පීකොක් වාසයට කණකොක් හඬ
හිටපු ජනාධිපතිවරයාට කොළඹ නරගරයේ වාසය සඳහා ලබාදීමට නියමිතව තිබූ ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළ වෙයි.
මීට පෙර නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව ඉඩමේ වස්දොස් ඇරීම සඳහා ඔහුගේ මන්දිරය ඉදිරිපිට නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩ කෙරිණි. උළුවහුද වෙනස්කර බහිරව පූජාද පවැත්විණ.
කෙසේ වුවද එහි පදිංචියට යෑමට ප්‍රථම ගිවිසුමක් අත්සන් කළ යුතු බවට ලියනගේ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව හිටපු ජනපතිගෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තාවේ.
මේ අතර ඒ.එස්.පී.ලියනගේ මහතා සඳුදා රහස් පොලිසියටද කැඳවා ඇත. පීකොක් මැදුර නොලැබුණහොත් රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ඇතැම් වෙබ් අඩවි වල වාර්තා වන්නේ මෙම නිවස හිටපු ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීමට නියමිතව ඇති බවයි.