පීසා කූපන්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කවුරු හරි කියපන් පීසා කූපන් සීන් කෝන් එක මොකද්ද කියල :)

    මං 🍕 හට් වලට ගිහින් කාලාවත් ගෙදරට ඕඩර් කරලවත් නෑ :(

    මං කාලා තියෙන්නෙ ම ගෙදර හදපුවා :)

    🍕 ඕඩර් කරල කන්න ආසාවක් ආවා. :)
     
    • Wow
    Reactions: saja

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    ජාති දෙකක් තියෙනවා,

    ඔන්ලයින් හරි ගිහිල්ලා හරි ඕඩර් කරපුවම 15%ක ඩිස්කවුන්ට් කෝඩ් එකක් එනවා ඒ දුන්න ෆෝන් නම්බර් එකට. ඒක ඊලඟ වතාවෙදි (ඒ ඕඩරෙන් පැය 24ක් ගියාට පස්සේ) කරන ඕනම ඕඩර් එකකට (ප්‍රොමෝශන් නොවන) අපිට කූපන් එක පාවිච්චි කරන්න පුලුවන්. අපි ඔන්ලයින් ඕඩර් නොදා එතනට ගිහින් ඕඩර් කරත් අපේ ෆෝන් නම්බර් එක දුන්නම ඒ 15% ඩිස්කවුන්ට් එක හම්බෙනවා.

    අනික් එක GES Code එක. මේක මොනවා හරි පිසා හට් එකෙක් ගත්තම හම්බෙන බිලේ යටම තියෙනවා Survey ID එකක්. බිල නිකුත් කරපු දවසේ ඉඳලා දවස් 3ක් ඇතුලට මේක ඒකේ තියෙන සයිට් එකට ගිහිල්ලා ඒ ID එක ගහලා විනාඩි 2ක විතර Survey එකකට උත්තර දුන්නම හම්බෙනවා CODE එකක්. අන්න ඒක Online Checkout කරද්දි Redeem GES Code කියලා තියෙන තැන ගැහුවම 20%ක discount එකක් ලැබෙනවා. අපි ගිහින් ඕඩර් කරනවා නම් ඒ Code එකට අදාල Survey ID එක තියෙන්න ඕනේ. ලේසිම දේ බිලේ ඒ කොටසේ ෆොටෝ එකක් ගහන් තියා ගන්න එක. ඒකයි අර GES Code එකයි බිල ගෙවද්දි දුන්නම එයලා 20% discount එකක් දාලා දෙනවා. (මේකෙත් ඔය Code එකට අදාල බිල නිකුත් වෙලා පැය 24ක් පහු වෙන්න ඕනේ ඕක Valid වෙන්න)

    ඔයිට අමතරව Phone Number එකට Offer එහෙමත් තියෙනවා. ඒවා නම් මම හිතන්නේ Purchase History එක අනුව තමා ලැබෙන්නේ. ගොඩක් වෙලාවට බිල් කරන්න කලින් නම්බර් එක අහන වෙලාවට අපේ නම්බර් එකට ස්පෙසිෆික් ඔෆර් එකක් තියේ නම් එයාලා කියනවා.

    නොදන්නා කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා දැම්මේ :D
     
    • Love
    • Like
    Reactions: libero and VASSA