සුවිශේෂී චරිතයක් වූ රනිල්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,702
    4,444
    113
    117118948_131913825257949_7278517874733030091_n.jpg

    රනිල් එක්ක කතා කරලා තියනවද..?
    ✋
    ✋

    රනිල් එක්ක කතා කරලා කාටවත් දින්න බෑ.. ඔහු දේශපාලනය අතින් ගත්තම හොද පිතිකරුවෙක්.. දාන දාන බෝලෙට 6ක් ගහනවා.. දැකලා ඇති නේ..
    😐

    රනිල් එක්ක මිනිත්තු 30 ක් කතාකළොත් හොඳ පොතක් කියෙව්වා වගේ තමයි. ඒත් ඒ බහුශ්‍රැතබව රනිල්ගෙ මෑත ඉතිහාසෙ වැඩවල අපි දැක්කෙ නෑ... හැබැයි 'අධ්‍යාපන ඇමති රනිල්' , 'කර්මාන්ත ඇමති රනිල්' සහ 'තරුණ කටයුතු ඇමති රනිල්' නං අපි දැකපු 'අගමැති රනිල්'ට වඩා ගව්ගාණක්
    ඉස්සරහින් හිටපු චරිතයක්.
    2000 ඉඳන් 2015 වෙනකම්ම රනිල්ව එ.ජා.ප.යේ නායකත්වයෙන් එලවන්න සෑහෙන පිරිසක් ගේම් ගැහුවත් ඒ කාටත් අන්තිමට එ.ජා.ප.යෙන් යන්න සිද්ධවුණා මිස රනිල් එලවන්න නං හම්බුණේ නෑ. එහෙම වුණු 70 ගාණක් ඉන්නවා.
    එ.ජා.ප.ය වගේ පක්ෂයක නායකකම දශක දෙකක් තිස්සෙ මොන දහංගැට ගහලා හරි එහෙම අල්ලන් ඉන්න බෑ රනිල් කියන්නෙ දුර්වලයෙක් නම්...
    රනිල්ගෙ මං දැකපු වටිනාම ගුණය තමයි ඕනම විවේචනයක් , අපහාසයක් ,
    පහරදීමක් , පරාජයක් , කඩාවැටීමක් දරාගෙන ඉවසීමෙන් ඒ තත්වයට මුහුණ දෙන්න ඔහු සතුව තිබ්බ හැකියාව. රනිල් දුර්වලයෙක් වුණානං එහෙම පැවතෙන්න බෑ...
    රනිල් කියන්නේ වෙන රටවල් තරහ කරගන්න කැමති මනුස්සයෙක් නෙමෙයි.. ඒක නිසා රටේ තියෙන සම්පත් ඉල්ලුපු පමාවෙන් දීලා දැම්මා.. ඒකත් රනිල්ට කෙලවුන තැනක්.. ඒ වගේම දුරකතනය, රූපවාහිනිය වගේ දේවල් ලංකාවට මුලින්ම හදුන්වාදුන්නෙත් ඔහු.. ඔහුගේ කාලයේ ලංකාවේ ඇගලුම් කර්මාන්ත ආශ්‍රිතව සෑහෙන්න සේවයක් උනා.. රනිල් වැඩක් කලා.. හැබැයි ඒ වගේම ඔහු අනාගත්තා..
    රනිල් වටේ උන්ව සෑහෙන්න විශ්වාස කලා.. 2015 මහින්ද රාජපක්ෂ ඉගෙනගත්ත පාඩම වත් එයා ඉගෙනගත්තේ නෑ කියලයි අපිට හිතෙන්නේ.. අන්තිමට සජිත් රනිල්ගේ සේරම චන්ද ටික අරන් වෙනම පක්ෂයක් හැදුවා.. රනිල්ට එතනිනුත් කෙල උනා.. විතරක් නෙමෙයි ඔහුට යන්න දීලා ඓතිහාසික වැරැද්දක් කරගත්තා..
    රනිල් මහින්ද ලගම මිතුරෝ.. හැබැයි මහින්ද තරම් රනිල් කපටි නෑ.. මහින්ද අන්තිමට ගහපු සුපිරිම ගේමෙන් රනිල්ට යන එන මං නැතිකලේ රනිල්ගේ රෙකෝඩ් එකත් පරාද කරලා.. හැබැයි රනිල්ට තේරුනේ පරක්කු වෙලා..

