පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ &#35

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ &#35

    පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ මාතෘ නිවාස සහ පාසල් වසා දැමීමට සැරසෙයි

    image_a335a0d133.jpg

    ප්‍රමාණවත් ජනගහනය රටකට සම්පතකි. මෙම සම්පතේ අංකුර අවස්ථාව වෙන්නේ දරුවෝ ය. ලොව ලස්සන වෙන්නේ හිරු එළියෙන් සහ දරුවන්ගෙන් යයි කියති. දියුණු රටවල් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් වැය කරන්නේ රටේ අනාගතය දරුවන් අත බැවිණි. රටක යහපැවැත්මට නිරෝගී සහ බුද්ධිමත් පරපුරක් අත්‍යවශ්‍ය ය. හෙට ඒ පරපුර බිහිවෙන්නේ අද දවසේ දරුවන් තුළින් ය.

    දශක කීපයක සිට ලොව පුරා පැතිර යන ආර්ථික දුෂ්කරතා හේතුවෙන්, යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමේ අරමුණින්, පුංචි පවුල සංකල්පය බිහිවිය. මෙය ඇතැම් රටක රාජ්‍ය අනුග්‍රහය ලබන්නක් ද විය. එහෙත් ඇතැම් රටකට අද එය අහිතකාරී බලපෑමක් එල්ලකරන පාරාවළල්ලක් වී ඇත.

    මීට වසර හතළිහකට පෙර එනම් 1978 මැයි මාසයේදී අංක 194 නීතිය සම්මත කරමින් ඉතාලිය ගබ්සාව නීතිගත කරන ලදී. ඉතාලියේ පසුගිය වසර කීපයක සිට වාර්ෂික දරුඋපත් සංඛ්‍යාව සියයට දෙකක ප්‍රතිශතයකින් පහත වැටෙමින් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. 2017 ජනවාරි මාසයට වඩා 2018 ජනවාරි මාසය වෙන විට ඉතාලි ජනගහනය අනූපන්දහසකින් පහත වැටී ඇත. වඳවී යන ජාතියක් ලෙස ඉතාලි ජාතිය දැනටමත් රතු ලයිස්තු ගතවී හමාරය.

    ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව පසුගිය වසර තුළ ප්‍රධාන නගර කීපයක ඇතැම් මාතෘ නිවාසයක දරුඋපත් සියයක්වත් වාර්තාවී නැත. මෙම මාතෘ නිවාස පවත්වාගෙන යාම රජයේ මුදල් අපතේ යැවීමක් බව රජය කියයි. මේ හේතුවෙන් වාර්ෂිකව අවම දරුඋපත් පන්සියයක් වාර්තා නොවෙන මාතෘ නිවාස ලබන වසරේ සිට වසා දැමීමට ඉතාලි රජය තීරණය කර ඇත.

    ඉතාලියේ දරුඋපත් සංඛ්‍යාව පහත වැටීම පාසල් පද්ධතිය කෙරෙහි ද අයහපත් ආකාරයෙන් බලපා ඇති බව ඉතාලි අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. ඉතාලි සමාජ හා ආර්ථික සමීක්ෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව ඉදිරි වසර දහය තුළ ඉතාලියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු තුනත් දහඅටත් අතර වෙන දරුපරපුර දශලක්ෂයකින් පහත වැටෙනු ඇත.

    දැනට මිලියන නවයක දරුදැරි පිරිසක් ඉතාලි පාසල් අධ්‍යාපනය ලබති. එහෙත් 2028 වනවිට මෙම සංඛ්‍යාව මිලියන අට දක්වා පහත වැටෙන බවට අනාවැකි පළවී ඇත. සිසු පරපුර පහත වැටීමත් සමඟම, ඉදිරි වසර දහය තුළ පාසල් පනස්පන්දහසක් වැසී යනු ඇත. මේ අනුව ළදරු පාසල් පංති හයදහස් තුන්සිය හතළිස් තුනක් ද, ප්‍රාථමික පාඨශාලා පංති 17956 ක් ද, ද්විතීයික පාසල් පංති නවදහස් හාරසිය විස්සක් ද, උසස් පෙළ පංති 3002ක් ද වැසී යාමට නියමිතය.

    ඉතාලියේ දරුඋපත් පහත වැටීම මෙන්ම අගහිඟ හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතරමග හැරයාම වැනි කරුණු හේතුවෙන් ද පාසල් වැඩි සංඛ්‍යාවක් වැසී යන්නේ දකුණු ඉතාලියේ ය.

    ඉදිරි වසර දහය තුළ පාසල් පනස්පන්දහසක් වැසීයාම හේතුවෙන් දැනට එම පාසල්වල සේවයේ යෙදී සිටින ගුරුමණ්ඩල ද අපහසුතාවයකට පත්වෙනු ඇත. නිසි වයස් සම්පූර්ණව ඉදිරි වසර දහය තුළ දැනට සේවය කරන ගුරුවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් විශ්‍රාම ගියද, 2028 වනවිට පාසල් අධ්‍යාපනය ලබන සිසු සංඛ්‍යාව හා සමබර නොවෙන ගුරුවරු පිරිසක් නඩත්තු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදුවෙනු ඇත. මේ හේතුවෙන් ලබන වසරේ සිට රජයේ සේවය සඳහා අලුතෙන් ගුරුවරුන් බඳවා නොගැනීමට ඉතාලි රජය තීරණය කර ඇත.

    සෑම කාසියකම දෙපැත්තක් ඇතුවාක් මෙන් ඉතාලි මාතෘ නිවාස විශාල සංඛ්‍යාවක් වසා දැමීමත්, පාසල් සංඛ්‍යාව අඩුවීමත්, ගුරුවරු සංඛ්‍යාව කපාහැරීමත් හේතුවෙන්, ඉතාලි රජය වාර්ෂිකව යුරෝ බිලියන දෙකක මුදලක් ඉතිරිකරගනු ඇත. එහෙත් වටිනාම සම්පත වෙන්නේ මුදල නොව දරුවෝය.

    යටියන ක්ලැරන්ස් කොස්තා.
    ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසිමිස්ට් ප්ලීස්

    ඉතිං හොඳයිනෙ බං :) මේවත් එක්ක බල්ලො බලල්ලු වගේ ලමයි හදල කෙලෝගෙන ඉන්න රටවලුත් සංසන්දනය කරල බලන්න ඕනෙ වටිනාකම තේරෙන්න :) දැන් මිනිස්සු කියන්නෙ කොහොමත් විශාල සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරන පිරිසක්. ඉතිං ජනගහනය අඩුවෙන තරමට හොඳයි. ඕව ශේප් වෙනව තව AI එහෙම දියුණු වෙද්දි. ඉතාලියට කෙල වෙනකං බල්ලො වගේ පැටව් ගහන race බලං ඉන්නව. ඉතාලියට කෙල වෙන සීමාව කිට්ටු වෙන්නත් කලිං පැටව් ගහන උන්ට කෙල වෙලා අනාත වෙලා යනව :sorry: :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් මොකටද ගබ්සා කරන්නේ නීතිගත කලාට..
    😂😂😂

    දූශණය වුනාම :yes: දරුණු උපත් ආබාධ තියෙන කලල ඇති වුනාම :yes: මුඩුක්කු වල ඉන්න මුස්ලිම් උන් කරන එකක් නෑ. කරන උන් ඉන්නව :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෝ පිසිකල් වර්ල්ඩ් අන්ඩ් ඕල් ඔෆ් දීස් ආ සම් ෆීලීන්ග්ස්.. ඔන්ලි ෆීලින්ග්ස් එක්සිස්ට්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෝ පිසිකල් වර්ල්ඩ් අන්ඩ් ඕල් ඔෆ් දීස් ආ සම් ෆීලීන්ග්ස්.. ඔන්ලි ෆීලින්ග්ස් එක්සිස්ට්...

