කවුද ලොක්කා
මිනිස් සිරුරක තිබෙන අවයව අතර දවසක් විවාදයක් ඇතිවුනා. කවුද වඩාත්ම
වැදගත් කියලා.
මොලය කිව්වා ‘ඕක කතා කරන්නත් තරම් දෙයක්ද? මමනේ සිරුරේ ලොක්කා. මමනේ මුළු සිරුරම පාලනය කරන්නේ’ කියලා.
ඊළඟට කට ඇරියේ රුධිර සංසරණ පද්ධතිය.’ හුහ්, මම ඇඟ පුරාම නිවැරදිව ලේ ගමනාගමනය නොකෙරෙව්වොත් කෙරිලා තියෙයි, තමුසෙගෙ මොලේ වැඩ. ලේ නැත්නම් තමුසෙටත් කෙලවෙනවා මතක තියාගන්නවා’ කියලා රුධිර සංසරණ පද්ධතිය කිව්වා.
මේ කතාවට හදවතට කේන්ති ගියා. ‘ඇයි යකෝ මම නේද පොම්පයක් වගේ නොනැවතී මුළු ජීවිතකාලය පුරාම වැඩ කරමින් ජීවිතය රැකගන්නේ’ කියා ගෝරනාඩු කළා.
ඔය විදිහට එක එක අවයවය තමන්ගේ වැදගත්කම වර්ණනා කරා.
අන්තිමට කතාකලේ ගුද මාර්ගයයි. ඇයි මම වැදගත් නැද්ද? ගුද මාර්ගය ඇහුවා.
‘හීහ් හී………….කියාපන් බලන්න උඹේ තියන වැදගත්කම?’ අනික් ඉන්ද්‍රියයන් ඇහුවා. ‘ඇයි මමනේ අනවශ්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ’ කියලා ගුද මාර්ගය කිව්වා. ‘අනේ උඹේ රෙද්දේ කළමනාකරණය. නිකං කට වහගෙන හිටපං’ කියලා අනික් ඉන්ද්‍රියයන් කිව්වා.
ගුද මාර්ගය වහාම වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඉක්මනින්ම මොලය ක්‍රියා විරහිත වෙන්න වගේ ඔලුව කැක්කුමක් ඇතිවුනා. ආමාශය ගල් වෙලා වගේ දැනුනා, ලේ සීතල වෙලා වගේ ගියා. හෘදය වස්තුව නවතින්න යනවා වගේ දැනුනා. අන්තිමට ඒ ඔක්කොම කිව්වා ‘හරි හරි උඹ තමයි ලොක්කා ඔය ස්ට්‍රයික් එක නවත්තාපන්’ කියලා.
කොහේ හරි අයිනක තියන, වැඩක් නෑ කියලා හිතෙන පුංචි හිලකින් වුනත්, ලොකු වැඩ කරගත හැකිය.


