පුංචි හදට සුවය දෙන්න පාගමන හෙට

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
පුංචි හදට සුවය දෙන්න පාගමන හෙට

ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් පෙබරවාරි 14 වැනි දින ක්‍රියාත්මක කෙරෙන “පුංචි හදට සුවය දෙන්න“ මනුෂ්‍යත්වයේ පාගමන සහ අරමුදල් එකතු කිරීමේ වැඩසටහන අඟහරුවාදා (14) පෙරවරු 8ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වේ.

පාගමන කොළඹ කොටුවේ සිට බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන් කෙරෙන අතර අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත දස මහල් හෘද සහ දැඩි සත්කාර ඒකක සහිත රෝහල් පරිශ්‍රය ගොඩනැංවීම උදෙසා ආරම්භ කළ ‘ලිට්ල් හාට්ස්‘ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම පිණිස මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

තරුණ තරුණියන් 1000ක් සමග දිවයිනේ ජනප්‍රිය ක්‍රීඩකයින් කලාකරුවන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

වැඩි විස්තර සඳහා http://www.shraddha.lk/little-hearts/ පිවිසෙන්න.


Source
 
  • Like
Reactions: SaCy.StYLe