    :no:
    nothing exists including nothing :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දූශණය වුනාම :yes: දරුණු උපත් ආබාධ තියෙන කලල ඇති වුනාම :yes: මුඩුක්කු වල ඉන්න මුස්ලිම් උන් කරන එකක් නෑ. කරන උන් ඉන්නව :yes:

    අපි කතාකලේ මිනිස්සු ගණන අඩු වෙන එක ගැනනේ... මම හිතන්නේ නෑ මුස්ලිම් උන් මිනිස්සු අඩු කරගන්න කවදාවත් ගබ්සා කරයි කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි කතාකලේ මිනිස්සු ගණන අඩු වෙන එක ගැනනේ... මම හිතන්නේ නෑ මුස්ලිම් උන් මිනිස්සු අඩු කරගන්න කවදාවත් ගබ්සා කරයි කියලා

    මිනිස්සු ගාන අඩු කරන්න මුස්ලිම් උන් තියා සිංහල උන්වත් ගබ්සා කරයිද ? :sorry: මිනිස්සු ගාන අඩු කරගන්න ඒක තේරුම් අරගෙන ලමයි හදන එක සීමා කරන්න ඕනෙ. එහෙම කරන මුස්ලිම් උන් නං ඕනෙ තරං ඉන්නව ලමයි එකෙක් විතරක් හදන :yes: එක ලමෙක්වත් හදාගන්න වත්කමක් නැති මුස්ලිම් උන් තමයි 10ක් විතර හදාගෙන බොරුවට විඳවන්නෙ :sorry: අපේ උන්ගෙ තත්වෙත් ඔච්චර තමා :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං හොඳයිනෙ බං :) මේවත් එක්ක බල්ලො බලල්ලු වගේ ලමයි හදල කෙලෝගෙන ඉන්න රටවලුත් සංසන්දනය කරල බලන්න ඕනෙ වටිනාකම තේරෙන්න :) දැන් මිනිස්සු කියන්නෙ කොහොමත් විශාල සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරන පිරිසක්. ඉතිං ජනගහනය අඩුවෙන තරමට හොඳයි. ඕව ශේප් වෙනව තව AI එහෙම දියුණු වෙද්දි. ඉතාලියට කෙල වෙනකං බල්ලො වගේ පැටව් ගහන race බලං ඉන්නව. ඉතාලියට කෙල වෙන සීමාව කිට්ටු වෙන්නත් කලිං පැටව් ගහන උන්ට කෙල වෙලා අනාත වෙලා යනව :sorry: :(

    balapan eketh hati...
    batahira chinthanaya loketa dayada karapu ratawal eken midenawa...
    ape ratawal batahira chinthanaya oluwa uda thiyagena innawa...
    ape rate 2k kasada badala awurudu 3,4 k yaddi lamai nattan wata pita inna unta mata kasillak enne...
    dillutional minissu...:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    balapan eketh hati...
    batahira chinthanaya loketa dayada karapu ratawal eken midenawa...
    ape ratawal batahira chinthanaya oluwa uda thiyagena innawa...
    ape rate 2k kasada badala awurudu 3,4 k yaddi lamai nattan wata pita inna unta mata kasillak enne...
    dillutional minissu...:(

    :sorry: :(
    සිරාවට නේ බං :( ඔක්කොම කනපිට :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry: :(
    සිරාවට නේ බං :( ඔක්කොම කනපිට :(

    ලමයි හදන එක immoral දෙයක් කියල පිලිගන්න මිනිස්සු කැමති නෑ...
    සන්ස්කෘතියෙන්, ආගමෙන් brain wash වෙලා ඉන්නෙ..
    කතෝලික අගමේ ලොකුවටම පවිච්චි කරන බයිබල් quote එකක් තමයි දෙවියන් වහස්සෙ මිනිස්සුන්ට 'වැඩිවර්දනය වෙලා පොලව පුරා පැතිරිලා යටත් කරගන්න' කිව්ව කියන එක..
    එක නිසා (ලන්කාවෙ )කතෝලික පවුල වල ලමයි හදන එක අනිවාර්‍යයි...
    එ උනාට ලොකෙ කතොලිකම රටේ තත්වය අරමයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලමයි හදන එක immoral දෙයක් කියල පිලිගන්න මිනිස්සු කැමති නෑ...
    සන්ස්කෘතියෙන්, ආගමෙන් brain wash වෙලා ඉන්නෙ..
    කතෝලික අගමේ ලොකුවටම පවිච්චි කරන බයිබල් quote එකක් තමයි දෙවියන් වහස්සෙ මිනිස්සුන්ට 'වැඩිවර්දනය වෙලා පොලව පුරා පැතිරිලා යටත් කරගන්න' කිව්ව කියන එක..
    එක නිසා (ලන්කාවෙ )කතෝලික පවුල වල ලමයි හදන එක අනිවාර්‍යයි...
    එ උනාට ලොකෙ කතොලිකම රටේ තත්වය අරමයි

