පුංචි කාලේ අපි

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    පුංචි කාලේ අපි

    හීන එකතු කර
    පොදි බැඳන් හිත පුරා
    එක එක තාලේ
    පෙරුම් පිරුව
    හිත හතර අතේ
    දුවපු ඇවිදපු
    ආදරණීය හුරතල්
    පුංචි කාලයක්
    තිබුනා මටත් ...

    හවසට නිවාඩුවට
    වෙලේ දොලේ ඇලේ
    ඇවිදපු දුවපැනපු
    හති වැටෙනකන්
    ගෙදර නාපු
    අහස කතා කරන හැටි
    ඉපනැල්ලේ ඉඳන්
    අහන් හිටපු
    පුංචි කාලයක්
    තිබුනා මටත් ...

    අද මේ වගේ
    හිර වෙලා
    ජීවිතය ඒකාකාරී
    වුනත් මම
    තවමත් එදා වගේම
    ආදරෙයි පණ වගේ
    හීන ගොඩක්
    ගෙනල්ලා දුන්නු
    ඒ පුංචි කාලෙට
    සිය දහස් වාරයක් ...

    වෙලාවක් තියනව නම් කඩයිමටත් ගොඩ වෙන්න.
     
    • Like
    Reactions: s@dun193

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මම ඉස්සලම කියෙව්වේ කඩයි මටත් කියලා මම බැලුවේ මේ මොකද්ද කියලා. පස්සෙනේ හොයා ගත්තෙ කඩඉමටත් කියලා.

    එල එල rep ++
     

    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මම ඉස්සලම කියෙව්වේ කඩයි මටත් කියලා මම බැලුවේ මේ මොකද්ද කියලා. පස්සෙනේ හොයා ගත්තෙ කඩඉමටත් කියලා.

    එල එල rep ++

    මාත් තාම හොයනවා කඩයිම ද එහෙම නැත්තන් කඩඉම ද කියලා :confused: