ. ඒ සඳහා පොරොන්දු වූ මුළු මුදල ම ගෙවා ඇතත්, ගවයන් සැපයීමේ දී කිරි ගවයන් පස් දෙනෙකුගේ අඩුවක් ඇති බව හඳුනාගෙන තිබේ. එසේම ආනයනයේ දී කිරි ගවයන් රක්ෂණය කර නොතිබීම නිසා තවත් ගවයන් 133 ක් මිය ගොස් ඇති අතර, එමගින් රුපියල් මිලියන 55.24 ක අලාභයක් සිදුව ඇත. මෙම කිරි ගවයන් ආනයනය කරන විට ගැබ් ගෙන සිටිය යුතු වුවත්, ඉන් 79 ක් එසේ ගැබ් ගෙන සිට නොමැත. පළමුවර පැටියා ලැබීමෙන් පසු කිරි ලබා දීම අසාර්ථක වූ හා දෙවන වර කෘත්රිම සිංචන ක්රියාවලිය මගින් අසාර්ථක වූ ගවයන් 260 ක් ද 2016 මැයි 30 දින වන විට ගැබ්ගෙන සිට නොතිබූ බවද හෙළිව තිබේ. එමගින් කිරි ගවයන් 472 කට වැය කරන ලද රුපියල් මිලියන 196.06 ක් වූ වියදම් මුදල උපයා ගැනීමටත් නොහැකි වී තිබේ.
    එසේම පී. හැරිසන් ඇමතිවරයා විසින් සිය හිතවතුන් වෙත අත යට ගනුදෙනු හරහා මෙම ගවයන් බෙදා දීම විසින් සිදු කර ඇති අක්රමිකතාවයට තවත් දිගුවක් එකතු කරමින් දෙවන වටයේ ගෙන්වන ලද කිරි ගවයන් ද එලෙසම බෙදා දෙමින් සිටින බව මේ වන විට හෙළිව තිබේ. ආනයනය කළ කිරි ගවයන් හම්බන්තොට වරායේ සිට රිදියගම ගොවිපළ දක්වා වූ කිලෝමීටර 38 ක දුර ප්රවාහණය කිරීම සඳහා ඩොලර් 260,555 ක් මුදලක් ඇස්තමේන්තු කර තිබිණි. ඒ අනුව කිරි ගවයන් 2,495 ප්රවාහණය සඳහා රුපියල් මිලියන 35.87 ක් ගෙවා තිබිණි. එම සතුන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු වාහනවලින් ප්රවාහණය කළේ නම් ඊට වැය වන්නේ රුපියල් 5,68,860.00 ක් වුවත්, රුපියල් 3,52,99,208.00 ක අධික වියදමක් දරා තිබීම විමතිය දනවන්නකි.

    මේ අතර 2016 වර්ෂයේ දී ග්රාමීය වෙළෙඳපොළ මිල ස්ථායීකරණය කිරීමටත්, පසු අස්වනු හානිය අවම කිරීමටත් රජය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව ශීතාගාර පහක් ඉදි කිරීම හා ක්රියාත්මක කිරීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2,000 ක ප්රතිපාදන වෙන් කර ඇත. එම ව්යාපෘතිය සංවර්ධන හා සැලසුම් අංශය මගින් වර්ෂය අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇතත්, 2017 වසර අවසන් වන විටත් ඉදි කිරීම් අවසන් කර නොමැත. එහෙත්, ශීතාගාර
    සම්බන්ධව අධ්යයනයක් කිරීමට 2016 මාර්තු 02 දින සිට 10 දින දක්වා තායිලන්තයේ හා ඊශ්රායලයේ නිලධාරීන් පස් දෙනෙකු සංචාරය කර තිබේ. මෙම ශක්යතා අධ්යයන කමිටුවෙන් පරිබාහිරව ඇමතිවරයාත්, නිලධාරීන් තුන්දෙනෙකුත් සමඟ කමිටුවේ සභාපතිවරයා ද මෙම සංචාරයට එක්ව ඇත.
    ව්යාපෘතිය සඳහා ශක්යතා අධ්යයනයට පත් කළ කමිටුව අවස්ථා දෙකක දී රැස්වීම් පවත්වා ඇතත්, අමාත්යාංශය විසින් අවස්ථා පහක දී ලිඛිතව ඉල්ලීම් කිරීමෙන් පසු 2016 අගෝස්තු 10 දින කම්ටුවේ සභාපතිවරයාගේ අත්සන පමණක් යොදා අනෙක් කමිටු සාමාජිකයන් දසදෙනාගේ අත්සන් රහිතව යෝජනා හයක් පමණක් ඇතුළත් වාර්තාවක් භාර දී ඇතත්, ශක්යතා අධ්යයන වාර්තාවක ඇතුළත් විය යුතු කරුණු කිසිවක් එහි නොමැති බව සඳහන් වේ.