    🔕
    වැදගත්ම එක මේක...
    වරක් 1950 දශකයෙදි ක්‍රිකට් ක්‍රීඩාවෙන් වේලාසනින් සමුගත්තු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ගෙන් විචාරකයෙක් ඇහුවා "ඇයි ඔබ තව කාලයක් ඉන්න පුළුවන්කම තියෙද්දි දැන්ම සමුගත්තේ?" කියලා. ඒ ක්‍රීඩකයා අපූරු උත්තරයක් දුන්නා.
    " මම කැමති නෑ කෙනෙක් මගෙන් අහනවට ඇයි ඔයා යන්නෙ නැත්තෙ කියලා.
    මම කැමතියි කෙනෙක් දවසක මගෙන් අහනවට ඇයි ඔයා ගියේ කියලා. ඒකේ අර්ථය මම තව හිටියනං හොඳයි කියන එක. ඉතිං අපි යන්න ඕන - මිනිස්සු
    අපිට යන්න කියලා 'නොකියා කියන දවසක්' එන්න කලින්."
    කොච්චර බහුශ්‍රැත වුණත්, ඉවසීමේ ශක්තිය තිබ්බත් අවාසනාවට රනිල් මේ ටික තේරුම් අරගෙන හිටියෙ නැහැ කියලා මට හිතෙනවා.
    ඉතිම් රනිල් දැන්වත් බණක් භාවනාවක් කරගෙන, ඝෘජුව දේශපාලනයට එන්නැතිව ඉන්නවා නම් හැමෝටම හොදක් වෙයි කියන එකයි අපේ මතය. හැබැයි රනිල් ලංකාවේ ප්‍රභලතම පක්ෂයට කල විනාශය ගැන නම්.. නිවී සැනසිල්ලේ පසුතැවිලි වනවාට කිසිදු සැකයක් නෑ..


    117039282_131922541923744_1280357058950313348_n.jpg


    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.
    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.
    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.
    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.
    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.
    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න
    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.
    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)
    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම
    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .
    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.
    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.
    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .
    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.
    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.
    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.
    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.
    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)
    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම
    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.
    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (
    😭
    .I.)
    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.
    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.
    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.
    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.
    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.
    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.
    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.
    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.
    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.
    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.
    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.
    51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
    වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.
    52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
    53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.
    54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.
    55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
    56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.
    57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම

    ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ රනිල් වික්‍රමසිංහ අද දින එක්සත් ජාතික පක්ශ නායකත්වයෙන් ඉල්ලා අස්විය. කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද ඔබේ විවේචනයට ලක්විය හැක. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති කරන්න තරම් කාරුණික වෙමු. ඔබට සුභ විශ්‍රාම දිවියක් ගරු හිටපු අගමැතිතුමනි
    🙏


    From : FB
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බෙල්වුඩ් මාත් ගිහින් තියේ. අද තමා දන්නේ මෙයා කරපු එකක් කියලා. තරුණ සේවා සභා පිහිටුව ඒකෙන් නන් ගොඩක් vocational education පැත්ත ඉස්සරහට ආවා. මන් හිතන් හිටියේ ඒක මහින්ද කරපු එකක් කියලා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ ටිකත් ඕකට ඇඩ් කරන්ඩ තියෙන්නේ මේ තියෙන්නේ කරපු තවත් හොද වැඩ ටිකක්,

    සමසාකච්චා කියලා කොටින්ට ඕන දෙයක් ගෙනියන්ඩ A9 එක ඇරලා දුන්නා සහ කොටින්ට රාජත්‍රන්තික පහසුකම් ලබා දීම
    ධවල පත්‍රිකාවක් ගෙන එම (පාස් උනේ නැ)
    මිලේනියම් සිටි පාවාදීම
    මහා බැංකු කොල්ලය
    බටලන්ද වධකාගාරය
    රුපියල් කොටි ගණනක ආයුද විනාශ කිරීම

    තව හොද වැඩ තියනවා කම්මැලියි ටයිප් කරන්ඩ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    බෙල්වුඩ් මාත් ගිහින් තියේ. අද තමා දන්නේ මෙයා කරපු එකක් කියලා. තරුණ සේවා සභා පිහිටුව ඒකෙන් නන් ගොඩක් vocational education පැත්ත ඉස්සරහට ආවා. මන් හිතන් හිටියේ ඒක මහින්ද කරපු එකක් කියලා.
    Mahinda thama ban kare
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,605
    113
    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.


    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම

    පට්ටපල් බොරු කියන්න එපා යකෝ. ඕවා කියපං 2000න් පස්සේ ඉපදුන/ඉතිහාසය නොදන්නා ලොන්තයන්ට. රනිලා කලේ දිගු දුර මෙහෙයුම් බලකාය විනාශ කරපු එක.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.
    දන්න කෙනෙක් කියන්න මේකත් අර රන්මිනිතැන්න වගේ තැන්කද??
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    එලියට ඇදලා දාන්න කලින් ගියා නම් ඔහොම වෙන්නෙ නෑ.
    Correct... He may have done all these things. But he lacks leadership. Also many things he utters gets turned into a joke. Whereas there are others who really utter jokes and the public takes them as real. :P
    He failed miserably with the mandate given the last time. He came to catch the thieves, but he protected them. He is instrumental in many cover ups, eg WimalW etc and also got involved in the bond scam (even the bond scam was done continuously for over a decade). People lost all faith in him. Not doing what he promised was the final nail in the coffin. He should have gracefully resigned a few years ago.
     
    • Like
    Reactions: D_Mad

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    යකෝ.. මේකෙ කියල තියෙන විදියට රනිල් තරම් රටට වැඩ කරපු තව කවුරුවත් නෑ වගේනේ. මේව හොදයි පොතක් පතක් බලන් නැති ටීවී ඉන්ටර්නෙට් යූස් කරන් නැති රනිල්ට කඩේ යන නාකි පප්පලට.

    රනිල් කියන්නෙ ඔය කියන තරම් මොලයක් නම් එයාට ඇයි තේරුනේ නැත්තෙ මෙහෙම ගියාම පක්ශෙට කෙල වෙනව කියල. රනිල් පක්ශෙට කෙලවපු පලවෙනි පාර නෙමෙයි මේ. 1994 නායකයා උන දවසෙ ඉදන් 2020 අද වෙනකන් හරි බලයක් ගන්න බැරි උනා. ( 2001 ගත්ත එක තියගන්න වත් බැරි උනා. 2015 සිරිසේන ව ඉස්සරහට දාල අරන් නටපු පිස්සුව ගැන මන් ආයෙ කියන්න ඕනේ නෑනෙ.) රනිල් කියන්නෙ මන් දැකපු දුර්වලම නායකයෙක්. ( වෙන නායකයෙක් යටතේ ඇමති කෙනෙක් විදියට සමහර විට හොදට වැඩ කලා වෙන්න පුලුවන්. ඒත් නායකයෙක් විදියට 100% ක් ෆේල්.)

    මට හිතෙන විදියට රනිල් ට මෙහෙම වෙන්න හේතුව තමයි රනිල් මිනිස්සු ගැන නොදන්න කම. රනිල් කියන්නෙ කොලබ කොල්ලුපිටියෙ ඉපදිලා එතන ඉදන් පයින් යන දුර තිබ්බ රෝයල් එකට විතරක් ඉස්කෝලෙ ගිහින් ඊට පස්සෙ එතන ඉදන් පයින් යන දුර තියෙන කොලබ විශ්වවිද්‍යාලෙට ගිහින් උපාදි ගත්ත කෙනෙක්. ( පිටරට ගිහිනුත් ඉගෙනගෙන තියෙනව) රනිල් ලංකාවෙ මිනිස්සු කියල හරියට දැකල තියෙන්නෙ කොලබ මිනිස්සු විතරයි. ( ඒකනේ චන්ද රැස්වීමට ගියත් චුයින්ගම් දෙන්නම්, ඩෙනිම් කලිසම් දෙන්නම්, ෆ්‍රී වයි ෆයි දෙන්නම් කියන්නෙ). රනිල් ගමේ මිනිස්සුන්ව දැකල තියෙන්නෙ ට්‍රිප් ගිහින් විතරයි. රනිල් ඒ මිනිස්සුන්ගෙ ජීවන අරගලය දන්නෙ නෑ.

    රනිල් ගෙ හැසිරීමෙන් පවා මේක හොදටම තහවුරු වෙනව. උදාහරනයක් විදියට බ්ලූමැන්ඩල් කුනු කන්ද කඩන් වැටුන වෙලාවෙ එතනට ගිය රනිල් ව මතක් කරගන්න. කොරෝනා මුකුත් තිබිලා නෙමෙයි රනිල් එදා එතනට ගියෙත් ගද ඉවසන්න අමාරුයි කියල මාස්ක් එකක් දාගෙන. තමන්ගෙ රටේ නායකයගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ඒ වගෙ හැසිරීමක් නෙමෙයි. උදාහරනයක් විදියට මහින්ද ඔතනට ගියානම් මාස්ක් දාගෙන යන් නෑ. එහෙනම් එතන හිටිය ලමයෙක් වඩාගෙන, ආච්චි කෙනෙක් ගෙ ඔලුව අතගාල එහෙම එන්නෙ. :p

