පුංචි ඡන්දය නොවැම්බරයේ

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,660
    113
    පුංචි ඡන්දය නොවැම්බරයේ

    මේ වන විට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවලට මෙන්ම එළඹෙන ඔක්තෝබරයේ කාලය අවසන් වීමට නියමිත ආයතනවලටද අදාළ මැතිවරණ එළඹෙන නොවැම්බර් මාසයේ එකම දිනකදී පැවැත්වීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා ලේකම් ජේ. දඩල්ලගේ මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය පිළිබඳ නිර්ණායක සඳහන් ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් පසුගිය සිකුරාදා (21) දින අත්සන් තබන ලද බවය. ඒ අනුව එම ගැසට් නිවේදනය නිකුත් වූ පසු එළඹෙන පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.
    එවැනි ගැසට් නිවේදනයක් නිකුත්වීමෙන් මාස 6ක් තුළ ඊට අනුකූළව මැතිවරණ පැවැත්විය හැකි බව පෙන්වා දුන් ලේකම්වරයා ඔක්තෝබර් මාසයේ තවත් පළාත් පාලන ආයතන 25ක කාලය ඉකුත් වීමට නියමිතව ඇති බවද සඳහන් කරයි. මේ අනුව එළඹෙන නොවැම්බරයේ පළාත් පාලන ආයතන 335ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබේ.


    - http://www.lankatruth.com/home/sinh...:2015-08-24-06-20-36&catid=41:local&Itemid=74