    මීට අමතරව සීමාසහිත මිල්කෝ ආයතනයේ අවශ්යතාව නිසි පරිදි හඳුනා නොගෙන කොළඹ කර්මාන්ත ශාලාවට යෝගට් මිශ්ර කිරීමේ යන්ත්රයක් කල්බදු ගෙවීමේ ක්රමයට මිල දී ගැනීමට තීරණය කර තිබිණි. රජයේ ප්රසම්පාදන මාර්ගෝපදේශන සංග්රහයේ විධි විධානවලට පටහැනිව 2011 ජනවාරි 20 දින කල් බදු පදනම මත් රුපියල් මිලියන 104.17 ක් වැය කර එය මිල දී ගෙන ඇත. එම යෝගට් මිශ්ර කිරීමේ යන්ත්ර පොළොන්නරුව කර්මාන්ත ශාලාවේ සවි කර ඇතත්, මේ වන තෙක් භාවිතාවට ගෙන නොමැති බවත් වාර්තා වේ.

    මේ අතර ග්රාමීය කටයුතු අමාත්යාංශය 2015 දී ගොවීන්ගේ වී මිල දී ගැනීමට කටයුතු කළේය. එහිදී මිල දී ගත් වී තොග ගබඩා කිරීමට තාවකාලික ගබඩා 15 ක් මිල දී ගැනීමට රාජ්ය සංස්ථාවක් වෙත රුපියල් මිලියන 39.33 ක් ගෙවා ඇත. අනුරාධපුරය හා ත්රිකුණාමලය කලාපවලට ලබා දී ඇති ගබඩා හතරක 2017 නොවැම්බර් වන විටත් වී ගබඩා කර නොමැත. එම තාවකාලික ගබඩාවක් වර්ෂ 15 කට ආසන්න කාලයක් භාවිත කළ හැකි වුවත්, අම්පාර කලාපයට ගබඩා හයක් ලබා ගැනීමට මුදල් ලබා දී ඇති අතර, 2015 යල කන්නයේ ගබඩා දෙකක් භාවිත කර ඇතත්, ඊළඟ කන්නය සඳහා අලුත්වැඩියාවකින් තොරව භාවිතයට යොදා ගැනීමට නොහැකි බව අම්පාර කලාප කළමනාකරු විසින් වී අලෙවි මණ්ඩලයට පවසා තිබේ.
    මේ පැවසූයේ ග්රාමීය ආර්ථික අමාත්යාංශයේ අක්රමිකතාවලින් කොටසක් පමණි. මේවාට වගකිව යුතු වන්නේ අමාත්යාංශයේ නිලධාරීන් යැයි යමෙකුට කියන්නට හැකිය.
    එහෙත්, මේවා නිලධාරීන්ගේම වැරදි නොවේ. සියල්ලට අවසානයේ වගකිව යුතු වන්නේ විෂය භාර ඇමතිවරයාය. ඇමතිවරයා හොරෙක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. ඇමතිවරයාගේ තෙල් හොරකම අතේ මාට්ටු විය. හරක් හොරකම ද එසේමය. ලොකු උන්නාන්සේ හිටගෙන කරන විට පොඩි උන්නාන්සේලා දුව දුව කරන බවට කියමනක් තිබේ. ග්රාමීය කටයුතු අමාත්යාංශයේ ද සිදු වෙමින් තිබෙන්නේ එයයි. ඒ නිසා මේ සියල්ලට සෘජුව වගකිව යුතු වන්නේ ඇමති පී හැරිසන්ය.
    චතුර දිසානායක
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පී හැරිසන් කියන්නේ ආණ්ඩුවේ ලොකුම හොරුන්ගේ ලැයිස්තුවේ මුල් දහදෙනා අතර ඉන්න එකෙක්... ගමේ ආර්ථිකේ හදන්න ආව එකා ගම කාල ගමේ එකාලට ආණ්ඩුවම එපා කෙරෙව්වා මාස 6න්....
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පී හැරිසන් කියන්නේ ආණ්ඩුවේ ලොකුම හොරුන්ගේ ලැයිස්තුවේ මුල් දහදෙනා අතර ඉන්න එකෙක්... ගමේ ආර්ථිකේ හදන්න ආව එකා ගම කාල ගමේ එකාලට ආණ්ඩුවම එපා කෙරෙව්වා මාස 6න්....

    පී. හැරිසන්ගේ වී මගඩිය
    ග්රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්ය පී. හැරිසන් මහතාගේ උපදෙස් මත වීඅලෙවි මණ්ඩලය විසින් වී නිකුත් කිරීමේදී රජයට රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුකර ඇති අතර පී. හැරිසන් මහතා සහ අනෙකුත් අත මැදියන් ඉන් ලබාගත් වාසිය රුපියල් බිලියන 1.6කි.

    http://www.yahapalanatop10.com/si/top-10/p-harrison-paddy-heist.html
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගමේ අහිංසක මිනිස්සු විදින දුක දන්නවනම් මුන් එල්ලිලා මැරෙනව බන්. විශේෂයෙන් අද මිලට තුන් වේලට හාල් ගන්න බැරිව බඩගින්නේ ඉන්න උන් සෑහෙන්න ඉන්නවා. වී ටිකත් කුණු කොල්ලෙට ගන්නවා. කුලුබඩු ටිකෙන් ඇමතිවරු ගසා කනවා.... ගමේ ගම්මිරිස් ගොවියා අනාතයි.... ලැජ්ජ නැතිව මුන් තව ගම හදන්න ඉල්ලනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය හු.. පුතා කතා කරන හැටි බලපන්කෝ.කෙකර ගානවා වගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "P" අකුරද "V" අකුරද මචන්..
    ගොඩක් අය කියන්නෙ වී හැරිසොන් කියල නේද..?
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ගමේ අහිංසක මිනිස්සු විදින දුක දන්නවනම් මුන් එල්ලිලා මැරෙනව බන්. විශේෂයෙන් අද මිලට තුන් වේලට හාල් ගන්න බැරිව බඩගින්නේ ඉන්න උන් සෑහෙන්න ඉන්නවා. වී ටිකත් කුණු කොල්ලෙට ගන්නවා. කුලුබඩු ටිකෙන් ඇමතිවරු ගසා කනවා.... ගමේ ගම්මිරිස් ගොවියා අනාතයි.... ලැජ්ජ නැතිව මුන් තව ගම හදන්න ඉල්ලනවා

    කියලා වැඩක් නෑ බන්..තුන් වෙලා කාපු මිනිස්සු දැන් එකවෙලයි කන්නේ..මුන් නම් හොරාකකා ඉන්නවා.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    "P" අකුරද "V" අකුරද මචන්..
    ගොඩක් අය කියන්නෙ වී හැරිසොන් කියල නේද..?

    පි බන් වි වලින් හොරාකාපු නිසා හින්දා ව් වෙන්න්ඩ ඇති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    harie.gif
     

    Similar threads