    රනිල් කියන්නෙ කියන තරම් ආර්තික ඔස්තාර් කෙනෙක් නම් ඇයි රනිල් හම්බන්තොට වරාය වික්කෙ. ඇයි ත්‍රිකුනාමලේ තෙල් ටැන්කි ටික ඉන්දියාවට දුන්නෙ. තෙල් මිල අඩු වෙන වෙලාවක් එනව කියන එක රනිල් ගෙ ලොකු මොලේට තේරුන් නැද්ද. නැත්තම් දුර නොබල මේ වෙලාවෙ සල්ලි ටිකක් ටක් ගාල කඩා ගන්නෙ කොහොමද කියල හිතුව නෙමෙයිද? මහින්ද ණය ගත්ත කියල නහයෙන් අඩල අඩල බලයට ඇවිත් මහින්දගෙ කාලෙ ගත්ත වගේ තුන් ගුනයක් ණය ගත්ත එකද රනිල්ගෙ මොලෙන් ගහපු ගේම.

    රනිල් එක දේකට දක්ශයි. ඒ මොන ගේම ගහල හරි නායක කමේ ඉන්න. ඒක මන් පිලිගන්නව. දැන් උනත් මිනිහ කරන්නෙ ඒක. දැන් නායකත්වය ගන්න තරම් එකෙක් යූන්පී එකේ ඉතිරි වෙලා නෑ ( සමගි ජන මෙව්ව එකෙත් නෑ). රනිල් දැන් යන්න හැදුවම "අම්නේ යම්න එපා. සර් වගේ වෙම්න නායකයෙක් අපිට නෑ" කියන සෙට් එකක් රනිල් බිහි කරල ඉන්නව කියල රනිල් දන්නව. උන්ටික මේ වගෙ නහයෙන් ඇඩුවම "හරි හරි මන් යන් නෑ. මන් ඉන්නම්" කියන අන්තිම තුරුම්පුවත් ගහන්න රනිල් බලන් ඉන්නෙ. ( ඒක සාර්තක නොවේවා කියල පතමු)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෙල්වුඩ් මාත් ගිහින් තියේ. අද තමා දන්නේ මෙයා කරපු එකක් කියලා. තරුණ සේවා සභා පිහිටුව ඒකෙන් නන් ගොඩක් vocational education පැත්ත ඉස්සරහට ආවා. මන් හිතන් හිටියේ ඒක මහින්ද කරපු එකක් කියලා.
    hqdefault.jpg
     
    • Like
    Reactions: D_Mad and 2osama

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දන්න කෙනෙක් කියන්න මේකත් අර රන්මිනිතැන්න වගේ තැන්කද??
    nope.. රූපවාහිනී ගම්මානය කියලා කිව්වට ඕක කලා නිකේතනයක්. නවක ගායකයෝ, වාදකයෝ එහෙම බිහි කරපු, තරුණ සේවා සභාවට අයත් තැනක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ලියපු එකා ප්‍රේමදාස ලලිත් ගාමිණිල කරපුවට රනිලගෙ නම දාල..ඕව හොදයි ඉතින් ඉතිහාසය නොදන්න උන්ට නම්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රනිල ගේ හෝදා නරක දෙකම තියෙනවා
    කොහොම උනත් දේශපාලකයන් විදියට සාර්ථක නැහැ . ලංකාවේ හිටපු බලයට කෑදර වෘකයා
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    ඔය 1978-1994 වෙනකම් කරපු වැඩ ඔක්කොම වගේ jr ලොක්කගේ අදහස්. රනිල්ට කියල කෙරෙව්වා. තනියෙන් රනිල්ට කරන්න වුනු 2001-2004 සහ 2015-2019 තනිකර අනා ගත්ත. රනිල් කියන්නේ අම්බ කපටියෙක්, නුල් සුත්තර කාරයෙක්. අනික පොරට මහලොකු දැක්මක් වත්, මහන්සි වෙලා වැඩකරන්න ඕනේ කමක්වත් නැහැ.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    internet ලංකාවට අදුන්නලා දුන්නෙත් මෙයාලු ..අපි දන්නෙත් නැහනේ..පට්ට නාකිය රටයි පක්ෂෙයි කාල ගියේ