පුංචි පහේ මං..............

Jan 29, 2010
33
6
0
පුංචි පහේ මං..............

මෙවර සිරසක් නැතිවුන්ගේ නාළිකාවේ පුංචි පහේ මං වැඩසටහනට සහභාගී වූයේ දයාසිරි ජරාජසේකර මැතිතුමා ය. ගියවර ජනාධිපතිවරණයේ දී sms ජනාධිපති පත් කර මුළු ලෝකය ම හිනැස්සු එකී කවට නාළිකාව මෙවර ව්‍යාජ මධ්‍යස්ථ බවක් පෙන්වීමට මේ ප්‍රශ්න මාලාව සකසා ඇත. එහෙත් මෙහි ඇතැම් පිළිතුරු උඩයට මාරු වී ඇත. ඇතැම් පිළිතුරු පාත්ත සන්ධානය අප හමුවේ මවාපාන වර්තමාන දේශපාලන පරිසරයට උචිත ලෙස සකසා ඇත.

ලංකාවේ රජවරු කී දෙනකේ පාලනය කළා ද?
1187

ඒ අතරින් රට එක්සේසත් කළ රජවරු කී දෙනා ද?
11

මේ නාමාවලියට අලුතින් නම ඇතුළත් කරගත් රජතුමා කවුද?
සරත් ෆොන්සේකා

රුවන්වැලි සෑය තැනුවේ කවුද?
දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර නම් සෙනවියා

තොප්පිගල වනාන්තරයක් බව සොයා ගත්තෙ කවුද?
දොන් ජුවාන් වික්‍රමසිංහ

ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බව පැවසූ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියා කවුද?
ලක්ෂ්මන් කිරිඇල්ල

කළුතර නම් දරන්නේ මැංගුස්ටින් සඳහා නම් අම්බලන්ගොඩ ප්‍රසිද්ධ මොනවාට ද?
රූකඩවලට

1964 රු. 75 000ට ශ්‍රීලනීප ආණ්ඩුව පාවා දුන් උතුමාගේ පුත්‍ර රත්නය කවුද?
අවමංගල හැකරවීර

එවන් උතුමන් ගොඩ නැඟු පාත්ත සන්ධානය යහපාලනය ගොඩ නැගීමට සහ දූෂණ මුලිනුපුටා දැමීමට මන්ත්‍රිවරයෙකුට ලබා දෙන තුටු පඬුරේ වටිණාකම කීය ද?
ලක්ෂ 300යි

ඩෙන්සිල් කොබ්බෑකඩුව මුල් වී ඇරඹු ජයග්‍රාහි වඩමාරච්චි මෙහෙයුම ඉන්දිය බලපෑම් හමුවේ නතර කළේ කවුද?
එකල හමුදාපති ජේ.ආර්.ජයවර්ධන

සිය ධූරයේ සිට ඇමරිකන් ග්‍රීන් කාඩ් ඉල්ලූ ලොව ප්‍රථම හමුදාපති කවුද?
මහින්ද රාජපක්ෂ

තැන තැන කඳවුරු බැඳ සිටි සොළින් එළවා රට එක්සේසත් කළේ 2 වන පැරකුම් රජතුමා (1250-1285) නම් 2009 ලංකාව එක්සේසත් කළ රජතුමා කවුද?
සරත් ‍ෆොන්සේකා

තමා හමුදා පාලනය ගැන මිස දේශපාලනය කිසිවක් නො දන්නා බවත් දේශපාලනයට පැමිණිය හොත් ලොව අසාර්ථකම දේශපාලකයා තමා වන බවත් පැවසුවේ කවුද?
මහින්ද රාජපක්ෂ

'ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත' නමැති රුවන් වැකියේ ඊළඟ පදය කුමක් ද?
‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
දෙකක් කළොත් අවසානෙදි දෙක ම නැත’
 
  • Like
Reactions: Jack_Sparrow

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
'ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත' නමැති රුවන් වැකියේ ඊළඟ පදය කුමක් ද? ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත දෙකක් කළොත් අවසානෙදි දෙක ම නැත’
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: