ඔන්න මමත් එකක් ලිව්වා... හිතට ආපු ගමන් තමයි ලිව්වෙ...
විනාඩි 5ක් වගේ ගියෙ....
මේකෙ තාලය 6*8![]()
බලන්න හොදයිද කියලා...
මහ සාගරයෙන් වටවුන
මුතු මැනිකෙන් පිරි ඉතිරුන
දස දෙස ජය දද නැංවුන
සිරිලංකාවේ.............
ඉතිහාසෙම යලි ලියවුන....
ලළිත කලාවෙන් හැඩවුන
විශ්වයෙ නෑකම කියවෙන
ජාලයක් තියේ..............
ඒ........
එළකිරි.කොම්.......
එළකිරි .කොම්..........
දහසක් විසිතුරු ඉතිරුනු
එළකිරි.කොම්.......
ෆේස්බුකින් ඩල්වී යන...,
ටුවිටර් එක පිස්සු හැදෙන....
කරදර ජරමර වටවුන
අපේ ලෝකයේ...........
වැඩකිඩ පෙන්නා ලෝකෙට...
ආවිට ගෙදරට හවසට......
නැතුවම බැරි හෝම් පේජ් එක
එයයි ජීවිතේ.............
ඒ.......
එළකිරි.කොම්.......
එළකිරි .කොම්..........
දහසක් විසිතුරු ඉතිරුනු
එළකිරි.කොම්.......
සාහිත්‍යය පතුරවමින්....
තාක්ෂණික ලොව දිනමින්....
ගීත ලොවම එළි කරමින්
සිරි ලංකාවේ..............
එක පව්ලේ සොයුරන් මෙන්....
සැප දුක් විද එක විලසින්....
දින දින දියුණුව ලබමින්....
පෙරමුන ගමු දැං....................
ඒ........
එළකිරි.කොම්.......
එළකිරි .කොම්..........
දහසක් විසිතුරු ඉතිරුනු
එළකිරි.කොම්.......
ඒ........
එළකිරි.කොම්.......
එළකිරි .කොම්..........
දහසක් විසිතුරු ඉතිරුනු
එළකිරි.කොම්.......
![]()
උබෙන් ඉතින් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද, උබ හෑම තිස්සෙම ඉන්නෙ ගිටාර් එක උස්සගෙනනෙ



පට්ටයි බන්, සුපිරි




..උඹට සිංදු ලියන්න පුළුවන්නේ එළට...
දැං කාලෙ යන විදිහටයි ලිව්වෙ... බෑන්ඩ් එකකින් මියුසික් කලත් අවුලක් වෙන එකක් නෑ නෙ මේ විදිහට ලිව්වම නේද..
... .නමුත් 6/8 යන කොට උඹ කියනවා වාගේ බැන්ඩ් එකක ideas වැදගත් වෙනවා..පොඩි Kick එකකටත් බැන්ඩ් එකක් විදිහට පර්ෆර්ම කරද්දි එකේ ගතියක් තියනවා....