    එකම පෝස්ට් එකේ අදහස් දෙකක්නේ.. ආගම නිසාලු.. පස්සේ කියනවා ඊඉට විරුද්ධ අදහසක්
     
    අපේ උන්ට ඔහොම කියල නැතුවත් කරන්නෙ ඒකනෙ :sorry: RIP Earth :( මිනිස්සු අමාරු ක්‍රමේට පාඩමක් ඉගෙන ගන්නයි යන්නෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකම පෝස්ට් එකේ අදහස් දෙකක්නේ.. ආගම නිසාලු.. පස්සේ කියනවා ඊඉට විරුද්ධ අදහසක්

    නැහැ...

    අගම නිසා තමයි ලන්කාවෙ මිනිස්සු මෙහෙම....
    ඉතාලියෙ අයත් එහෙම තමයි හිටියෙ..., දැන් එගොල්ලො එහෙම නෑ...,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන්ට ඔහොම කියල නැතුවත් කරන්නෙ ඒකනෙ :sorry: RIP Earth :( මිනිස්සු අමාරු ක්‍රමේට පාඩමක් ඉගෙන ගන්නයි යන්නෙ :(

    අපේ උන්ට ඩිරෙක්ට්ලි කිව්වෙ නැති උනාට මෙහෙ වක්‍රව රන් වෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයනෙ....
    අනික බෞද්ද චින්තනයෙන් වක්‍රව කියන්නෙ ලමයි හදන්න කියලනෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අපේ උන්ට ඩිරෙක්ට්ලි කිව්වෙ නැති උනාට මෙහෙ වක්‍රව රන් වෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයනෙ....
    අනික බෞද්ද චින්තනයෙන් වක්‍රව කියන්නෙ ලමයි හදන්න කියලනෙ...

    බෞද්ධ චින්තනේ කොහෙද යකෝ ලමයි හදන්න කියන්නෙ ? :angry: බෞද්ධ චින්තනේ ආරම්භ කරන්න සිදුහත් කුමාරයත් බඳින එකේ ලමයි හදන එකේ හරයක් නෑ කියල තේරුම් අරං ගිහිගෙයි දාල ගිය එක වර්ණනා කරනව. බෞද්ධ චින්තනේ කොහෙවත් ලමයි හැදිල්ලක් ගැන කියන්නෑ ලමයි හැදිල්ලෙ විපාක මිසක්. එක තැනක විශාකා මහෝපාසිකාවගෙන්ද කොහෙද බුදු හාමුදුරුවො ප්‍රශ්න කරනව නගරෙ ඉන්න මිනිස්සු ගානට ලමයි හිටිය නං සතුටුයිද කියල. ඔව් කිව්වාම ටික ටික පැහැදිලි කල්ල දෙනව ලමයි හැදිල්ලෙන් ඇති සතුටක් නෑ දුක ගොඩගහගන්න එක විතරයි කරන්නෙ කියල. උඹ මඟුලක් කතා කරනව :dull:

    ඒක හොඳයි ලංකාවේ උන් එහෙ ගිහින් පිරෙව්වා නං හරි :yes:

    ඉතිං ඒක නෙමේද බං වෙන්නෙ :sorry: ලංකාවෙ උන් බදු ගෙව ගෙව මිනිස්සුන්ට උගන්නල උන්ටික වෙන රටවල් වලට පරිත්‍යාග කරනව :sorry: උනුත් ලමයි හදන එක අඩු කල්ල කෙලින්ම PR දිදී පුහුණු ශ්‍රමිකයන්වම ගන්නව :sorry:
     
    එතකොට මිනිස් ආත්ම ලබල නිවන් දකින්නෙ කොහොමද ? :eek: