එළඹෙන සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සහ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපොහොසත් වුවහොත්, ජූනි මාසයෙන් පසු මුළු රටට ම අඳුරේ සිටීමට සිදු වන බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා අනතුරු අඟවයි.
ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කළේ, අද දෙරණ බිග් ෆෝකස් වැඩටහනට එක්වූ අවස්ථාවේදී ය.
ජූලි මාසයේදී ඩොලර් බිලියන 1 කණයක් පියවීමට තිබුණ ද ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් හෝ පියවීමේ හැකියාවක් මෙම අවස්ථාවේ නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ ණය ගෙවීම සඳහා ඉදිරි මාස දෙක තුළ සියලු ආනයන නවතා ලැබෙන සියලු ආදායම් එකතු කළ යුතු බව ඔහු පැවසීය.
එසේ සිදු කළහොත් රටට අවශ්‍ය ඖෂධ, විදුලිය, ඉන්ධන සහ ගෑස් වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගහත වන බව ඔහු පෙන්වා දුන්නේය.
සභාතිවරයා අවධාරණය කළේ, පවතින තත්ත්වය බරපතළ බව ය.
රජයක් නොමැති පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු නොකරන බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයෙකු අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
"මම දන්නේ නෑ අපේ රටේ මහ ජනතාව බහුතරයක් දන්නවා ද කියලා. අපි IMF එකේ discussion එක මේ සුමානේ පටන් ගත්තේ නැත්නම්, අපි මේ සුමානේ අපේ delegation එක IME එකට යවලා අපේ discussion පටන් ගත්තේ නැත්නම්... ඒ වගේ ම අපේණය ප්‍රතිව්‍යුහගත කරන එකට වහා ම මූල්‍ය උපදේශ කෙනෙක් පත් කරලා එන සුමානේ මේක කළේ නැත්නම්, අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්නේ නැහැ. අපි ඊළඟ දිනය ගෙවන්න තියෙන්නේ 1 billion dollars ජූලි මාසේ. අපි මේ දෙක කළේ නැත්නම් මම දකින හැටියට, කෙටියෙන්ම කියනවා නම් මුළු රටට ම අඳුරේ ඉන්න පුළුවන් ජූනි මාසෙන් පස්සේ.
අපේ තියෙන තත්ත්වය අනුව 1 billion නෙමෙයි, 100 millionවන් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මොක ද අපේ reserves වලින් තමන් අපිට 1 billion dollars ගෙවන්න වෙන්නේ. එතකොට අපේ reserves වලින් 1 billion dollars ගෙවනවා කියන්නේ, අපිට ඊළඟ මාස දෙකේ කිසි ම import එකක් කරන්නේ නැතුව අපිට එන ආදායම් ඔක්කොම එක්කහු කරලා ඒක ඉතුරු කරන්න වෙනවා 1 billion dollars ගෙවන්න.
එනකොට මේ රටේ බෙහෙත් නෑ. මේ රටේ ලයිට් නෑ. මේ රටේ තෙල් නෑ. Indian Credit Line එක එවන නෙල්ටික මම හිතන්නේ මැයි මාසේ අග වෙනකම් යයි වැඩි ම වුණොත්. ඊට පසේ අපි කොහොම ද අපේ නෙල් supply එක අපි පවත්වාගෙන යන්නේ, අපි කොහොම ද ලයිට් දෙන්නේ? අපි කොහොම ද ගෑස් දෙන්නේ? අපි කොහොම ද බෙහෙත් දෙන්නේ? කියන ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා.
මම දකින හැටියට මේ IMF discussion එකයි debt restructuring එක යි පටන් ගන්නේ නැත්නම් වහා ම ජූනි මාසෙන් පස්සේ මම හිතන්නේ ලයිට් තියෙන එකක් නැහැ.
ඒ නිසා තත්ත්වය ඉතා ම උග්‍රයි. බරපතළ යි. මේක බිල්ලෙක් නෙමෙයි.
IMF එක negotiate කරන්නේ නැහැ රජයක් නැත්නම්. IMF එක negotiate කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ. රජයක් ඉන්න ඕනේ."
#charuraalwis #adaderana #BIGFOCUS