පුංචි කතාවක්
තාත්තා ඊයේ පඩි ගත්තේ නිමල් මාමාගේ ණය තුරුස් ගෙවලා ඉතුරු ඒවායින් අපට කන්න මොනවාහරි ගේන්න හිතාගෙන.ඒත් බාර් එකේදි හම්බවුණු නිමල් මාමා එක්ක පොඩි අඩියක් ගහපු තාත්තා,ආයෙමත් බාර් එකෙන් එළියට ආවේ නිමල් මාමාගෙන්ම ආයෙමත් සල්ලි ටිකක් ණයට අරගෙන.දැන් හැබැයි ණය ටික ගෙවන දවස පහුවෙලා හින්දා ගෙවන්න තියෙන ගාණත් වැඩියි.ඒත් ළමයි ටික බඩගින්නේ හින්දා අතේ තිබ්බ රුපියල් දෙදහෙන් දාහක් ගෙවලා මුළු ගෙදරම සතුටු කරන්න පිට්සා කඩෙන් ලොකු පිට්සා එකක් අරන් ගෙදර ආවා.ගෙදර ආවට පස්සේ රස කර කර පිට්සා කාපු අපි, හෙටත් පිට්සා ඕනි කියලා තාත්තාට කිව්වා.ඒත් මාසයක්ම ජීවත්වෙන්න අතේ තියෙන්නේ රුපියල් දාහයි.ආයෙත් තාත්තා නිමල් මාමා හම්බවෙන්න ගියා.ගෙදර එද්දි අදත් ලොකු පිට්සා එකක් ගේ්න්න හිතාගෙන තමයි ගියේ.ඒත් බාර් එකේදි ආයෙමත් තාත්තට යාළුවෙක් සෙට් වෙලා අතේ තිබ්බ රුපියල් දාහත් ඉවර වුණා.ආයෙමත් නිමල් මාමාගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ල ගත්තා. නැත්නම් පිට්සා ගේන්න බැහැනේ.දැන් තවත් දවසක් ණය ගෙවන දවස පහුවෙලා.ගෙවන්න තියෙන ගාණ වැඩියි.
දැන් මම ඒලෙවල් කරලා ඉවරයි.මට ඕනි බිස්නස් එකක් කරන්න.නිමල් මාමා ළඟට ගියා සල්ලි ටිකක් ණයට ඉල්ලගන්න.එතකොට නිමල් මාමා කිව්වා තාත්තාගෙ ණය ටික ගෙව්වම සල්ලි දෙන්නම් කියලා.තාත්තා ණයවෙලා තියෙන හැටියට ළඟදිම අපේ ගෙදරයි,ඉඩමයි නිමල් මාමාට සින්න වෙනවා.ඒත් දැන් බණින්නවත් තාත්තා ළඟ නැහැ.මට දියුණුවෙන්න ක්රමයකුත් නැහැ.පවුල බේරගන්න ක්රමයකුත් නැහැ.ගෙදර මිනිස්සුන්ව පාරට ඇදලා දානකම් බලන් ඉන්නත් බැහැ.මගේ වටේම සල්ලිකාර සිංහල මිනිස්සු හිටියත් අපේ පවුල බේරන්න කවුරුත් ඉදිරිපත්වෙන්නෙත් නැහැ. එහෙම වෙනවා කියලා දන්නෙත් නැහැ. මුස්ලිම්,දෙමළ මිනිස්සු කීපදෙනෙක් උදව්වට ආවත් අපේ ජාතිය අපිට පාවාදෙන්නත් බැහැ.ඒගොල්ලො කිව්වෙත් අපේ ණය ටික ගෙවලා දාන්නම්,පස්සේ කොටස් වශයෙන් කැමැති වාරික ගාණකින් ගෙවන්න කියලයි.ඒත් අපිටත් කියලා ජාතික අභිමානයක් තියෙනවා.පාරට වැටුණත් ජාතිය,ආගම පාවාදෙන්න බැහැනේ.මොකද මේ රට හොඳ ඉතිහාසයක් තිබ්බ,බුුදුන් වැඩි පුදබිමක්.මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම අරන් ආපු රටක්. අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා.ඒ නිසා මම තීරණය කළා, මහණවෙන්න.මල්ලිත් මහණ වෙනවා.නංගි නම් හැඩ හින්දා මොකක්හරි රස්සාවක් කරන්නම් කිව්වා.ඒ දවස්වලත් මහත්තුරු වගයක් නංගිව ඉල්ලයි තිබ්බේ.
සංකල්පය - මාලන් විදානපතිරණ